තරිඳු ජයවර්ධන
සපුගස්කන්ද පොලිසියේදී සිදුවූ බව කියන සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තාවක් ලබා දෙන ලෙස නීතිය හා සාමය ඇමැති සාගල රත්නායක මහතා කොළඹ අපරාධ කොට්ඨාසයට දැනුම් දුන්නේය.
විමර්ශනයේ මූලික වාර්තාවක් හෙට පෙරවරු 11 වන විට තමාට ලැබෙන්නට සලස්වන ලෙස ද ඇමැතිවරයා කොළඹ අපරාධ කොට්ඨාසයට දැන්වීය.
ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්රී ආචාර්ය අශෝක රංවල මහතා ප්රකාශ කළේ සපුගස්කන්ද වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයා තමාට පහර දුන් බවයි. සපුගස්කන්ද වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයා ප්රකාශ කළේ අශෝක රංවල මහතා තමාට පහර දුන් බවයි. එම සිද්ධියට රන්වල මහතා රිමාන්ඩ් කරනු ලැබ සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලීසියටත් කොන්දක් ලියලන එක සුභවාදී ලක්ෂණයක්....
ලංකාවේ පොලිසිවලට ආරක්ෂිත කැමරා පද්ධතියක් සවිකළ යුතුයි. හඬ පට පටිගත කිරීමද සහිතවම.... කොහොමටත් ලංකාවේ පොලීසිවල තියෙන්නේ අමුතුම සංස්කෘතියක්. කාකි ඇඳුමට බැස්සම අමුතු වෙනවා. අඩුම තරමින් මාසයකට වරක්වත් පොලිසිය පැමිණිලි නිරන්තරයෙන්ම අසන්නට ලැබෙනවා.
මහරෑට මංකොල්ලකාර චූදිතයෝ බේරගන්න පොලිසියට යන්නේ සහචරයොත් එක්ක පලා බබ්බු වැඩ පෙන්නන්න නෙමෙයිද?
පොලිසියේ හැසිරීම නින්දා සහගතයි. මේ අය කරන්නේ මහජන සේවයක් බව අමතක කර අතේ පයේ හයිය පෙන්නන්න ගියාම රජයත්, රටත් අපකීර්තියට පත්වෙන එකයි. අන්තිමට තමන්ගෙ රස්සාවත් නැතිකරගෙන දුකට වැටෙනවා.