වයින් ඇතුළු මත්පැන් අලෙවිසල් විවෘතව තබන වේලාව රාත්‍රී 10 දක්වා දීර්ඝ කර ඇතැයි මුදල් අමාත්‍යංශය පවසයි.
විදේශ මත්පැන් අලෙවි කරන හෝටල් , රෙස්ටුරන්ට් බියර් අලෙවිසල් , සමාජ ශාලාවල මත්පැන් අලෙවිසල් පෙරවරු 11 සිට රාත්‍රි 10 දක්වා විවෘතව තැබිය හැකිය.
රා තැබෑරුම් හල් පෙරවරු 11 සිට රාත්‍රි 9 දක්වා ද හෝටල් වල තිබෙන මත් පැන් අලෙවිසල් පෙරවරු 11 සිට රාත්‍රි 12 දක්වාද සිනමා ශාලා වල තිබෙන මත්පැන් අලෙවිසල් පෙරවරු 11 සිට රාත්‍රි 10 දක්වා විවෘතව තැබිය හැකිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහෝ ...සෝභිත හිමියනි !! ඔබ මුල්වී බිහිකළ යහපාලනය..... පින් ඔබ වහන්සේ අනුමෝදන් වෙත්වා....
ෂාහ් නියමයි, තිතට මත් උන හැකි............ යහපාලනයට ජය වේවා!!!!!!!!!!!!!
තමන්ව පාලනය කරගන්න බැරි අය කංකෙඳිරිගෑවට, 10 වෙනකම් ඇරල තිබුණ කියල බලෙන් පොවන්නෙ නැහැනෙ. අකමැති අය නොබී ඉන්න. 9 වෙනකොට ගන්න බැරිවුන අය ගනියි.
රට බලාන ඉද්දි දියුණුවෙනවා. ඊයේ කාන්තාවන්ට නිදහස දුන්නා.අද රෑ 10. හෙට පාසල් ළමුන්ට මත්පැන් පාසැලට ගෙන්න දෙනවලු.
තවත් අනගි වැඩක්. අපි ඉවරයි
මට තේරුම් ගන්න බැහැ මෙතුමා මොකද මේ මත්පැන් අල්ලාගෙන ඉන්නේ රටේ මෙච්චර ප්‍රශ්න තිබියදී
ජයසේකර, මීට ඉස්සර මිනිස්සු හරියටම 9 ඉස්සරවෙලා බෝතල් ගන්නවා. දැන් 10 ඉස්සර වෙලා ගනියි. බොන කෙනා බොනවා. ඔයා කියන විදිහට ආණ්ඩුවෙ ප්‍රශ්නයක් මෙතන නෑ. නිකන් ළිං ගෙම්බො වෙන්න එපා. මුලු රටේම බොන්න තහනම් කියලා නීතියක් දැම්මොත්, කසිප්පු මුදලාලිල ලැම්බොගිනිවලින් යයි
මේ වගේ අය එක්ක කොහොමද මතට තිත තියන්නේ???
රට සංවර්ධනයට මුල් පියවර
මේ මොකද්ද? කලින්ම විනාස කරන්න හදන අනාගතය. මේවා නැති කරන්න මිසක් තවත් වැඩියෙන් ඕනේ නැහැ. හවස හයට වහන්න කියන්න.
බොන කෙනා කොහොමත් බොනවා, කීයට හරි පෝලිමේ ඉඳලා. නොබොන කෙනා පැය 24ම ඇරලා තිබ්බත් බොන්නේ නෑ. මිනිහයි හැදෙන්න ඕන.
නියමයි ! ලංකාව නමැති ස්වයංපෝෂිත රටේ තිබුණු එකම අඩුව ඉවරායි. ජය වේවා
මහා නායක හාමුදුරුවනේ. අවදි වනු මැන.
ජයසේකර මහතාණෙනි මත්පැන් හල් වහල තිබුනොත් බොන කෙනා වැඩි මුදලට කළු කඩෙන් හරි අරන් බොනවා, එහෙම නැත්නම් කස්සිපු හරි බොනවා. පාර්ලිමේන්තුවේත් සමහරු බොරුවට කෑගැහුවට වැඩි දෙනෙක් බොනවා.
ඇති යාන්තම් ඇඟට දැනෙන වැඩක් කරා
යුරෝපයේ මත්පැන් සුපර් මර්කෙට් වලත් විකුනනවා , නමුත් බිල කුණුහරුප කියන , බිල රණ්ඩු කරන මිනිස්සු දකින්නේ ඉතා කලාතුරකින් , මේවට නීති දමන්න , දමන්න මිල වැඩි කරන්න කරන්න මිනිස්සු හිතන්නේ මේවා අති දුර්ලබ දෙයක් කියල , එතකොට මේවට තිබෙන ඉල්ලුම්ම ඉහල යනවා , හැමතැනම ලාබෙට තිබෙන කොට මිනිස්සු ඒවා පස්සේ එලවන්නේ නැහැ
කිරා බුදිද බං
මම හිතනවා මේක වැරද්දක් නොවෙයි කියල.
