කාන්තාවන්ට මත්පැන් අලෙවිසැල්වලින් මත් පැන් මිලදී ගැනීමට මෙන්ම මත්පැන් අලෙවිකරන හා නිෂ්පාදනය කරන ස්ථානවල සේවයට පනවා තිබූ තහනම ඉවත් කර ඇතැයි මුදල් අමාත්‍යංශය පවසයි.
කාන්තාවන්ට මත්පැන් අලෙවිසැල්වලින් මත් පැන් මිලදී ගැනීමට මෙන්ම මත්පැන් අලෙවිකරන හා නිෂ්පාදනය කරන ස්ථානවල සේවයට පනවා තිබූ තහනම ඉවත් කර ඇතැයි මුදල් අමාත්‍යංශය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තරම් දුරට රට දියුණුවෙයි කියලා මම නම් හිතුවේ නැහැ. මේ තහනම ඉවත් කිරීමේ අවශ්‍යතාවය කුමක්ද?
අනේ සාදු අපේ උන්දැටත් රස්සාවක් හොයාගන්න පුළුවන්.
ස්ත්‍රී පාර්ශවය විවිධ මත්ද්‍රව්‍ය හොරට විකුණනවා නම්, ප්‍රවාහනය කරනවා නම් උදව් උපකාර කරනවා නම් නිෂ්පාදනය කරනවා නම් (එදිනෙදා ප්රවෘත්ති ඇසුරින්). නීත්‍යානුකුල ස්ථානවල සේවය කළාම මොකද වෙන්නේ?
රටේ දියුණුවයිෙ, රටේ සදාචාරය සංස්කෘතියයි සමගාමි නොවුණොත්, ඒ සංවර්ධනය කුමකටදැයි සිතේ....
අනේ වාසනාවන්...දැන් එතකොට අම්මලා තාත්තලා ඔක්කොටම එකටම පොඩියට, ලොකුවට ආදී වශයෙන් පාවිච්චි කළහැක. දරුවන්ට දෙවි පිහිට තමයි .. ලොකු උන්නැහෙත් මත්පැන් විරෝධියෙක් නේද?
එච්චරයි අඩුවකට තිබුනේ. දැන් ඒකත් හරි.
කාන්තාවන් මත්වතුර වලට සම්බන්ධ වෙන එක නවත්තන්න නම් පිරිමි ඒක අතහරින්න ... මොලේ ඇති අය තේරුම් ගනී මම කියන දේ...
කාන්තාවන්ට සම තැන් ඉල්ලන්නේ කාන්තාවොමයිනේ. ඒ හින්දා මේකත් දීලා බැලුවට කමක් නෑ. හැබැයි බාර්වල වැඩ කරන පිරිමින්ට රස්සා නැති වෙන පොටක් තමයි මේක...
දියුණුයි කියන බටහිර රටවල් වල පවා පිරිමින් හා සසඳන විට මත්වතුර පානය කරන කාන්තාවන්ගේ ප්‍රතිශතය අඩුයි. ජර්මනිය වැනි රටක පිරිමින් වැඩි හරියක් බියර් පානයටද, කාන්තාවන් වයින් හෝ ෂැම්පේන් වලටද පුරුදු වී සිටිනවා. විස්කි, කොඥාක් (බ්‍රැන්ඩි) වොඩ්කා වැනි මධ්‍යසාර ප්‍රතිශතය වැඩි මත්පැන් භාවිතය ඉතාමත්ම අඩුයි. ගැහැණු පිරිමි භේදයකින් තොරව වයස 16 ඉහළ ඕනෑම කෙනෙකුට මත්වතුර අලෙවි කිරීමේ හෝ මිලදී ගැනීමේ තහනමක් නැහැ. ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට මත්වතුර මිලදී ගැනීමට ඉඩදීම පිටුපස මොන සැලැස්මක් ඇත්ද කියා මේ මොහොතේ අපට සිතා ගත නොහැකියි.
මෙමගින් රටේ නිරෝගිමත් දරු පරපුරක් බිහිවීමට දැඩි ලෙස බලපෑම් ඇතිවිය හැකිවෙනවා. වඳ භාවය ඉහළ යාම තුළද පැහැදිලිවම ජාතියක විනාශය ඇරඹීම සිදු වේවි.
