(රංජන් කස්තුරි)
රාජකාරියට පැමිණීමේදී සහ පිටව යාමේදී වේලාව සටහන් කිරීමට ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිත කිරීමේ යෝජනාවට විරෝධය දක්වමින් කොළඹ ජාතික රෝහලේ හෙද හෙදියෝ හෙට(11) සංකේත වර්ජනයක නිරත වීමට තීරණය කර ඇත.
කොළඹ ජාතික රෝහල, ඇස් රෝහල සහ කොළඹ දන්තායතනය යන ආයතනවලද හෙද හෙදියන් මෙම වර්ජනයට එක්වීමට නියමිතය.
රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සහ සමස්ත ලංකා හෙද සංගමයට අයත් හෙද හෙදියෝ එම සංකේත වර්ජනයට සහභාගී වන බවද සමස්ත ලංකා හෙද සංගමයේ ජාතික සංවිධායක එච්.එම්.එස්.බී.මැදිවත්ත පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක මාර කෙලියක්නේ? මේ කියන්නේ එ් ගොල්ලන්ට ඕනෑ ඕනෑ වෙලාවට එන්න දෙන්න කියලද?
නයිටින්ගේල් නෝනා ඉන්න තැනක ඉඳගෙන දෙහි කපනවා ඇති.
අනේ මන්දා අපේ රට පාලනය කරන්න කෙනෙක් නැති හැටි...
මේ ක්‍රමය සියලුම රාජ්‍ය ආයතන තුල ස්ථාපිත කලයුතුය.
ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතය ජාත්‍යන්තරව පිළිගත් නුතන නිවැරදි ක්‍රමයක්.... මේවා භාවිතකරන්න බැහැ කියන්නේ මේ අයගේ සාධන මට්ටම බොහොම පහළ බවයි. රටටම ලැජ්ජාවක්... විදේශ රැකියා ලබාගැනිමේදීත් මෙය බලපානවා.
අද බොහෝ පුද්ගලික ආයතනවල වගේම රජයේ ප්‍රධාන දෙපාර්තමේන්තු කාර්යාල වලත් ඇඟිලි සලකුණු මගින් වෙලාව සටහන් කිරීම ඉතා සාර්ථකව කෙරෙනවා. අද මුළු ලෝකෙම වගේ කාර්යාලවල සේවකයින් තම පැමිණීම සටහන් කරනේ මේ තාක්ෂණය මගින්. මෙයට විරෝධතාව දක්වන්න කිසිදු සාධාරන හේතුවක් නැහැ.
කරුණා කර ඉතා තදින් මේ නීතිය ක්‍රියාත්මක කරන්න. මහජනතාවගේ අගේ කිරීමට එය හේතුවක් වේවි. රටක නීතියක් තිබිය යුතුයි. නීතිය හැමෝටම උවමනා කරන අන්දමින් වෙනස් කල නොහැකිය. රජයේ සේවකයින් සැමට මෙය සුදුසු නම් නර්ස්ලට විතරක් බැරි මොකද?
රාගම සහ කළුබෝවිල රෝහලේ හෙද මණ්ඩලය ඉතාමත් හොඳයි. කැපවීමෙන් වැඩ කරනවා.
මොවුන් සේවයෙන් පහ කරන්න. හදන්න බැරි ජාතියක්. යන්නේ ආපස්සට.
ඇත්ත ලෝකේ ගෝත්‍රිකයෝ ඉතුරුවෙලා ඉන්න එකම රට. පාරක යන්න නෑ වාහන ඇඟට එන්නෙ. කඩේකින් දෙයක් ගන්න නෑ මොනවහරි ජරාවක් දීල සල්ලි ගන්නෙ. අවවාදයක් දුන්නොත් ගහන්න එන්නෙ. 365 දවසෙම පිරිත් බණ අහන අමනුස්සයෝ. මේ වගෙ දෙයක් ස්ථාපිත කරන එක හොඳ කටයුත්තක්නේ. හැබැයි හොරුන්ට වහකදුරු..
බැරි නම් නෝනේ ගෙදර ඉන්න දෙයියනේ කියල. රෝගීන් තවත් අසරණ නොකර.
ඇයි බැරි මමත් වැඩ කරන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රජයේ රෝහලක. අපි සියලු දෙනාම රෝහල් අධ්‍යක්ෂකවරයාගේ සිට සියලුම දෙනා මෙම ක්‍රමය භාවිතා කරනවා. ඔය යුනියන් තියෙන්නේ කප්පන් ගන්න නොවේ සාධාරන ප්‍රශ්න වලට විසදුම් වලට සේවක අයිතිවාසිකම් ආරක්ෂා කරගන්න. මේක මාෆියාවක් වෙලා මේකට විරුද්ද අයට දඩුවම් කලයුතුමයි
පරිපාලනය සම්බන්දව එන නීති වලට විරුද්ද වෙන්නේ පට්ට හොරු.
ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිත කිරීම හෙදියන්ට පමණක් සීමා කිරීම වැරදියි. මේ දේ කරනවානම්, රෝහලේ වෛද්‍යවරු, අධ්‍යක්ෂකවරු සහ අනිකුත් සියලු සුළු සේවකයන්ටත් මේ නීතිය එකසේ අදාල කල යුතුයි. ඔය කියන පිට රටවල, හෙදියන් පමණක් නොව කාර්ය මණ්ඩලයේ අනිකුත් සියලු දෙනාමත් ඔය නීතිය අනුගමනය කරනවා.
පොත අස්සන් කරන එකෙයි ඇඟිලි සලකුනු ගන්න එකෙයි වෙනස මොකක්ද? ඇඟිලි සලකුණු හොරට ගහන්න බෑ.
මම වැඩ කරන තැන ලොකු පොඩි වෙනසක් නැතුව සියලුම මැනේජෙර්වරු සහ සුළු සේවකයෝ ඇඟිලි සලකුණු වලින් තමයි රාජකාරී වෙලාව සටහන් කරන්නේ. ඇයි මෙයාලට විතරක් අලුත් නීතියක්.
අයියෝ මහින්ද මහත්තය හරි ගෝටාබය මහත්තය හරි හිටිය නම් පණ බයේ වර්ජන නෑ. ඇත්තටම ඒ දැක්ම හරි.
ඇඟිලි සලකුණු මඟින් වෙලාව සටහන් කිරීම රෝහලේ වෛද්‍ය අධිකාරි විශේෂඥ වෛද්‍යවරු හා අනෙකුත් පරිපාලන නිළධාරීන් තම ක්‍රියාවෙන් සිදුකර පෙන්නුවානම් අනෙක් අයට කරන්නම වෙනවා. ප්‍රශ්ණය ඉවරයි මෙකද එයාල වාහන එහෙම තියන අයනේ කොච්චර විතර කාලයක් රෝහලේ ඉන්නවද කියල බලන්නත් පුළුවන්.
රාජ්‍ය සේවය කියන්නේ මහජන සේවය.......... බදු ගෙවන ජනතාවට නිසි ආකාරයේ සේවය සපයා ගත යුතුයි........ මමත් වැඩ කරන්නේ පිට රටක මේ රටේ සියලු දෙනාම මෙම ක්‍රමය කරනවා............ අපේ රටේ මිනිසුන්ට හොරට සේවය කරලා පුරුදුයි.............
යෝජනාවට විරෝධය දක්වන්නේ ඇයි කියල කියන්නේ නැද්ද මෙයාල? කරුණාකරලා අන්න එක පොඩ්ඩක් හොයල කියන්න දන්නා කෙනෙක්.
සෑම රජයේ ආයතනයකටම මෙය අනිවාර්ය කල යුතුමයි.
ඔව් ඔව් ඔය අකමැත්තට හේතු තියෙනවා. රෝහල් සේවකයෝ/නගර සභාවේ සේවකයෝ ගොඩක් රාජකාරි පොත අත්සන් කරලා වෙන රැකියාවල් කරනවා. එ්කයි. ඇඟිලි සලකුණ දාපුවාම වැඩේ කරදරයි. තමන්ම එන්න ඕනි ඇඟිලි සලකුණ දාන්න වෙන කෙනෙක්ට බෑනේ. කාර්ඩ් එකනම් වෙන කෙනෙක් පන්ච් කරනවා. මාසේ අන්තීමට පඩිය ගානවා පොඩි ගානක් සුපර්වයිසර්ට දෙනවා. රෝහල් සුළු සේවකයෝ නෑ බැලුවොත්. පුද්ගලික අයනම් ඉන්නවා ලෙඩ්ඩු බලන්න එහෙම (සල්ලි වලට)
විශේෂ පනතක් සම්මත කරලා හරි ..මේ ක්‍රමය රාජ්‍ය අංශය තුල අනිවාර්ය කල යුතුයි............
බලාගෙන ගියහම අපේ බදු සල්ලි වලින් වැටුප් ලබන මොවුන් ඉල්ලීම් දිනාගන්නේ අපිව ප්‍රාණ ඇපයට අරන්. මොවුන් ප්රභාකරන්ගේ ත්‍රස්තයන්ටත් වැඩිය අන්තය.