(තිලකරත්න දිසානායක)

ගණේමුල්ල දුම්රිය ස්ථානයට නුදුරු දුම්රිය මාර්ගය මතින් ඉදිකරන ලද ගුවන් පාලම අද(11) පෙරවරුවේ අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මහතා අතින් ජනතා අයිතියට පත් කෙරිණි.

මීටර් 275 ක දිගින් යුත් මෙම පාලම ගණේමුල්ල නගරයේ පැවති අධික වාහන තදබදය මග හැරීම සඳහා නිමවූ අතර එය විවෘත කිරීමේ අවස්ථාවට රජයේ මැති ඇමැතිවරු ප්‍රමුඛ දේශපාලනඥයෝ හා රාජ්‍ය නිලධාරීහු රැසක් එක්වූහ.