උසාවි භූමියේ ඡායාරූප ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය කළ කරුණු වාර්තා කිරීමක් අනුව ලංකාදීප මොරටුව ප්‍රාදේශීය මාධ්‍යවේදිනී රේඛා තරංගනී ෆොන්සේකා මහත්මිය අත්අඩංගුවට ගන්නා ලෙස මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළේය.
අධිකරණයට රැගෙන ආ සැකකරුවකු පළා යෑමේ සිද්ධියක් ගැන වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදිනිය අධිකරණ භූමියේ ඡායාරූප ගත් බවට අධිකරණ ලේඛකාධිකාරීගෙන් ලද පැමිණිල්ලක් අනුව උසාවියට කරුණු වාර්තා කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
සැකකරු පළා යෑම ගැන වාර්තා කිරීමට ගිය තමා අධිකරණය ඇතුළේ ඡායාරූප නොගත් බවත්, තමා ඡායාරූප ගත්තේ අධිකරණයෙන් පිටත බවත් රේඛා තරංගනී ෆොන්සේකා මහත්මිය පොලිසියට ප්‍රකාශයක් දෙමින් කියා තිබිණි. එම සිද්ධිය වාර්තා කරද්දී පොලිසිය තමාට තර්ජනය කළ බව ද ඇය පොලිසිය පවසා තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කර අධිකරණයට කරුණු වාර්තා කළ බවත්, ඒ අනුව ඇයට වරෙන්තු නිකුත් කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැකකරු දේශපාලුවෙක්ද ?
මිලියන ගණන් හොරකම් කරපු අය ගැන නැති වරෙන්තු පත්තර කාරිනියකට ලැබිච්ච හැටි?
අප මේ උත්සාහ කරන්නේ පොලිසියේ කටයුතු වලට මැදිහත් වන්න නොවේ. නමුත් ශ්‍රී ලංකාව වැනි රටක අපරාධ හා දුෂණ අවම කර ගැනීමට පොදුවේ බහුතරයක් මාධ්‍යය පොලිසිය හා ආරක්ෂක අංශ වලට විශාල සහයක් දෙනවා. ඒ නිසා මේ දෙපිරිස අතර සහයෝගාත්මක බැඳීමක් නිරතුරුවම ආරක්ෂා කර ගත යුතුව තිබෙනවා. මාධ්‍යය වේදිනිය තමන් ඒ වරද නොකළ බව පැහැදිලිවම කියද්දීත් ඇයව සිරභාරයට ගන්න මහේස්ත්‍රාත් අධිකරණය පෙළඹවීම සාධාරණද යන්න නැවත සිතා බැලිය යුතුව තිබෙනවා. අපරාධ වල පීතෘන් වන දේශපාලනඥයින් සුඛෝපභෝගී වාහන වලින් යන විට සැලියුට් කරන නියෝජ්‍ය පොලිස්පති වරු පවා සිටින රටක මාධ්‍යයට තියා මාධ්‍යය කරුවන්ටවත් නිදහසක් ලැබේද කියා සැකයක් අප තුළ ඇති වෙනවා.
මාධ්‍යවේදිණිය අධිකරණය තුළට ගොස් අවසරයක් නැතුව ඡායාරූප ගත්තා නම් වදක් තිබෙනවා...... නමුත් ඇය කියනවා එහෙම කලේ නැහැ කියලා වැරදි නොකර යම් පාර්ශවයක් චෝදනා කරනවා නම් වැරදියි නමුත් මරන දඩුවම දෙන්න පුලුවන් වරදක් නොවයි අධිකරණයේ තීන්දුවෙන් පස්සෙ හොද හොද විදිහට පෑන හසුරුවන්න පුලුවන් ඔය කාටත් ඕනා තරම් වරදිනවා. මාධ්‍ය වේදියෙක් සාමාන්‍ය හිතලා වැරදි කරන එක අඩුයි.....
අධිකරණ පුවතක් වාර්ථාකිරිමේ දී උසාවි භුමියේ ඡායාරෑප ගැනීමක් සිදුවී ඇත්තම් එය වරදක් කියන එක මාධ්‍යෙය් කටයුතු කරණ හැමෝම දන්නා කාරණයක්. නමුත් මාධ්‍යෙව්දිනිය එම කටයුත්තට දායක වී නොමැතිනම් ඒ පිළිබදව අධිකරණයේ දී ගැටළුවක් නොවනු ඇත. කෙසේ නමුත් සිද්ධියක් වාර්තා කිරීම හදු මාධ්‍යෙවේදීන්ගේ කටයුක්තක් මොක ද රටේ මිනිස්සුන්ට තොරතුරැ ලබාදීම මාධ්‍ය යෙයේ කාර්යය භාරය.
පොලිසියත් මහජන මිත්‍රශිලි කියලා බෝඩ් ගැහැවුට වැඩක් නැහැ. ඒක එයාකාරයෙන් ක්‍රියා කරන්න ඕනා. මාධ්‍යවේදිනුත් තමන්ගේ සීමාව දැනගෙන වැඩ කරන්න ඕනෙ. දැන් එයාට මෙයාට බෝල පාස් කරලා වැඩක් නැහැ.
අධිකරණ ශාලා ඇතුලත හෝ අධිකරණ භූමියේ ඡායාරූ ගැනීම, වීඩියෝ කිරීම ආදිය වරදක් වශයෙන් සැලකීමට හේතුව මොකක්ද?
මාධ්‍යය වේදියෝ එක්තරා විධියකින් "විප්ලව වාදියෝ". අප එහෙමෙ කියන්නේ මාධ්‍යය වේදියෝ අසාධාරණය, දුෂණය හා අමානුෂික බව නොඉවසන නිසා. පොලිසිය එහි අනික් පැත්ත. හේතුව ඔවුන් බලයේ ඉන්න ඕනෑම දුෂිත පිරිසකට සේවය කරන්න නිළ වශයෙන් බැඳිලා ඉන්න නිසා. මාධ්යයවේදියෝ නිදහස් සටන් තුලින් ඒ ඒ යුගයේදී තමන්ටම කියා ආවේනික වූ සම්ප්‍රදායන් හා ක්‍රමවේද සකස් කර ගන්නවා, මාධ්‍යයවේදියා බොහෝ විට ඉන්නේ අසාධාරණයට විරුද්ධව වීථි බසින ශිෂ්‍යයන් හෝ ජනතාව සමගයි. මේ හේතුව නිසාමත් ඔවුන් පොලිසියේ උදහසට ලක්වෙනවා. විහිළුව වන්නේ මේ සියලුම අසාධාරණකම් පිටුපස සිටින දුෂිත දේශපාලකයා මාධ්‍යය වේදීන්ට දන්සල් සංග්‍රහ මෙන්ම ලැප්ටොප් තෑගි දෙන්න සුදානම් වීමයි.