( තිළිණි ද සිල්වා )
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රන්තයේ සිටින ශ්‍රී ලාංකික දෙමළ සරණාගත පවුල් 39,730 ක පිරිසකගෙන් පවුල් 7200 ක් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රන්තයේ පුරවැසිකම ලබාදෙන මෙන් තමිල්නාඩු බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇතැයි තානාපති ආරංචි මාර්ග කියයි.
ඔවුන් ආපසු ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකි කාරණය වශයෙන් සඳහන් කර ඇත්තේ යුදසමයේදී ඔවුන් ජීවත් වූ ගම්මාන හා ඉඩම් වෙනත් පිරිස් අල්ලාගෙන තිබීම නිසා ඔවුන්ට ජීවත් වීමට ස්ථානයක් නොමැති බව එම ආරංචි මාර්ග වල වැඩිදුරටත් සඳහන් කර සිටී.
තමන්ට ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රන්තයේ පුරවැසිකම ලබාදෙන මෙන් තමිල්නාඩු ප්‍රන්ත නියෝජ්‍ය ප්‍රධාන අමාත්‍ය ඕ.පනීර්සෙල්වම් මහතා වෙත ඉදිරිපත් කර ඇති කරුණුවල සඳහන් කොට ඇත්තේ තමන්ගේ දරුවන් තමිල්නාඩු ප්‍රන්තයේ විශ්වවිද්‍යාලවල හා ඩිප්ලෝමා ලබාදෙන ආයතනවලින් අධ්‍යාපනය හදාරා සිටින බැවින් ආපසු ශ්‍රී ලංකාවට ගොස් ඊට ගැලපෙන අන්දමේ රැකියාවන් ලබා ගැනීම දුෂ්කර කාර්යක් බවයි.
එමෙන්න දැනට ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රන්තයේ සිටින ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයින්ගෙන් විශාල පිරිසක් ඉන්දීය ධීවරයින් සමඟ ධීවර කර්මාන්තයේ සහ විවිධ කර්මාන්ත ශාලා වල සේවය කරන බවද ඔවුන් සඳහන් කොට තිබේ.
තමිල්නාඩු ප්‍රන්ත නියෝජ්‍ය ප්‍රධාන අමාත්‍ය ඕ.පනීර්සෙල්වම් මහතා ගෙන් කළ ඉල්ලීමට ඔහු පිළිතුරු වශයෙන් ප්‍රකාශ කොට ඇත්තේ ඉන්දීය මධ්‍යම රජය සමඟ සාකච්ඡා කොට මේ ප්‍රශ්නයට පිළිතුරක් ලබා දෙන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ හොඳා මෙහෙ තිබෙන ඔබලාගේ බඩු මුට්ටු අපේ වියදමින් එවන්නම්.
තමිල්නාඩුවේම දෙන්න.
තමිල්නාඩුවට යන්න කැමති ලංකාවෙ ඉන්න අයටත් අවස්ථාවක් දුන්නොත් නරකද?
ඉන්දියාවේම ඉන්න එක ඒ ගොල්ලන්ට හොඳයි.
තමිල්නාඩුව කියන්නේ ද්‍රවිඩ ජාතිකයන්ගේ අවුරුදු දහස් ගණනක ඉඳන් නිජ බිම, ඔවුන්ගේ දරුවන්ට එහි නිදහසේ අධ්‍යාපනය කරන්න පුළුවන් නම්, රැකියා කරන්න පුළුවන්නම්, ඔවුන්ට එහි වාසය කැමති වෙන එක පුදුමයක් නොවේ. මේ වෙලාවේ ලංකාවේ රජයට කියන්න තිබෙන්නේ ඉන්දියාව කැමති නම් ඔවුන්ට ඉන්දියාවේ පුරවැසිභාවය දුන්නට අපට කමක් නැහැ කියලා. එහෙම වුනොත් ඔවුන්ගේ ලංකාවේ පුරවැසිභාවය අප අවලංගු කරන්නේ නැහැ කියලා. සිංහල අපිත් පිට රටවල ජීවත්වුණාට, ලංකාවට එනවා නෑයො බලන්න. දරුවන්ටත් අපි සිංහල උගන්වනවා. ලංකාවේ කෑම වර්ග ඉඩ ලැබුණු වෙලාවට ලංකාවේ කෑම වර්ග හදල දෙනවා කන්න. අපේ දරුවොත්, ඔවුන්ගේ දරුවොත් ඉදිරියේදී ලංකාවට එන්න කැමති වුණොත් ඒක පුදුමයක් නොවේ. මේ ද්‍රවිඩ මිනිසුන්ගේ පැත්තෙන් බැලුවොත් තමන්ගේ පාරම්පරික නිජ බිමේ ජීවත් වන්න කැමති වෙන එක සාධාරණයි.
කසුන් මහත්මයා මම අවුරුදු ගණනාවක ඉඳලා කමෙන්ට් දමන්නේ මේ නමින්... ඔව් මම ඉන්නේ ජර්මනියේ, ජර්මනියේ විතරක් නොවේ ලෝකේ පුරාම ඉන්න පාඨකයෝ...ලංකාදීප පුවත් පත අන්තර්ජාලය හරහා කියවනවා. අදහස් ලියනවා. සමහර පාඨකයෝ ඉතාලියේ ඉන්නවා. සමහරු ගල්ෆ් රටවල ඉන්නවා. ලංකාවේ ඉන්න පුද්ගලයනුත් බොහෝවිට තමන් පදිංචිවෙලා ඉන්න ගමේ, නගරයේ කොටසකුත් තම නික් නේම් එකට එකතු කරගන්නවා ලංකාවේ සිල්වාලා ගොඩක් ඉන්න නිසා මම මගේ අනන්‍යතාවය ආරක්ෂා කරගන්න ද සිල්වා බර්ලින් කියන නම භාවිත කරනවා. එ්ක ප්‍රශ්නයක් කරගන්න එපා.