(අමල් වික්‍රමරත්න / අනීෂා මානගේ)
රන් භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් සැකපිට තංගල්ල පොලිසියට අවශ්‍යව සිටි ප්‍රවීණ ගායකයකුගේ බිරිඳ අද(9) උදෑසන පොලිසියට බාර වී ඇති බව තංගල්ල පොලිසිය පවසයි.
31 වියැති ඇය තංගල්ල ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක සේවය කරමින් සිටියදී 2012.11.14 දින සිට 2016.04.22 දක්වා වූ කාලයේ බැංකුව තුළ සිදුවූ රුපියල් 9,89,000ක් වටිනා රන් භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් එම බැංකුවේ කළමනාකරු විසින් තංගල්ල පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් සිදු කර ඇත. ඒ අනුව අද(9) ඇය නීතිඥයකු මාර්ගයෙන් තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයට බාර වී ඇත.
අද දිනයේ ඇය බාර නොවූයේ නම් ඇය සඟවා තබාගැනීමේ චෝදනාවට ඇයගේ සුප්‍රසිද්ධ සැමියාද අත්අඩංගුවට ගැනීමට ඉඩතිබූ බවත් පොලිස් ආරංචිමාර්ග සදහන් කරයි.
මෙම වංචාව සම්බන්ධ සිද්ධිය පොලිසියට වාර්තාවීමෙන් පසු වසර එකහමාරක පමණ කාලයක් සිද්ධිය යටගසා තිබීම පිළිබඳවද මේ වනවිට පරීක්ෂණ ආරම්භවී ඇත. එම සිද්ධිය යට ගැසීම පිටුපස රුපියල් ලක්ෂ ගණනාවක අල්ලස් ගැනීමේ සිද්ධියක් ඇති බවක් ද මේ වන විට අනාවරණය වී තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න පුතාලට මඩ ගහන්න හොඳ අවස්ථාවක්.
ගුත්තිලයාණනි එන පොට හොඳ නැත. දරුවෝ කියපු කතා ඇත්ත වෙන්නයි යන්නේ.
බැදුම්කරය වගේද මේවා ??
අපගේ සිත් සනසා ලු ප්‍රවීන ගායකයින් රටේ සුවිශේෂී පුද්ගලයින් මෙන් ම රටේ සම්පත් වන බැවින් ඒ බව සැලකිල්ලට ගෙන, මෙම ප්රශ්නය අදාළ පාර්ශවයන් සාකච්චා කර ගොඩින් බේරා ගැනීමට කටයුතු කිරීමට සැලැස්වීම වඩාත් සුදුසු වෙයි. එතුමන්ලා අසතුටින් ජීවත් විය යුතු අය නොවේ.
අපේ රටේ පොලිසිය ඉන්නෙත් පොඩි මිනිහව කුදලගෙන ගිහින් අතපය කඩන්නයි බොරු නඩු පටලවන්නයි.මෙතරම් ලොකු වංචාවක් කරල අවුරුදු කීපයක් මගහැරල සමාජයට ලොකු මිනිස්සු හැටියට මුහුන දෙන්නත් මේ අයට ලැජ්ජාවක් නැති හැටි.
ප්‍රවීණ ගායකයෙක් නිසා සමාව දෙමු...............
සිද්ධිය කලින් වතාවේ යට ගහන්නත් වෙනත් ප්‍රවීනයන්ගේ උදව් ලැබෙන්න ඇති. සාමාන්‍යයෙන් පුද්ගලික බැංකුවක නම් මෙලහකට නඩුව අහලා දඬුවමුත් දීලා. දැන් ඉතින් සුප්‍රසිද්ධ සැමියා රටේ ලොකුම ලොක්කෝ ටික ලඟට ගිහින් කෙඳිරි ගාලා මේක ගොඩින් බේරා ගන්නේ නැද්ද බලන්න .
ඉරාජ්..!! ඔබගේ අවදානය පිණිසයි...........!!!
රත්තරන් කෙණ්ඩියක් ද වංචා කරලා තියෙන්නේ
අපේ ගයකයට ඕක මහා මුදලක් නෙමෙයි.
දෙදහස් දොළහේ ඉඳල බැංකු මැනේජර් පොල්ගැවද මේ මඩ ගහන්න නිර්මාණය කල නඩුවක්
ඇත්ත කියපු ඉරාජ්ට ඔක්කොම පණ යනකන් බැන්නා.
වෙදගේ මහත්මයා මේක රාජ්‍ය බැංකුවක්නේ. ඉතින් ඇතුලේ සිදුවෙන වංචා විමර්ශනයට සහ පාරිභෝගික ෆයිල් එකක් මේ මේසයේ සිට අල්ලපු මේසයට යන්න ගතවෙන්නේ එකම කාලයක්නෙ. සාමාන්‍යයෙන් අවුරුදු 5ක් වගේ ඔය වැඩ වලට යනවා.
ඕනෑම වරදකට යමෙක් සැකකරුවෙක් විය හැක. කරුණු හරි හැටි නොදැන ඔවුනට අපහාස කිරීමෙන් වැලකීසිටීම හොඳ මනුෂ්‍ය ගතියකි. අප ඕනෑම කෙනෙක් යම්දිනක මෙවැනි තත්වයකට පත්විය හැකි බව අමතක නොකරමු.
වැරදි කලා නම් දඩුවම් දෙන්න ඕන. අපේ රටේ වැරදි කරපු අයට සමාව දීපු නිසා තමයි රටට මෙහෙම වෙලා තියෙන්නේ.
බැඳුම්කර වංචා, දේසපාලුවන්ගේ මිලියන ගණන් දුෂණ අපේ රටේ ප්‍රශ්න නෙමේ. වික්ටර් තමයි අපිට තියෙන ලොකුම ප්රශ්නය.
කොහොම වුණත් දැන් වැරදි වෙලා ඉවර නිසා වරදට දඬුවම් දීලා රටේ ගෞරවය රැක ගත්තා නම් හරි. වපුරපු දේ තමයි තමන්ට අස්වැන්න වෙන්නේ...