(සටිනාමළුව අනීෂා මානගේ)
බැඳුම්කකර කොමිසමෙන් හෙළි වූ කරුණු නිසා ඉදිරියේදී ජනාධිපතිවරයාට ජීවිත තර්ජන පවා එල්ල විය හැකියැයි එක්සත් ජාතික නිදහස් සංධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
මුදල් වංචාවක් සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිසමක වාර්තාව කඩිනමින් ප්‍රකාශයට පත්කළ ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනාධිපතිවරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා ඉතිහාසගතවන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
මහින්ද අමරවීර මහතා මෙසේ පැවසූවේ හම්බන්තොටදී පැවති ජන හමුවක් අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.
‘‘ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන මහතා විසින් පත් කරන ලද විශේෂ ජනාධිපති කොමිසමේ වාර්තාව පසුගියදා ප්‍රකාශයට පත්වුණා.
ඒ හරහා මෙතෙක් ලංකාවේ සිදුවූ විශාලතම මුදල් වංචාව පිලිබඳ තොරතුරු රැසක් හෙළිදරව් වුණා. ඒ නිසා අපි හිතන විදිහට ඉදිරියේදී ජනාධිපතිතුමාගේ ජීවිතයට පවා තර්ජන එල්ල වීමේ අවදානමක් තියෙනවා.
ශ්‍රී ලංකාවේ පළමුවරට ආණුඩුවක් විසින් මහා සොරකමක් සම්බන්ධයෙන් පත්කළ කොමිෂන් සභා වාර්තාව දැන් යථාර්ථයක් බවට පත් වෙමින් තිබෙනවා. මීට පෙර මෙවැනි කොමිෂන් කීයක් නම් පත් කළාද? ඒවා මඟින් ලබා දුන් වාර්තා සියල්ල හමස් පෙට්ටියට ගියා. නමුත් ඉතිහාසයේ පළමු වතාවට මුදල් වංචාවක් සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපති කොමිසමක් පත් කිරීම සහ එම වාර්තා කඩිනමින් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කළේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාය.
ඒ නිසා තමන්ගේ නායකත්වයෙන් තිබෙන රජයේ මුදල් වංචාවක් සොයා බැලීම සඳහා කොමිසමක් පත් කිරීම ගැන එතුමා ඉතිහාසගත වෙනවා.
මීට පෙර කවදාවත් එවැන්නක් සිදු වී නැහැ. බොහෝවිට කොමිෂන් වලින් වුනේ හොරකම යට ගහපු එකයි. අපි කියන්නේ මේ රමේ දේශපාලනය පිරිසිදු වීමට නම් මහජන දේපළ ගසාකාපු සියලු දෙනාට අනිවාර්යෙන්ම දඩුවම් කළ යුතු බවයි.අපි දන්නවා පසුගිය ආණුඩුව කාලයේදීත් මහජන දේපළ සොරකම් කළ අය සිටියා. දැන් මේ ආණ්ඩුවෙත් ඉන්නවා. ඒ නිසා අපි මේ ආණුඩුව පත් කලේ උඹේ හොරකම මම වහන්නම්. මගේ හොරකම් උඹ වහපන් කියලා දෙගොල්ලෝම සොරකම් කරන්න නෙවෙයි. අපි ඒකට ඉඩ තියන්නේ නැහැ. මහජන දේපළ වංචා කරානම් කවුරුත් තරාතිරම නොබලා දඬුවම් කළ යුතුයි.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කියන්නේ හොරකම් වලට ඉඩදෙන කෙනෙක් නෙවෙයි. එතුමා රටට හොඳ ආදර්ශයක් දී තිබෙනවා. ඒ නිසා අපි සියලු දෙනා එතුමා ආරක්ෂා කර ගත යුතු යැයි ද අමාත්‍යවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක වාර්තාවක් ගැන හරි කියපු එක ලොකු දෙයක් නමුත් ජනාධිපති තුමාගේ අතේ තිබුණු අනිත් වාර්තා තිස්හතර ගැන එක වචනයක් වත් කිව්වේ නැත්තේ මොකද?? - ගමේ ඡන්දෙ වෙනුවෙන් රාජ්‍ය නායකයා ඔච්චර පහතට වැටිය යුතු නැහැ - මට නම් ජනාධිපතිතුමා තුලින් පෙන්නේ ගමේ ගොඩේ ශ්‍රී ලංකා කාරයෙක් මිසක් කෘතහස්ත රාජ්‍ය පාලකයෙක් නෙවෙයි.
ඔන්න මම අද කිව්වා කියල ලියල තියාගන්න. පාර්ලිමේන්තු මැතිවරණයේදී විමල් එජාපයෙන් කොලඹින්, නාමල් එජාපයෙන් හම්බන්තොටින් ඉල්ලනවා. චමල් , දිනේෂ් දෙන්න විතරක් නිදහස් පක්ෂෙන් ඉල්ලනවා. මහින්ද තරග කරන්නේ නැහැ .
අනේ ඇමතිතුමනි, මටනම් මම ගැනම ලැජ්ජාවක් ඇතිවෙනවා මේ ජනාධිපති තුමාට කතිරේ ගහපු එක ගැන, මේ ගමේ ගොඩේ ඡන්දෙ වෙනුවෙන් ජනාධිපති තනතුර බින්දුවටම දාලා - තමන්ව එම තනතුරට ගෙන්න ගෙදර තිබිච්ච සල්ලි වියදම් කරපු මිනිස්සුන්ට නේද මේ මනුස්සයා මේ පහර දෙන්නේ, මේවා ජනාධිපති කෙනෙකුට තියා ගමේ සාමාන්‍ය මනුස්සයෙකුට වුනත් සුදුසු නැති දේවල්.
ඇයි නම් විස්තර කියන්න බැරි? කාගෙන්ද මරණ තර්ජන එල්ල වෙන්නේ?
පැරකුම් යුගයක් නැවතත් ඇතිකළ පුලතිසි පුරයේ ගොවි රජාව අපි ආරක්ෂා කළ යුතුයි...........
ජනපතිව රකින්න ගොටාභය මහතාව ආරක්ෂක ලේකම් කරන්න.
ජනාධිපතිට ජීවිත තර්ජන එල්ල වෙනවානම් වෙන්නේ අර රුසියානු හැකරා ඇමරිකාව ඉල්ලද්දි රුසියාවට හොරෙන් පන්නපු එකටයි.. ඉල්ලං කෑවට අපි මොනවා කරන්නද..? මහාරාජයි බෑණයි එක්ක ඒවා බේර ගන්න කියන්න..
මෙවැනි ප්‍රකාශයක් ජනමාධ්‍යයන්ට කිරීමෙන් අමාත්‍යතුමා බලාපොරොත්තු වන්නේ කුමක්ද ??? ජනපති තුමාගේ ජීවිතයට අනතුරක් ඇතිවෙන බවට තොරතුරු තියනවානම් ඒවා රහසිගතව අදාළ ආරක්ෂක අංශ වලට දන්වනවා මිසක් මාධ්‍ය ඉදිරියේ මෙවැනි ප්‍රකාශ කිරීමෙන් සිදුවෙන්නේ එම පුද්ගලයින් නීතියට හසු කර ගැනීම වැලක්වීමක් නේද ??