හර්ෂණ තුෂාර සිල්වා
බාධා එල්ල නොවුණා නම් මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතියේ මොරගහකන්ද ජලාශයේ දියවර මීට වසර පහකට පෙර මුදා හැරීමට අවස්ථාව තිබූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේදී අද (10) පැවැසීය.
මොරගහකන්ද ව්‍යාපෘතියට මුල් ගල තැබුවේ 2007 වසරේ ජනවාරි 25 වැනිදා බවත් ඉන් පසු තමන්ට මහවැලි අමාත්‍යධුරය අහිමි වූ බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදි කීය.
ලබන මස 10 වැනිදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයට තරග වදින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මංගල මැතිවරණ ප්රචාරක රැළිය අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම අදහස් පළ කළේය.
එහිදි තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද කීය.
“මීට දින දෙක තුනකට පසු රජරට ජනතාවගේ සිහිනයක් සැබෑවක් කිරීමට අවස්ථාව ලැබුණා. අපි දැන් දවස් දෙක තුනකට කලින් මොරගහ කන්ද ජලාශයේ ජලය නිකුත් කළා. මොරගහකන්දේ ජලාශයට උප්පැන්නේ ලියන්න අද බොහෝ අය උත්සාහ කරමින් ඉන්නවා.
මම 1994 චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනියගේ ආණ්ඩුවේ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයා වුණ ගමන්ම ආචාර්ය කුලසිංහ සමඟ ඔය කැලෑව අස්සේ රිංගුවා. ගල් කඳුවලින් මහා ගස්වලින් ගිහිල්ලා මෙතැනින් වේල්ල බඳින්නේ කියලා ආචාර්ය කුලසිංහ මහතා එදා මට පෙන්නුවා.
ජලයෙන් යට වෙන්නේ මේ මේ ප්‍රදේශ කියලා ආචාර්ය කුලසිංහ මහතා පෙන්වුවා. ඔහුගේ නමින් ජලාශය නම් කළේ ඒ නිසයි. එදා පටන් චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ ආණ්ඩුව සමයේදී ආරම්භ කළ ව්‍යාපෘතිය දිගටම කරගෙන ආවා.
ඒ ව්‍යාපෘතියට මුල් ගල තැබුවේ 2007 වසරේ ජනවාරි මාසයේ 25 වැනිදා. 2007 ජනවාරි 25 මුල්ගල් තියලා මම මහා බලාපොරොත්තු ඇතිව කොළඹට ගියා. ඊට පහුවෙනිදා මට අරලිය ගහ මන්දිරයෙන් එන්න කිව්වා. මහවැලිය වෙන කෙනෙක්ට දෙනවා කියලා කිව්වා. මුල් ගල තියලා තියපු රජරජ ජනතාව වෙනුවෙන් මා මේ කාර්ය කළ යුතු යැයි කීවා.
නැහැ මේ අමාත්‍යාංශය වෙනස් කරනවා යැයි එවකට නායකයා කිව්වා. මහවැලි අමාත්‍යාංශය වෙනත් අයකුට දෙන බව එවකට හිටපු නායකතුමා කිව්වා.
එදා බාධා එල්ල නොවුණා නම් මේ කෙත්වතු අස්වද්දන්න තිබ්බේ, මේ ඇළ දොළ පුරවන්න තිබුණේ මීට වසරකට පහකට කලින් බව කිව යුතුයි. රජරජට සංවර්ධනය ඇති කරන්න තිබ්බේ මීට වසර පහකට කලින් බව කිව යුතුය. ඔබ මුහුණ පාන නියඟය මීට අවුරුදු පහකට කලින් අවසන් කරන්න තිබ්බා. තමුන්නාන්සේලාගේ වැව් අමුණු, ජලාශ පුරවන්න තිබුණේ මීට අවුරුදු පහකට කලින් බව කිව යුතුයි.
වසර පහක් ප්‍රමාද වීම ගැන මා කනගාටු වෙනවා. එහෙත් ඒ සියලු බාධා මධ්‍යයේ මොරගහකන්ද ඔබට පූජා කරන්න ලැබීම සතුටක්” යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කියයිද දන්නේ නෑ ඔය පෙන්නුවේ කඩවත හිටපු සෙනඟ කියලා....
ඕනෑම කුණු ගොඩක් බෙංගාලේ බොක්කට කියනවා වගේ පරණ ලොක්කගේ ගිණුමට දාල අපි ගොඩ යමු... රට වලටම දාමු. පරණ හාදයෝ ටික වැසිකිළි යන්නේ නැහැ. අපි යන්නෙත් නැහැ. හොරා කෑවා නිසා අපිත් හොරා කනවා. බැඳුම්කරයට පොඩියට ශේප් නියාය දානවා කොහොමද ටිකිරි මොළ ටික....
කලින් ආණ්ඩුවේ වැරැදි ඔක්කොම මහින්දට.. උමා ඔය මහින්ද. නොරොච්චෝලේ කැඩෙනකොට මහින්ද ..කුණු කන්ද කඩන් වැටෙනකොට ඒකත් මහින්ද ..හැබැයි ඒ කාලේ පටන් අරන් අද විවෘත කරන ඒවා තමන්ගේ ..කාවවත් විවේචනය නොකර පාඩුවේ වැඩ කරන්න මහත්තයෝ ..එතකොට රටේ මිනිස්සු පිළි ගනියි ඇත්ත මොකක්ද කියලා...
මේ කියන්නේ 2007 දෙයක්. මම දන්නා තරමට 2010 වෙනකම්ම මහවැලි ඇමති මෛත්රිම තමයි.
ඔබ ලක්ෂ 10 ක් හෝ 15ක් සොරකම් කළහොත් ඔබ හොරෙකි. අධිකරණ වරෙන්තු ලබාගෙන ඔබ කුදලාගෙන ගොස් රිමාන්ඩ් කරනු ලැබේ. එහෙත් ඔබ අඩුම තරමින් කෝටි 50ක් හෝ 60 ක් සොරකම් කළහොත් ඔබ කිසි දිනක සොරෙකු වන්නේ නැත. එවිට ඔබ මහා අයෙකි. ඔන්න ඕකයි යහපාලනය (යමපාලනය) සහ වෙනස !
ජලාශ පිරෙව්වට වැඩක් නෑ දැන්. කොහොමත් හාල් ගන්නේ පිටරටින්නේ ...
ජනාධිපති ප්‍රාදේශීය සභා අපේක්ෂකයන් වෙනුවෙන් රැස්වීම් ඇමතිය යුතුද?
මා මේ ප්‍රදේශයේ සංචාරයක් සදහා 2014 වසරේ යන විට, මෙම යෝධ බැම්මේ වැඩ අවසන් අදීයරට පැමිණ තිබුණි. එපමණක් නොව ඇලහැර, බකමුණ හරහා දියබෙදුමට ඇළ කණ්ඩිය උඩින් යන පාර පුළුල් කරමින් තිබුණි. අලුත් ඇලහැර මාර්ගයේ කාපෙර්ට් අතුරා තිබුණි.
මේ ජලාශයේ නම් කිරීම අගයකල යුතුයි.
ජනාධිපතිතුමා, ද්වේශ කිරීම මමත්වය නතර කරලා අගාදයට යන රට ඉන් ගලවා ගැනීමට කටයුතු කලානම් අගෙයි නේද?
මං හිතාගෙන හිටියේ සෞඛ්‍ය ඇමතිකම මහවැලි ඇමතිකමට වඩා ලොකු තැනක් කියල...මහින්ද මහත්තය බලාගෙන යනකොට සිරිසේන මහත්තයට පටන් ගත්ත දවසෙ ඉඳල කෙලවලමනෙ තියෙන්නෙ...මහවැලි ඇමතිකම ඉතින් වැව් තියෙන, කුඹුරු තියෙන පැති විතරනෙ..සෞඛ්‍ය ඇමතිකම රටටම බලපාන එකක් නෙ...දිව හැරෙන හැරෙන පැත්තට බොරු කියනව...
මහවැලි ඇමතිකමේ හිටිය නොහිටිය කියල වෙනසක් නෑ...හදන්න සල්ලි දුන්නෙ බැසිල් රාජපක්ෂ මහත්තයගෙ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයෙන්...බොරු කියන එකේ සීමාවක් තියෙන්නෙ ඕන..
