ක.ග කරුණාරත්න
පොලොන්නරුව - හබරණ ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ස්කැමල් බර වාහනයක් මින්නේරිය බටු ඔය ප්‍රදේශයේදී අද (10) කළු පාලමෙන් පහළට පෙරළී යාම නිසා එහි රිය සහයකයෙකු තුවාල ලබා ඇතැයි මින්නේරිය පොලිසිය කියයි.
තුවාලකරු ප්‍රතිකාර සඳහා හබරණ රෝහලට ඇතුළත් කොට ඇත.
මෙම අනතුර හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනා ගමනය පැය 02 කට ආසන්න කාලයක් ඇනහිට විශාල රථ වාහන තදබදයක් ද පැවතුණි
මෙම අනතුර සිදුවන අවස්ථාවේ ප්‍රදේශයේ මද වැසි තත්වයක් පැවති බවත්, වාහනයේ තිරිංග තද කළ පසුව ලිස්සා ගොස් එය පාරෙන් ඉවතට පැන අනතුර සිදුවූ බවද එහි රියදුරා පොලිසියට ප්‍රකාශ කොට තිබේ.
මින්නේරිය පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම රබර් සේරෙප්පුවක්ම බාටා කියලා හඳුන්වනවා වගේ හැම ආටිකියුලේටඩ් ප්රයිම් මුවර් එකක්ම ස්කැමල් එකක් ලෙස හැඳින්වීම අපේ සිරිතයි . 50/60 දශකවලට පස්සේ ස්කැමල් ලංකාවට ගෙනාවේම නැතිතරම් . ඒ හැර මීට තිස් අවුරුද්දකට පෙර 1988 දී ස්කැමල් නිෂ්පාදනයත් නවත්වා දැම්මා.
මෙතන හැමදාම මෙහෙම ඇක්සිඩන්ට් වෙනවා. පාර කාපට් කරලා පුළුල් කරාට පාලම හදන්නේ නැතිකම නිසා