මෙහෙමෙ නීතියක් තිබ්බ කියලවත් මන් නම් දන්නේ නැහැනේ..... මෙවැනි නීති කවදාවත් ප්‍රයෝගික නැහැ. දැන් වතුකරේ දෙමල කාන්තාවෝ බොන්නේ නැද්ද? යාපනේ කන්තවොත් බොනවා. කොළඹ සිංහල කාන්තවොත් ඇතැම් නාගරික කාන්තවොත් බොනවා සහ මිලදී ගන්නවා සුපිරි වෙළඳ සල්වලින්. සංචාරක කාන්තාවොත් මිලදී ගන්නවා. ගම් වල ගෑනු හොරට රා අරක්කු විකුනනවා.
ගැහැණු අයට වෙනම නීතියක් මොකටද?
ඕක මොකක්ද අලුතෙන් ඉවත් කරන්න තිබෙන්නේ කොයිකාලේ ඉඳලාද ගැහැනුන් මත්පැන් අලෙවිකරන කරන ස්ථානවල සේවය කලේ. ඒ වගේම ගැහැනුන් මත්පැන් මිලදී ගත්තේ. යන්නකෝ මත්පැන් විකුණන සුපර් මාර්කට් එකකට. එතන ඔය කියන දෙකම සිද්ද වෙනවා.
ඕක මොකක්ද අලුතෙන් ඉවත් කොරන්න තිබෙන්නේ කොයිකාලේ ඉඳලාද ගැහැනුන් මත්පැන් අලෙවිකරන කරන ස්ථානවල සේවය කලේ ඒ වගේම ගැහැනුන් මත්පැන් මිලදී ගත්තේ. යන්නකෝ මත්පැන් විකුණන සුපර් මාර්කට් එකකට. එතන ඔය කියන දෙකම සිද්ද වෙනවා.
හොඳ ප්‍රස්නයක් දෙන්නකෝ පුලුවන්නම් උත්තර.
තාත්තල බීල දරුවො ගැන, උන්ගේ අඩුපාඩු ගැන හොයන්නේ නැතුව නන්නත්තාර වෙනකොට කුලී වැඩක් හරි කරල දරුවන්ගේ බඩගින්න නිව්වේ අම්මලා. උන්ට උගන්නන්න තමන්ගේ බඩට නොකා පොත් පත් අරන් දුන්නේ අම්මලා. අනිත් ගෑණු ෆැශන් කරනකොට වැරහැලි ඇඳගෙන දරුවොන්ට කීයක් හරි ඉතුරු කරේ අම්මලා. දැන් මේ මත්ද්‍රව්‍ය ජාවාරම යොමු කරන්නේ අනාගත දියණියන්ට, අපේ රටේ අම්මල වෙන්න ඉන්න අයට. ඉතින් රටේ අනාගතයට වෙන දේ හිතා ගන්න පුළුවන් නේද. මෙහෙම තීරණ ගත් අයට ශාප වේවා!
ඒකට තමයි කාන්තාවන්ට සම තැන කියන්නේ. රජයට බොහොම ස්තූතියි!
දැනටත් ලංකාවේ කාන්තාවෝ ක්ලුබ් වල වැඩකරනවා කැරෝකේ වල වැඩකරනවා ගමේ හොර අරක්කු විකුනනවා අපිටනම් අලුත් දෙයක්නෙවෙයි................
දැන් ඉතිං හැමෝටම බීලා ඩෙගා නටන්න බැරි 'ය !
ඉතින් කොහොමත් එහෙම නීතියක් තිබ්බද? මම ඕන තරම් දැකල තියෙනවා ගෑණු ඇවිත් මත්පැන් ගන්නවා. විකුණන තැන වලත් ගෑණු ඉන්නවා. රෙස්ටුරන්ට්ස් වල ඔය ඕනේ තරම් ගන්නේ..
නැහැ නැහැ, මේකට හේතුව දැනට ප්‍රකාශයට පත් කර ඇති මැතිවරණය නිසා අපේක්ෂිකාවන්ටත් අපේක්ෂකයන් හා සමාන ප්‍රචාරණ අවස්ථා ලබා දිය යුතු වීම.
ජය වේවා, අපේ දැවෙන ප්‍රශ්නයක් විසදුවා..
තවත් දැවෙන ප්‍රශ්නයක් විසදපු රජයට මගේ හදපිරි මෙව්වා එක
අහවල් කණ්ඩායමේ නිරාගමික /සංස්කෘතික විනාශ වැඩපිළි වෙලේ තවත් එක අවස්ථාවක් සමලිංගික නිති ගතෙත් ඔහොම්මම ගෙනේවි .
ගැහැනුන්ට අන්දපු කෙනෙක් මුදල් ඇමති වෙලා තව මොනවද බලාපොරොත්තු වෙන්න ඕනේ?
රනිල්ගේ පැලැන්තියේ ඡන්ද ගැටයක්.