රොමේෂ් මධුෂංඛ
යාපනය සරසවියේ කළමනාකරණ අධ්‍යන පීඨයේ සිව්වන වසරේ සිසුන් පිරිසක් අද (11) දහවල් බීමතින් උණුසුම් අයුරින් හැසිරීම හේතුවෙන් එහි සිසුන් සිවු දෙනෙකු තුවාල ලබා යාපනය මහරෝහලට ඇතුලත් කර ඇති බව යාපනය පොලීසිය කියයි.
අද දින උදෑසන මහපොළ ශිෂ්‍යාධාර අරමුදල් ලබාදීමෙන් පසුව යාපනය කළමනාකරණ අධ්‍යන පීඨයේ සිව්වන වසරේ සිසුන් පිරිසක් සරසවියෙන් එපිට ස්ථානයකදී මත්පැන් පානය කොට පසුව සරසවියට පැමිණ ඇති අතර එහිදී ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් සිසුන් සිවු දෙනෙකු තුවාල වී යාපනය රෝහලට රැගෙනවිත් ඇත.
අදාල ගැටුම ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර බීමතින් හැසිරුණු සිසුන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ගයක් ගැනීමට පාලනාධිකාරිය පියවර ගෙන ඇති අතරම අදාල ගැටුම සම්බන්ධයෙන් යාපනය පොලීසියද පරික්ෂණයක් ආරම්භ කොට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි හිතුවේ තල් රා කියන්නේ මොලේ පෑදෙන බීමක් කියලයි.
ඕකනේ අපි මතට තිත තියන්න හැදුවේ.
ලලිත් ඇතුලත්මුදලි මැතිතුමා, තමන් ජීවිතයේ විදේශ අධ්‍යාපන වියදම් වෙනුවෙන් (OXFORD සරසවියේ) සිදුවූ අමාරුකම් ගැන තේරුම් ගත නියාවෙන්, වෙළද අමාත්‍ය ධූරය දරද්දී මෙම මහපොළ ශිෂ්‍යත්වයන් මගින් ලාංකික විශ්ව විද්‍යාල සිසුන්ටත්, ප්ශ්චාත් උපාධිදාරින් වෙනුවෙන් ජාත්‍යන්තර ශිෂ්‍යත්වයන්ද ආරම්බ කළා. ඒවා හිමිකාරින්ට ලබාදුන්නා. එමගින්, රජය මගින්, නැවත අය කරගනු ලබන සිසු ණය ක්‍රමය අවසන් කළා. නමුත් අවාසනාවකට අද එම මුදල් වලින් මත්පැන් බොන්න ශිෂ්‍යත්වලාභින් පෙලබිලා. මෙය යාපනය විශ්ව විද්‍යාල සිසුන් අතුරින් සිදුවීමත්, යහපාලනය රට පාලනය කිරීමත් නිසා, කිසිදු දඩුවමක් නොලැබෙනු ඇත. කරුමයකට හෝ මෙය දකුණේ විශ්ව විද්‍යාලයක සිදු වුනානම්, එම සිසුන්ට අබ සරණයී.
ඕවා තමා මහපොළ ශිෂ්‍යාධාර වලින් කරන්නේ.
ඇයි මේක ලොකු ප්‍රශ්නයක් කර ගන්නේ?
ඔවුන්ගේ මහපොළ ශිෂ්‍යධාරය නවතා දමුවානම් ඉවරයි... මුදල් තියන නිසානේ එකේ අගයක් නැත්තේ
අපිත් ඒ කාලේ හොඳට කෑවා, බීවා... හැබැයි අපේ වියදමින්...
ඔන්න දැන් රෑ 10.00 වෙනකම් තැබෑරුම් ඇරලා තියෙනවා.