ඉන්දිකා රාමනායක
වැල්ලම්පිටිය කිත්තම්පහුව ප්‍රදේශයේ ගබඩාවක තිබී කසල තේ කිලෝ 16,500 ක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
වැටලීම සිදුකරන අවස්ථාවේ මෙම ස්ථානයේ තිබී කසල තේ රස ගැන්වීම සහ පැහැ ගැන්වීමට යොදන රසායනික ද්‍රව්‍ය ලීටර් 400 ක් ද සොයාගෙන තිබේ.එම අවස්ථාවේ ගබඩාවේ සිටි දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
මෙම ගබඩාවේ කසල තේ ඇසුම්කර විදේශ රටවලට අපනයනය කරන බවට බුද්ධි නිලධාරීන් වෙත ලැබුණු තොරතුරක් මත විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම් ආර් ලතීෆ් මහතාගේ උපදෙස් මත විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ භට කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කසල තේ හදන ගමක්ම බේරුවල තියෙනවා. එ්ක අල්ලන්නේ නැත්තේ මොකද කියලා අපි දන්නේ නෑ. එකම වියහැකි හේතුව ඒක මුස්ලිම් ගමක්. යහපාලනය රටේ ක්‍රියාත්මක නම් කාටත් එක නීතියක් තිබිය යුතුයි.
කපිල - දැන් ලංකාවේ කසල තේ නිසි ප්‍රමිතියකට අනුව සකස් කරොත් එය පෞද්ගලික වෙන්දේසියට දාන්න අවසර තියනවා .
කසල තේ කියන්නේ මෝරපු දළු නිසා ඇඹරීමට නොහැකිවුන කොටස්ද එසේනම් කලයුතු වන්නේ තේ කොමසාරිස් කාර්යාලය මගින් දළු කඩන ජනතාව දැනුවත්කර උසස් තේ සඳහා සුදුසු දළු කැඩිමට පුහුණු කිරීම නේද? දළු කඩන කාන්තාවන් මෝරපු දළු හෝ කඩලා දළු ප්‍රමාණය වැඩිකර ගන්න බලනවා දළු ප්‍රමාණය අනුවනේ ඔවුන්ට මුදල් ලැබෙන්නේ