අමල් වික්‍රමරත්න
රථවාහන වැරදි සම්බන්ධයෙන් නිකුත් කරන දඩ කොළ, වැරැද්දට අදාළ ඡායාරුපයත් සමගම වැරදිකළ පුද්ගලයාගේ නිවසට එවීමේ ක්‍රමවේදයක් පෙබරවාරි මාසයේ ආරම්භ කරන බව නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා (11) අද පෙරවරුවේ කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ පැවති රථවාහන පොලිස් නිලධාරීන් සදහා පැවති ප්‍රථමාධාර වැඩසටහනේ සමාරම්භක උස්සවයට සහභාගී වෙමින් පැවසීය.
මෙහි අත්හදා බැලීමේ පියවර පෙබරවාරි මාසයේ ආරම්භ කරන අතර පසුව දිවයිනපුරා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක නම් ඉතාම හොඳ වැඩක්. පගා ගන්න එකයි දෙන එකයි නවතීවි. මේ එක්කම දඩ ප්රමණත් වැඩි කරන්න.
රිය අනතුරු අඩු කරන්න නම් මෙන්න මේවා තමා කරන්න ඕනේ වැඩ , එතකොට නිතර නිතර වැරදි කරන පුද්ගලයන්ගේ රියදුරු බලපත්‍රයට ලකුණු වැටිලා අන්තිමට එක අවලංගු වෙන නිසා මිනිස්සු පරිස්සම් වෙනවා , දැන් තියන ක්‍රමවේදයේදී රාළහාමිගේ අතට කියක් හරි මිට මොලවල මාරුවෙලා ගියහම ප්‍රශ්නේ විසදෙන නිසා රියදුරෝ කිසිම දෙයක් ගැන එච්චර හිතන්නේ නැහැ . ඉස්සෙල්ල මේක අධිවේගයෙන් රිය පදවන රියදුරන්ට විරුධව ස්වයංක්‍රිය කැමරා මාර්ග ක්‍රියාත්මක කරන්න ,
බැදුම්කර වංචාවේ - හෙල්පින් හම්බන්තොට - සිරිලිය ගිණුම් වංචාවේ ෆොටෝ නැහැ නේ .තිබ්බනම් මරු .ගෙදරටම යවන්න තිබුණ .හැබැයි ගෙදරට යැව්වට එයාලව ගෙදර යවන්න බැහැ .
ට්‍රැෆික් පොලීසිය ඕකට කැමති වෙයිද මන්දා
ඒක නම් ඉතා හොඳ වැඩක්. හැබැයි සැමටම සාධාරණව ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි
මම හිතන්නේ සෑම ට්‍රැෆික් පොලිස් නිලදාරියෙකුටම වීඩියෝ කැමරාවකුත් ලැබෙනවා ඇති. නැතිනම් මේ ජොබ් එක කරන්නේ කොහොමද.
වැඩේ හොඳයි. හැබැයි කොස්සකට තියෙන්නේ කිදෙනෙක්ගේ ලිපිනයන් නිවැරදි ලෙස රියදුරු බලපත්‍රයේ සටහන් වෙලා තියනවද කියල බලනෙකයි.
වැරැද්ද ඡායාරුප ගත කරන්නේ ඉබේ ක්‍රියාත්මක වන ක්‍රමයකටද ? නැතිනම් යමෙකු විසින් (manually) රූගත කරන ක්‍රමයකටද ? දුරස්ථ පාලකයකින්ද ? එසේ රූ ගත වන අවස්තාවේදී, අදාළ වරද සිදුකල කෙනාට ඒ මොහොතේම යම්කිසි ප්‍රමාණයකට හෝ දැනුම්වත් වීමක් සිදුවනවාද ? යමෙකු විසින් රූගත කිරීම් සිදු කරනු ලබනවා නම් නුතන කැමරාවල තිබෙන ඩිජිටල් තාක්ෂණික පහසුකම් අනුව, පාර්ශවයන් අතර යම් ලොල් බවක් හෝ බලපෑමක් හෝ වාසියක් හෝ ඇති වුවහොත් , රූපරාමු මකා දැමීමක්, විකෘති කිරීමක් වීමට ඉඩකඩ තිබෙනවාද ? දඩ කොලය එන්නටත් නොඑන්නටත් ඉඩ ඇති බවක් පෙනෙන නිසාවෙනි. මේ කරුණු සම්බන්ධයෙන් දන්නා කෙනෙක් කාගේත් දැනගැනීම සඳහා පැහැදිලි කර දෙනවා නම් ඉතා අගනේයි .