පහුගිය කාලෙ එතනෝල් හොරෙන් ගෙනල්ල එක ඇමති වරයෙක්ගෙ මත්පැන් කර්මාන්තශාලාවක සුරා බදු නොගෙවා විශාල ලෙස මත්පැන් නිෂ්පාදනය කරල තමයි මතට තිත තිබ්බෙ.
දැන් කාලය මහා සංෂරත්නය අවදි කරන්නට - වෙනස පැහදිලි අරමුණ කුමක්ද යන්න.
මත් පැන් පානය කියන්නේ බොහොම හොඳ දෙයක්. බීල බලන්න මොන තරම් හොඳට ඇඟට දැනෙනවද කියල. මෙය පාසල් විෂය මාලාවට ඇතුළු කලොත් මත් පැන් බී විනයානුකුලව හැසිරෙන ආකාරය මුල සිටම උගන්වන්න පුළුවනි. මත් පැන් බීම ස්වයන් රැකියාවක් වසයෙන් කරන ඩෝප් විශේසඥයන් පිරිසක් දැනටමත් ඉන්නවනේ!
මත්පැන් හල් 11 දක්වා වීවෘතව තිබීම යහපත් දෙයක් නෙමේ. එත් අද සමාජය මත් පැනට ලොල් සමාජයක්. හවස 5ට වැහුවත් බොන මිනිහා බොනවාමයි. හොඳම නිදසුන තමයි පෝය දවසට කලින් දවසේ බාර් වල තිබෙන පෝලිම. බොන අයට අලුත් වේලාවෙහි වාසිය තියෙන්නේ මදි හරිය වැඩි මිලට ගන්න රෙස්ටුරන්ට් ගානේ යන්න ඕන නෑ . සාමාන්‍ය මිලටම මදිටික ගන්න පුළුවන්.
පසුගිය ආණ්ඩුවේ තිබුන වැඩ හින්ද තමයි ඒක එලවල මේක පත් කරගත්තේ. යහපාලන ප්‍රතිපත්ති ප්රකාශනයේ මේවා නොකරන වැඩ විධියට තමයි ඇගෙව්වේ. අන්තිමට වුනේ ඉඟුරු දීල මිරිස් ගත්ත වගේ වැඩක්. අඩුම තරමින් ගිය ආණ්ඩුවෙන් කරගෙන ගිය යහපත් වැඩ ටිකක් හරි තිබුනානම් ඒ ටිකවත් ඉදිරියට අරගෙන ගියේ නැහැ මේ ආණ්ඩුවෙන්.
කලින් ඒවා හදන්න නේද මෙයාලා යහ පාලනයක් හැදුවේ.
රටක ඇල්කොහොල් අඩු කරන්න රජයක් විසින් කරන්න පුළුවන් සියලු දේට විරුද්ධ දේවල් මුදල් ඇමතිතුමා කරනකොට මතින් නිදහස් රටක් හීනෙට අපි යන්නේ කොහොමද?
ප්‍රංශයේ අපි දකින්නේ අඩියෙන් අඩිය බීම සල්. පලතුරු බීම. රාක්කයේම අනිත් කොනේ වයින්,බ්‍රැන්ඩි, එහෙම කියල පාරේ බීමතින් ඉන්න කෙනෙක් නැහැ. අනික බිම වර්ගත් මිල අඩුයි. ඕකත් අපේ රටේ ඡන්දය වගේ තමයි. තමන්ගේ විනය, අනුව උසස් මනසින් වැඩ කරන්ට ඕන.
ලොක්කා මතට සම්පූර්ණයෙන්ම විරුද්ධ හාදයෙක් නේද? එහෙනම් මෙසේ නීතිය වෙනස් වෙන්නේ කෙසේද? සරලව හිතා බැලුවොත් උන්දැට පහළ ඉන්න අයගේ පාලනය නැතිබවක් තමා පෙනෙන්නේ.
ලංකාවේ තිබෙන මත්පැන්වලට අයකරන අධික බද්ධ සහ යල්පැනගිය සුරාබදු නීති නිසා, පොහොසත් වෙන්නේ සුරාබදු නිලධාරියෝ. මෙම නීති රීති නැවත සලකලා බලන්න කාලය ඇවිත්.
ඉරිදා පත්තරේ දැක්කා මේ තීරණයට ජනාධිපති විරුද්ධයිලු. මම හිතන්නේ එතුමා පත්තරෙන් තමයි මේක දැකලා තියෙන්නේ. එතුමා මුකුත්ම දන්නේ නැහැ. අහෝ මෙහෙව් ලනුකන ලක්වැසි ජනතාව.