මේ උන්නැහේට කිසිම කෙනෙක් වැඩක් කරන්න දීල නැහැ වගේ කතාව. දැන් අවුරුදු 3 ක් වෙනවා විධායක ජනපති වෙලා, එත් තවම බැරිඋනා. පසුගිය ආණ්ඩුව කාලේ එයා හදපු සෞඛ්‍ය ප්‍රතිපත්තිය තවම ක්‍රියාත්මක කරන්න. එයාම තමඊයි කියන්නේ එහෙම එකක් හැදුව එක ක්‍රියාත්මක උනේ නැහැ කියල. එත් එකේ පිටපතක්වත් එතුමා ලග නැහැ. සෞඛ්‍ය ඇමති විදියට වැඩිම වකුගඩු රෝගීන් ඉන්න තමන්ගේ පලාතට මෙතුමා මොනවද කලේ ? තවම ඒ මිනිස්සුන්ට පිරිසිදු වතුර ටිකක් බොන්න පුළුවන් විදියට වතුර ෆිල්ටර ටිකක් දුන්නද ? ඒ උනාට කතාව නම් දෝලාවෙන්. වැඩිම ගොවින් ඉන්න තමන්ගේ පළාතේ ගොවීන්ට මේ අවුරුද්දට පොහොර ටික වෙලාවට දෙන්න බැරි වුනා. මේවා ගැන දන්නේ නැහැ කියල හිතන්න බැහැ, මෙයත් ගොවි පුතෙක් කියනවනේ .
ඕක හැමදාම කියන සින්දුවනේ "ඉස්සර මම ඇමති කාලේ මට බලයක් නැහැ " " දැන් මම රජ වුනහම මට මොලයක් නැහැ " "මේ ඔක්කොටම වැරදිකාරයො ඉස්සර ලොක්කෝ "
ප්‍රේමදාස ජනාධිපති තුමා ඇමති කෙනෙකු වෙලා ඉන්න කාලෙත් එතුමා රදල පැලැන්තියට අයිති නැති නිසා පක්ෂය තුළත් ඉන් පිටත් එතුමාට නොයෙකුත් කැපිලි කෙටිලි තිබුණා , එතුමා ඉන් සැලුනේ නැහැ උදේ 4 වෙනකොට නැගිටලා තම අමාත්‍යංශයට අයත් ව්‍යාපෘති නිලධාරී කරන වැඩගැන සොයල බැලුව , මගුල් ගෙවල් මල ගෙවල් වල යන්න ඉස්සෙල්ල තම රාජකාරිය ඉෂ්ට කලා , ඡන්දෙට කලින් ජනතාවට දුන් පොරොන්දු ඉෂ්ට කලා ජනසවිය දුන්න, ඉන්දියන් හමුදාව යැවුවා, ජ.වී.පෙ කැරැල්ල මර්ධනය කලා , ගම් උදව නිවාස ව්‍යාපෘතිය දිගටම ගෙන ගියා , එතුමා දේශපාලන වේදිකාවල කවදාවත් තමන් නායකත්වය දරන ආණ්ඩුවේ අැමතිවරු , නිලධාරියෝ ප්‍රසිධියේ විවේචන කරන්න පෙලඹුනේ නැහැ , වැඩ බැරි වැඩ නොකරන මිනිස්සු ගැන පුද්ගලිකවම සොයා බලා පිළියම් යෙදුවා, සමහර අවස්ථාවල දරදඩු තීරණ ගන්න පෙලඹුණා , තමන් ගත්ත තීරණයක් ලෙහෙසියෙන් ආපස්සට ගත්තේ නැහැ , ඔබතුමා ඡන්දෙට කලින් ප්‍රසිද්ධ කළ මෛත්‍රී පාලනය නමැති පොත් පිංච කියා බැලීමට කාලය පැමිණ ඇත..........
පසුගිය කාලේ ඔකේ වතුර තිබෙද්දිත් වගා කිරීමට වතුර නැත කියමින් ගොවියන් වැලපුනත් මේ ගොවි පුතා එක එක බොරු කියකිය එතුමාගේ පදවි ප්රාප්ති උළෙල වෙනකම් සිටිය ඕක විවෘත කරන්න . තව ටික දවසක් ගිහිල්ල කියාවි එකටත් වරදකාරය මහින්ද මහත්තය , එතුමා ඡන්දෙ තව මාසයකට දෙකකට ඉස්සෙල්ල තැබුවා නම් වතුර කලට වෙලාවට දෙන්න තිබුන කියල .