(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ, මනෝප්රිය ගුණසේකර)
තම ධුරය දැරිය හැකි කාලය පිළිබඳ මතයක් ප්‍රකාශ කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදු කර ඇති ඉල්ලීම සළකා බැලීමට අගවිනිසුරුවරයා ඇතුළු පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් අද (11) විවෘත අධිකරණයේ රැස්විණි.
අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්ත් මහතා එම විනිසුරු මඩුල්ලේ සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර ඊවා වනිසුන්දර, බුවනෙක අළුවිහාරේ, කේ.ටි.චිත්රසිරි හා සිසිර ද අබෘ යන මහත්වරු සෙසු විනිසුරුවන් ලෙස කටයුතු කරයි.
ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ තමා බලයට පත්වන විට පැවැති 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව තමාගේ ධුර කාලය අවුරුදු හයක් වුවද මෑතකදී සම්මත කරගත් 19 වැනි සංශෝධනය අනුව එය අවුරුදු පහක් දක්වා අඩු කළ බවයි.
ඒ අනුව ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 5ක් නැතිනම් 6ක් යන්න සොයා බලා ලබන 14 වැනි දා පෙර මතය ප්‍රකාශ කරන ලෙස කළ ඉල්ලීම අද (11) දවස පුරා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ සළකා බැලීමට නියමිතය.
මෙහිදී නීතිපති ඇතුළු විවිධ පාර්ශව අධිකරණය හමුවේ කරුණු දැක්වීමට නියමිතය .
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ව්‍යවස්ථා අර්ථ නිරූපණ සඳහා බලය පවතින්නේ ශ්‍රේෂ්ඨාධිකරණයටය.
(ඡායාරූප - ශාන්ත රත්නායක)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටක ජනාධිපතිවරයෙක් රටේ මිනිස්සුන්ගේ බුද්ධියට මේ විදිහට නිග්‍රහ කිරීම වැරදියි - එතුමාම නේද මුලින් ඕක අවරුදු පහකට සිමා කලේ දැන් මොකටද අධිකරණයෙන් කරුණු අහන්නේ??
ධූර කාලය වසර 5ක් ද 6ක් ද යන්න ලබන 14 පෙර වැනි දා පෙර මතය ප්‍රකාශ කරන ලෙස කළ ඉල්ලීම හරිම හදිසියි . මොකද? කපටි කමක් ? රජාගේ පුටුවේ කාලය ? ගොටට දීමටද? හොර ගිවිසුම් .
මෛත්‍රී 19 වන සංශෝධනයට ප්‍රථම දිවුරුම් දුන්නද 19 වන සංශෝධන ඔහු විසින් ඔහුගේම දූර කාළය තුළ ගෙන එම නිසා ඔහුගේද ජනාධිපති ධුරය වසර 05 කට සීමා වීම සිදු විය යුතු වන්නේ නිතිය සෑමට සැමදා එකම විය යුතු නිසා. එසේ නොවුණු විට නීතියේ සදාරණත්වය සැමට එකසේ නොවනු ඇත .
මෙන්න බොලේ මහින්ද මහත්තයට ආපහු තණ්හාව ඇවිල්ල නීතියේ සිදුරකින් රිංගල ගොඩ යන්න. 2015 බලයට පත් ජනාධිපතිවරයාට වසර 6ක කාලයක් බලයේ සිටීමට හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළහොත් තමාට මෙන්ම හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියටද මීළඟ ජනාධිපතිවරණය සඳහා තරග වැදීමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති පෙන්වා දෙයි. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2015 ජනවාරි මස 8දා පැවැති ජනාධිපතිවරණයට බල නොපාන්නේ නම් තමන්ටද මීළඟ ජනාධිපතිවරණය සඳහා තරග කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු බාධාවක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි
2015 ජනවාරි 09 දින ජනාධිපති ධූරයට පත්වන විට සීමා රහිත වාරගණනක් ජනාධිපති වීමටත්, ඒ සදහා අසීමිතව ජනාධිපතිවරණවලට තරග කිරීමටත් අවස්ථාව හිමි වන ලෙස නීතිය පැනවී තිබුණි.(18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින්) එම නීතිය 2015 ජනවාරි මස 09 දින වන විටත් 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මෙන්ම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති තුමාටත් වලංගුව තිබුණි. ඒ අනුව 2015 ජනවාරි 09 දින ධූරයට පත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අසීමිත වාරගණනක් ජනාධිපති ධූරයට පත් වීමට අවස්ථාව තිබූ පැරණි නීතිය වලංගුතාවයක්ද පැන නගින්නේ යම් හෙයකින්ද එයම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති තුමාටත් නිරායාසයෙන්ම වලංගු වන බව පැහැදිලි නිසා විසදාගත යුතු වැදගත් නීතිමය ප්රශ්නයකි.
