(කාංචන කුමාර ආරියදාස)
කාලයක සිට මින්නේරිය ගිරිතලේ රක්ෂිතය තුළ සිදුකරගෙන ගිය මහා පරිමාණ දැව ජාවාරමක් වටලා සැකකරුවන් තිදෙනෙකු සහ විශාල දැව තොගයක් අත්අඩංගුවට ගැනීමට දඹුල්ල පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමකට හැකිවිය.
දඹුල්ල මූලස්ථාන පොලිසියේ නිලධාරියෙකුට ලැබුණු දුරකථන ඇමතුමක් ඔස්සේ මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා විශේෂ පොලිස් කණ්ඩායමක් දඹුල්ල පොලිසියෙන් ගිරිතලේ මින්නේරිය රක්ෂිත බකමූණ රිදී ඇල්ල ප්‍රදේශයට පිටත් කරනු ලැබීය.
මින්නේරිය ගිරිතලේ රක්ෂිතයේ මහ පරිමාණ දැව ජාවාරම්කරුවන් මී , කුඹුක්, කළුවර, පලු ,හල්මිල්ල, මිල්ල , ආදි වටිනා ගස් රැසක් මේවනවිටත් කපා රැගෙන ගොස් ඇත.
එමෙන්ම රක්ෂිතයේ තිබූ පැරණි මී ගස් රැසක් කපා දැව ඉරා ඇති අතර.එහිදී දැව ඉරමින් සිටි පුද්ගලයන් තිදෙනකු සැකපිට අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවිය.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් තිදෙනාට අමතරව දැව ජාවාරම සිදුකළ ප්‍රධාන සැකකරු හා ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු සිටින බවත් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කොට ඔවුන් ද අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව දඹුල්ල පොලිසිය සඳහන් කරයි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලන හස්තයක අනුබලයකින් තොරව ලංකාවේ කිසිම හොරකමක් සිදු වන්නේ නැහැ. පොලිසියට පවා නීතිය හරි හැටි ක්‍රියාත්මක කරන්න බැරි බලවතුන් මේ අපරාධ පිටුපස සිටින නිසා. පොලිසියට ඉතුරුව ඇති විකල්පය හොරු අල්ලා ගෙදර යනවද නැතිනම් හොරුන්ට එකතු වී ආදායම වැඩි කරගෙන උසස් වීමක්ද ලබා ගන්නවාද කියන එක. යමපල්ලනේ ! මහපොළව උලා නොකා හැකි ඉක්මනට අපායටම යන්න!
ගිරිතලේ කැලේ බලන්න වන නිලධාරීන් නැද්ද? පොලිසියම මේ වැටලීම කරනකම් බලන් හිටියේ. නිකම් කාලේ කකා ඉන්න ඔය නිලධාරීන්ට ලැජ්ජා නැද්ද? එහෙම නැතුව මේගොල්ලත් කැලේ හොරුන් එක්ක සම්බන්දකම් තියෙනවද? කියල හොයල බලන්න.