උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර වසර දෙකකට පසු ඉහල මට්ටමේ සාකච්ඡා ආරම්භ වී තිබේ. දකුණු කොරියාවේ පන්මුන්ජොම් තාවකාලික සහන ගම්මානයේ සාම මන්දිරයේදී එරට වේලාවෙන් උදෑසන 10.00ට ආරම්භ වී ඇති සාකච්ඡා සඳහා එක් රටකින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පස් දෙනකු බැගින් සහභාගී වී ඇත.
මෙම සාකච්ඡාවේදී පෙබරවාරි මාසයේ පැවැත්වීමට නියමිත ශීත සෘතු ඔලිම්පික් ක්‍රීඩා උළෙලට උතුරු කොරියාවේ සහභාගී වීම සම්බන්දව ප්‍රධාන වශයෙන් කතාබහට ලක්වනු ඇති බව පැවසේ. දෙරට අතර අභ්‍යන්තර සබඳතා වර්ධනය කිරීමේ හැකියාව සම්බන්දව ද සාකච්ඡා කෙරෙනු ඇති බව දකුණු කොරියාව පවසයි.
උතුරු කොරියාව පසුගිය කාලයේ දිගින් දිගටම සිදුකල න්‍යෂ්ටික හා මිසයිල අත්හදා බැලීම් හමුවේ දෙරට අතර සාකච්ඡා බිඳවැටුණු අතර අවසන් වරට දෙරට අතර ඉහල මට්ටමේ සාකච්ඡා පැවැත්වී තිබුනේ 2015 වර්ෂයේදී ය. මේ කාලයේ දෙරට අතර සෘජු දුරකතන සබඳතා පවා කපාහැරුනු අතර එවා නැවත ස්ථාපිත කෙරුනු බව සඳහන් විය.
(රොයිටර් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ එකම රට, එකම ජාතිය, බෙදුනේ අනුන්ගේ උවමනාවට කරපු යුද්දෙයක් නිසා. කොහොම හරි එකතු වෙලා එක රටක් වෙන්න. ලෝකයම වනසන්න පිස්සු මානසිකත්වයෙන් දඟලන ඇමෙරිකාව එතකොට ඒ ශක්තියෙන් පරාජය කරලා ආසියාවේ ශක්තිමත් රාජ්‍යයක් බවට පත් වෙන්නට කොරියාවට පුළුවන්. එය ලෝක සාමයටද මගක්.
මෙය ආදර්ශයට අරගෙන අපේ රටේ පක්ෂ නායකයෝ අපි නිදහස ගැනීමට පෙර සිටිය වගේ බල ලෝභය අතහැර රට ජාතිය ගැන හිතල සුළු ජාතින් නොමග යැවීමෙන් වැලකි එකතුවෙලා ජාතික ප්‍රතිපත්ති හදල මේ රට දියුණු කරන්න හිතුවොත් හොඳ නේද