(ඩයනා උදයංගනී)
බැඳුම්කර වංචාව සෙවීමට පත්කළ ජනාධිපති කොමිසමේ සාමාජිකයින්ට බැඳුම්කර ගනුදෙනු පිළිබඳ විශේෂඥ දැනුමක් නොතිබූ බව සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
එහිදී මේ පිළිබඳ දැනුම ඇති විදේශීය විශේෂඥයින්ගේ මතය හෝ කොමිසම විසින් විමසිය යුතුව තිබූ බවද අමාත්‍යවරයා කීවේය.
මෙහිදී මූලිකත්වය දිය යුත්තේ එක් එක් අය ගත් දුරකථන ඇමතුම්, ගෙවල් සම්බන්ධයෙන් සෙවීමට නොව රටට කොපමණ අලාභයක් වූයේද යන්න සොයාගැනීමට බවද අමාත්‍යවරයා කීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
‘‘මේ වාර්තාවේ බිලියන 11ක පාඩුවක් වී ඇති බව කියනවා. නමුත් මහ බැංකුව පර්පචුවල් සමාගමෙන් මේ වන විටත් බිලියන 12ක මුදලක් රඳවාගෙන තිබෙන නිසා නියම අලාභය බිලියන 11ක් නම් අලාභයක් වී නැහැ. බිලියනයක් වැඩිපුරත් රඳවාගෙන‘‘ යැයි ද ඇමැතිවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් එතකොට රජයෙන් රුපියල් බිලියනයක් අර්ජුන් අලෝසියස්ට දෙන්න තියෙනවා. මතක ඇතුව දෙන්න. මහන්සිවෙලා හම්බකරපු සල්ලි. අර ජනාධිපතිතුමාගේ කඩුවේ කැපෙන්නේ නැති පැත්තෙන් කොමිසමේ අයට දෙන්න ඕන පස්සට මතක හිටින්න දෙක ගානේ. රාජිත ඇමැතිතුමාගේ නැව ගැන වුණත් හරියට සොයලා බැලුවොත් අපිට එතුමාට ගෙවන්න වෙනවා ෂුවර් එකටම. අපිට හරි සතුටුයි දැන්. සතුටට කදුළු බේරෙනවා.
අපිට කොලේ වහන්නයි යන්නේ හැමදාම වගේ.
විශේෂඥ දැනුමක් තියෙන්නේ මහේන්ද්රන්ටයි, ඇලෝසියස්ටයි නේද?
පුදුම කතාවක්නේ මේක.. එතකොට කෝප් කමිටුව, විගණකාධිපති කීවෙත් බොරුවක්ද?
ඉතින් ඔය මැට්ටෝ පත්කරේ අපිද සර් ....කවද්ද තමුන්නාන්සේලා රට ගැන හිතලා වැඩක් කරන්නේ?
කොමිසමට දැනුමක් නැහැ කියන්නේ කොල්ලයෙන් කොමිස් එකක් ලැබිලා නිසා වෙන්න ඇති. තවත් අනාගන්නයි හදන්නේ නිකමටයැ කට බෝක්කුවකට උපමා කරන්නේ ....
මොනවද මේ කතා... කොමිසමේ සාක්ෂි දුන්නේ මහබැංකුවේ ඉහළම අයයි. ඒගොල්ලෝ කියනවනම්, කරපු විදිය වැරදියි... මෙතන වංචාවක් වෙලා තියනවා කියලා, අයෙත් මොනවා අහන්නද?
මේ ගබන්ලොක්කා කියන කතාව 200% නිවරදියිනේ. මේ කොමිසම කිසි වැඩකට නැති මෝඩ කොමිසමක්නේ. අපි පිලිගන්නවා මේ කතාව එතකොට ඔහේ නොකියා කියන්නේ මේ මෝඩ කොමිසම පත්කෙරුවේ " මෝඩයෙක් " කියල නේද? කියනවා කියනවා කට ඇරලා පණ ඇතිව කියනවා තෙපර බබා ඉන්නේ නැතිව.... කශේරුකාවට පොල් පිත්තක්වත් බැඳගෙන....
කෝප් එකේ ඉන්නේ දේශපාලඥයෝ. කමිටුවේ හිටියේ නීතිවේදීන්. විගණකාධිපතිවරයාගේ ගණනය කිරීම් වල වැරදි කොමිසමේදි ඔප්පු වුණා. අදටත් කොමිසම බැඳුම්කර නිකුතුවේ අලාභයක් ගණනය කරලා නෑ. ඒ බව ජනපතිගේ කතාවෙන් ඔප්පු වුණා. ද්විතික වෙළෙඳපොළේදි සමාගමක් ලබපු ලාභය තව අයෙකුගේ අලාභයට සමාන වෙන්නේ නෑ. ඔය තත්ත්වය පෙන්වන හොඳම දෙය තමයි... එක එක පාර්ශව එක එක ගණන් එක එක වෙලාවට පාඩුව යැයි කීමයි.
මෙතුමා කියන්නේ සහතික ඇත්ත. මේ කොමිසමට පත් කරන්න තිබ්බේ මෙතුමා සහ මෙතුමාගේ පුත්‍ර රත්නය සහ අර පිරිමි නර්ස්. ඒ අයට තරම් දැනුම් සම්භාරයක් මේ තුන් ලෝකෙම නැහැ ..ඇමරිකාව පවා උපදෙස් ගන්නේ මෙතුමාලාගෙන්.. අපේ රටට ආඩම්බරයක් !!!
කාන්තාවන්ට මත්පැන් අලෙවිසැල්වලින් මත්පැන් මිලදී ගැනීමට මෙන්ම මත්පැන් අලෙවිකරන හා නිෂ්පාදනය කරන ස්ථානවල සේවයට පනවා තිබූ තහනම ඉවත් කර ඇතැයි මුදල් අමාත්‍යංශය පවසයි. දැක්කද විශේෂඥ දැනුම පාවිච්චි කළා..
දත් වැඩ වලින් ජීවත් වෙන කාලයේ එයාගේ නෝනාගේ ඉල්ලීමක් උඩ මාත් ගියා මගේ දුර්වල දන්ත මූලයකට පිළියමක් කර ගන්න. දතට පිළියම් කරනවාට වඩා ඔහුට ඕනෑ කලේ දේශපාලනය ගැන මැත දොඩන්න. මාස කිහිපයකින් දත හොඳටම නරක් වූ නිසා මා වෙන සැබෑ දත් දොස්තර කෙනෙක් ලඟට ගොස් දත උදුරවා ගත්තා. දත් වෙදකම අත්හැර දේශපාලනයට අවුත් කරන්නේ අහිංසක මිනිසුන්ගේ දත්වලට කල දෙයමයි. කරපු තොවිලෙකුත් නැහැ. බෙරේ පලුවකුත් නැහැ. මාධ්‍යය වලට විහිළු සපයා ගෙදර යනවා.
ඒ මිනිස්සු ඉගෙන ගත්තු අයනේ... ඒ අයට කොහෙද මට තරම් මොලයක් නේද?
ඇමතිතුමා මොනවා කියනවද මන්දා? ජනාධිපතිතුමාට බැඳුම්කර ගනුදෙනු පිළිබඳ විශේෂඥ දැනුමක් තිබුණු නිසානේ වාර්තාව කියවලා හරියටම ගාණ හදලා පාඩුව අපිට දැනුම් දුන්නේ....
විශිෂ්ට ප්‍රකාශයක් මැතිතුමනි
විශේෂඥ දැනුම තියෙන අයද එහෙනම් මිලියන් ගණන් හොරකම් කරලා රටේ ධනය රටට අහිමි කරලා තියෙන්නේ? අනේ මන්ද මොනවා කියනවාද කියාලා.
ඔබතුමා කිව්වාට මේක එකපාරටම පිළිගන්න අමාරුයි . ඔන්න ඔබතුමාගේ පුත්‍ර රත්නය වත් මේක කිව්වානම් අපි මේක සැකයකින් තොරව එකවරම පිලිගන්නවා .
මහින්ද(මස්ටෙර්,අමුතුම රංගනයක් දෙන්නේ ) , රාජිත , හොරු සේරම මේ දවස්වල බැදුම්කරේට දක්වන අදහස් එකම වගේ හොදට කල්පනාවෙන් බලන්න .මේක පටලවල , විකරකරලා , නිතිප්රශ්න දාල කරන්න මේ නීච මරණයෙන් පසු අපාගත වෙන්ඩ ඉන්න (100%සුවර් ) මේ හොරු ටික හදන්නේ, මේක යට ගියොත් මගේවත් සේප් කියල මුන් දන්නවා. රටට ආදරය නීති මහතුන් ඇතුළු ජනතාව සීරුවෙන් සිටිය යුතුය ,,,
රාජිත මන්ත්‍රී තුමා කියනවනම් ඉතින් බොරුවක් වෙන්න බෑ... මේ ගැන දැනුම අපේ චතුර මන්ත්‍රී තුමාට නම් ඇති..
දැන් මේ ඉන්න මුදල් ඇමති, මුදල් ගැන මොනවද දන්නේ ? මුදල් ඇමති, වෙලාවකට කියනවා රාජපක්ෂලා 2008 සිට 2014 දක්වා බැදුම්කර වලින් බිලියන 10,000 ක් හොරකම් කරා කියලා. එයට දින දෙකකට පස්සේ කියනවා 2008 සිට 2014 දක්වා මුළු බැදුම්කර ගනුදෙනුව බිලියන 5,147 කියල. අනෙක දත් දොස්තර කොහොමද බැදුම්කර ගැන දන්නේ. මෙයාලට තියෙන්නේ බටහිරයන්ට දෙකට නැමෙන, දණ්ඩනමස්කාර කරන මේනියවනේ. මේ බටහිරයෝ නේද කිව්වේ , හිටපු මුදල් ඇමති ආසියාවේ හොදම මුදල් ඇමති කියල. මේකම ඇතිනේ, බටහිරයන්ගේ දැනුමේ තරම බලාගන්න. අනෙක මේ කොමිසමේ ඉන්නේ ඉතාම පළපුරුදු විනිශ්චය කරුවෝ දෙන්නෙක් සහ හිටපු විගනකාධිපතිකෙනෙක්. මෙයාගේ තර්කයේ විදියට, විවිධාකාර වින්ශ්චය කරුවෝ ඉන්න එපාද . මිනීමැරුම් නඩු අහන්න වෙනම, හොරකම්වලට වෙනම යනාදී වශයෙන්. එහෙම බැලුවම වංචාවන් විභාග කරන්න, විනිශ්චය කරන්න පත්කරන්න ඕනේ නම්දරාපු හොරෙක්. එයා එකට විශේෂයක් නේ. මේ දත් දොස්තර හොදට දන්නවා අැටනැති දිව ඕනෙම අතකට හරවන්න.
මට නම් විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ...........
එකනේ අඩුම තරම් අර මෝදර ධීවර වරාය බදු දීමේදී ඔබ භාවිතා කල ක්‍රමය අනුගමනය කලානං. ඡන්දෙන් ඡන්දෙට පක්ෂ මාරුවෙන මේ මිනිහ, දැන් මෙහම කියන්නෙක අරුම පුදුම නොවෙයි. මෙයාගේ කටින්ම කියල තිබුණ අර්ජුන් මහේන්ද්‍රන් පත් කිරීමෙදේ මෙයා විරෝධය පල කලයි කියල. එක්සත් ජාතික පක්ෂෙන් මෙයා එලියට යනකොට කීවා, 1994 දී විපක්ෂය නායක තේරීමේ රහස් ඡන්දෙ මෙයා ගාමිණි දිසානායකට ඡන්දය දුන්නලු. නමුත් රනිල් වෙනුවෙන් පෙනී සිටියාලු. මෙවෙනි අය තනතුරුවලින් ඉන්නකං, කොහොමද රට හදන්න පුළුවන්?
තමන්ගේ අමාත්‍යංශය ගැනවත් විස්වාසයක් නැතිව පොඩි අසනීපයකටත් සිංගප්පූරු දුවන මේ ඇමති කොහොමද මෙහෙම ප්‍රකාශයක් කරන්නේ? දැන් මාස කීපයකට කලින් කිව්වා එයා ජනාධිපති වෙන්නත් සුදානම් වෙනවා කියල. හොඳට හිටියි රට.