ඔබතුමා තව අවුරුදු 12 ක් මේ රටේ නායකයා .....හොරෙකුට රට දීල යන්න එපා .....
එයා දැන් බබා වෙලා.බබාට තරු පෙනෙයි ඉදිරියේදී. මිනිසුන්ව ගොනාට අන්දන සීමාවක් තියෙන්න ඕනේ. මෙය වෛරය පතුරවන එකනේ කරන්නේ. අවු3 ට කරපු වැඩක් පෙන්නලා ජනතාවට මුණ දෙන්න බැරි පඹයන්ව පත් කල ලක්ෂ 62 ට දැන් සනීපද?
මේ ධුර කාලය පිළිබඳව ප්රශ්නය ශ්‍රීලනිපෙන් පත්වුණා ජන්ධිපත්වරු තුන්දෙනාටම තිබුන පොදු ප්‍රශ්නයක් ඕනේ නම් බලන්න මෙතුමාත් ජනාධිපතිකම කරන්නේ උපරිම අවරුදු 10 කි....ඡන්දෙට කලින් පොරොන්දු වුන විදිහට ලබන අවරුදු 2 වැඩ ටික කරලා ඡන්දේ 2020 දී පැවැත්වුවොත් , 50 % අවස්ථාවක් තිබෙනවා ජනධිපති වෙන්න , 2021 වෙනකම් ඉඳල ඡන්දෙ පැවැත්වුවොත්, අවස්ථාව 0% ,
ජනාධිපති වරයා ඉල්ලා ඇත්තේ තමන්ගේ කාලය අවුරුදු 6 කරන්න කියල නෙවේ. නීතිය පහදා දෙන්න කියලයි. ඒක සලකන්නේ නැතුව දකින දකින හැම දෙයකින්ම ආණ්ඩුව පිළිබඳව මහජනතාව තුළ අප්‍රසාදයක් පැතිරවීමට බල ලෝභීන් ගන්නා මේ කපටි උත්සාහය හෙලා දැකිය යුතුයි. මෙතන අදහස් පල කර ඇති බොහෝ දෙනාත් මේ පිළිබඳ යථාතත්වය වටහා ගෙන නැති බවයි පෙනෙන්නේ. කියන්නන් වාලේ ඔහේ කියවන බවයි කිවයුත්තේ.
ජනාධිපති තුමා අත්සන් තැබුවේ 1978 ආණ්ඩුක්‍රම විවස්තාවට නම් ඒ අනුව තකයක් නැත වසර 6 යි .... 19 වන විවස්තාවට අනුවනම් වසර 5 යි .. එමනිසා වර්තමාන ජනාධිපති තුමාගේ දුර කාලය වසර 6 ක් වේ .
ජනාධිපති තුමා අත්සන් තැබුවේ 1978 ආණ්ඩුක්‍රම විවස්තාවට නම් ඒ අනුව තකයක් නැත වසර 6 යි .... 19 වන විවස්තාවට අනුවනම් වසර 5 යි .. එමනිසා වර්තමාන ජනාධිපති තුමාගේ දුර කාලය වසර 6 ක් වේ . නමුත් 19 වන විවස්තා සංශෝධනය අතීතයට , වර්තමානයට , අනාගතයට , බලපාන ක්‍රයාත්මක වන පරිදි සම්මත වී ඇත්නම් ...වසර 5 යි . රොහාන් දයාදර පැරිස්