පහන් මහතාණෙනි මෙහි අදහස් දක්වනකොට මෙම තීරුවට අදාල දෙයක් ලියන්න පුරුදුවෙන්න බැදුම්කර හොරකම, හෙල්පින් හම්බන්තොට හොරකම වැනි හොරකම් වලට මමත් විරුද්ධය. නමුත් විරෝධතාවය පල කල යුත්තේ එයට අදාල තිරුවේය.
මේ සඳහා දියුණු රටවල මෙන් මහා මාර්ගයේ ස්වයංක්‍රීය කැමරා සවි කර තිබිය යුතුයි. උපරිම වේගයට වඩා වැඩි වේගයකින් යම්කිසි රියදුරෙක් සිය රථය ධාවනය කරන අවස්තාවකදී මෙම ස්වයංක්‍රීය කැමරා ක්ෂණයකින් ක්‍රියාත්මකවී රථයේ අංකය හොඳින් පෙනෙන චායාරුපයක් ලබා දෙනවා. එයයි වරදේ සාක්ෂිය හැටියට ඉදිරිපත් කරන්නේ. පොලිස් නිලධාරියෙක් ලබාගන්න චායාරූපයකින් මෙය කල නොහැකියි.
මහා මාර්ගයක රාත්‍රියට ධාවන කරන රථයක ප්‍රධාන ලාම්පු දල්වාගෙන ධාවනය කිරීම පොලිස් නිලධාරීන් විසින් මාර්ග නීති උල්ලංගනය කිරීමක් හැටියට සලකනවා නම් අද නවීන මෝටර් රථවල රියදුරන් රාත්‍රියට ඉස්සර කිරීමට සහ වෙනත් අවශ්‍යතාවන් වෙනුවෙන් ඇස් අන්ධකරන එලි ප්‍රහාර අනික් රියදුරන් වෙත එල්ල කිරීමත් මාර්ග නීති උල්ලංගනය කිරීමේ වරද යටතට නොවැටේද?
ඕව දියුණු රටවලට හොඳයි. නමුත් අපේ නිලධාරීන් හරියට වැඩේ කරන්න පුරුදු කරන්න ඕනේ. මට දවසක් බොරෙල්ලේදී දඩ කොලයක් දෙන්න හැදුව රතු ලයිට් වැටෙද්දී ගියා කියල. මම මගේ රේකොඩින් එක පෙන්නුවහම නිලධාරියා මොකුත් නොකිය යන්න කිව්වා. මේවගේ වැරදීම් වලදී කොහොමද නිරාකරණය කරගන්නේ? දඩ කොලේ කවදද එන්නේ? අපි කොහොමද කතා කරලා නිවැරදි බව ඔප්පු කරන්නේ?
ජපානයේ සහ ජර්මනියේ ක්‍රම වේදයන් ආදර්ශයට ගන්න. හොඳ වැඩක්. මේවා ස්වයංක්‍රියව කෙරෙනවානම් තවත් හොඳයි.
වාහනය තමන්ගේ නමට ලියාපදිංචි නොකර මුල් අයිතිකරුගේ නමින් එම ධාවනය කරන අය අල්ලන්නේ කොහෙමද ? දඩ කොලය ලැබෙන්නේ මුල් දයිතිකරුට නොවේද ?
ගාමිණී මහතාණෙනි මෙම ක්‍රමය ආවොත් වාහනය විකුණපු දිනේදීම මුල් අයිතිකරු මෝටර් රථ දෙපාර්තුමේන්තුවට දැනුම් දේවි මම වාහනය විකුණුවා කියල. දැන් වගේ අවුරුදු ගණන් වාහනය ට්‍රාන්සර් නොකර තියාගෙන ඉන්න එකක් නැහැ.
මෙම ක්‍රමය ජර්මනියේ ක්‍රියාත්මක වෙනවා. පොලිස් නිලධාරියා කැමරා පද්ධතිය අරන් ගිහින් මාර්ගයේ අවශ්‍ය ස්ථානයේ ස්ථානගත කරනවා. ඊට පස්සේ පොලිස් වාහනයෙන් අධික වේගයෙන් කැමරාව ඇති ස්ථානයෙන් ගොස් බලනවා එක ක්‍රියාත්මක වෙනවද කියලා. ඉන් පස්සේ කැමරාව ක්‍රියාත්මක වෙන්නේ ස්වයංක්‍රීයව. ඔහුට තහනම් කැමරාව ක්‍රියාත්මක වෙන අවස්ථාවේ ඒක අතපත ගාන්න. පැයක් විතර ගතවුනහම ඔහු කැමරාව ගලවාගෙන යනවා. කැමරාවේ තිබෙන සේයා පටය මුද්‍රණය කරන්නේ වෙනත් අයෙක්. ඉන්පසු දඩ කොලය ගෙදරට එනවා.