මේ පඬිතුමා කියන්නෙ මේ කොමිසමට පත් කරන්න ඕන අර සිරිකොතේ පත් කරපු කොමිසමේ හිටපු අයම කියලද? ඒ අයට විශේෂඥ දැනුම තිබුණ නිසා වෙන්න ඇති බැඳුම්කර නිකුතුවේදි මඟඩියක් වුණේ නැහැ කියල තීන්දු කළේ.
බැඳුම්කර වංචාව සෙවීමට පත්කළ ජනාධිපති කොමිසමේ සාමාජිකයින්ට බැඳුම්කර ගනුදෙනු පිළිබඳ විශේෂඥ දැනුම ඉහලින්ම තිබේ. කොමිසම තවත් වර්ණවත් වෙනවා අගමැතිතුමාව චුදිතයෙක් වසයෙන් ගෙන්වා ප්‍රශ්න කරානම්, හොරකම් කරන්න එපා .
එකනම් සහතික ඇත්ත.කොමිසමට තියා ඔය ආණ්ඩු වල උන්නු කාටද ඔලුවක් තිබ්බේ සුදුසුකම් තිබුනේ සේරම පට්ට හොරු....... එකනේ අපේ රටට මේ වින්නැහිය වෙලා තියෙන්නේ..........ගොන් හරක් ටිකක් නේ රට පාලනය කරන්නේ
අපරාදේ මෙයාගෙනුයි පුතාගෙනුයි උපදෙස් ගන්න තිබුනේ. මාර පොරවනේ මෙයාලා.
හැබැයි මෙවන් මොළකාරයෙක් කීවේ නැහැ නේද "ඕන ගොනෙකුට යුද්ධ කල හැකි කියල "සමා වෙන්න,ඒ කලේ මෙය හිටියේ මහින්ද මහත්තයාගේ ඔඩොක්කුවෙනේ. එළියට අාපුවහම තමයි බඩ ගින්න දැනේනේ. තාත්තයි පුතයි එන්න ලබන ඡන්දෙට.අපි සලකා බලමු.
ජනාධිපති කොමිසමේ සඳහන් ආකාරයට ද්විතීයික වෙළඳපොළේ රාජ්‍ය ආයතනවලට සිදු වී ඇති පාඩුව බිලියන 8.5 කි. මෙම ඉලක්කමේ ද විශ්වාසනීයත්වය ගැන ගැටළුවක් ඇත්තේ කොමිසම විසින්ම මූල්‍ය විශේෂඥයින් ලවා වෝහාරික විගණනයක් කළ යුතු යැයි නැවත යෝජනා කර ඇති බැවිනි. නමුත් ඊට පෙර මාධ්‍ය හමුවකදී ශ්‍රීලනිප ඇමති ලක්ෂ්මන් යාපා ප්‍රකාශ කෙළේ බැඳුම්කර පාඩුව ට්‍රිලියනයක් වන බවයි. ට්‍රිලියනය සමාන වන්නේ බිලියන දාහක් ලෙස සලකන විට ලක්ෂ්මන් යාපා කියූ කෙබරයේ තරම හිතා ගත හැකිය. නිල වාර්තාවක් ඉදිරිපත් වූ විට හෝ තමන් කළ ප්‍රකාශය අසත්‍ය බව පිළිගැනීමට තරම් ශිෂ්ඨ බවක් ශ්‍රීලනිප කෙබරයන්ට නැත. බැඳුම්කර වාර්තාවේ ජනාධිපතිට අවාසි කොටස් ඉවත් කරන්නැයි නීතිපති උපදෙස් දීලා... මේ කෙබර වලට රාජපක්ෂවාදී මාධ්‍ය මාෆියාව පුළුල් ආවරණයක් ලබා දෙන බැවින් අදාල විෂය සම්බන්ධයෙන් කෙතරම් අසත්‍ය සමාජගත වෙනවාදැයි සිතා ගත හැකිය. බැඳුම්කර වාර්තාව සමාජගත කිරීමට පෙර විත්ති පක්ෂයට වාසිදායක තොරතුරු ඇතුලත් යම් යම් කොටස් ඉවත් කළ යුතු බවට නීතිපති නිර්දේශ කර ඇති බවද වාර්තා වේ. මෙය විශාල සැකයකට තුඩුදෙන කාරණයකි.