(කටුනායක ටී.කේ .ජී.කපිල )
ශ්‍රී ලංකාවට නීතිවිරෝධී ලෙස ගෙන ඒමට තැත් කළ ඇමෙරිකානු ඩොලර් සහ දුම්වැටි තොගයක් රැගත් පුද්ගලයකු ඊයේ (05) දින දහවල් කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බැව් රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය .
මොහු චාවකච්චේරිය ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු ඊයේ දහවල් 2.30 ට පමණ ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 130 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ , එහි කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති හරිත මාවත ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටතට යමින් සිටියදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි .
මෙම පුද්ගලයා රෙදි වලින් සකස් කළ කුඩා ඉන පටියක ඇමෙරිකානු ඩොලර් 25,000 ක් සගවා ගෙන තිබී රේගු නිලධාරීන් විසින් සොයා ගෙන තිබුණි .
ඊට අමතරව ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ලේ විවිධ ස්ථාන වල , රෙදි අතර සගවා ගෙන තිබූ දුම්වැටි පැකට් 120 ක් ද රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි .
මේ සියල්ලේම වටිනාකම රුපියල් 40 ලක්ෂයක් බව රේගුව ප්‍රකාශ කරයි.
මෙම අත් අඩංගුවට ගැනීම රේගු අධිකාරී එම්.එම්.පී.රෝහණ සහ සහකාර රේගු අධිකාරී මාධව පෙරේරා යන මහත්වරුන් විසින් සිදු කර තිබුණි .
මේ පිළිබඳ වැඩිදුර රේගු පරීක්ෂණ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරුන් වන ආර්.සත්කුමාර සහ එච්.ආර්.වී.පී.විජේවර්ධන යන මහත්වරුන් විසින් සිදු කරමින් පවතී .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd