කිසිදු රාජ්‍ය ආයතනයක් සතු දේපළ සම්පත් හෝ වාහන මැතිවරණ කටයුතු සඳහා භාවිතා කිරීමට ඉඩ නොතැබීම අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ වගකීමක් බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කර ඇත.
ජනපති මේ බව අවධාරණය කළේ අමාත්‍යාංශ ලේකම්වරුන් සමග අද (5) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුව අමතමිනි.
මැතිවරණ කටයුතු හේතුවෙන් රාජ්‍ය ආයතන මගින් සිදුකරනු ලබන දෛනික මහජන සේවාවන් කිසිසේත් අතපසු නොවිය යුතු බව ද ජනපති එහිදී දන්වා සිටි අතර සෑම අමාත්‍යාංශයකම මාධ්‍ය ඒකකයක් ස්ථාපිත කර අමාත්‍යාංශ මට්ටමින් සිදුකරන සංවර්ධන වැඩසටහන් සහ මහජන සේවාවන් පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැදගත්කමද පෙන්වා දුන්නේය.
අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ වාර්ෂික විදේශ සංචාර පිළිබඳ පාලනයක් සහ විධිමත් ක‍්‍රමවේදයක් අනුගමනය කිරීමේ අවශ්‍යතාවය ද රජයේ ආයතනවලට වාහන මිලදී ගැනීම සහ පවත්වාගෙන යාම පිළිබඳ විධිමත් ක‍්‍රමවේදයක් අනුගමනය කිරීමේ අවශ්‍යතාවය ද අවධාරණය කළ ජනපති ආණ්ඩු මාරුවන විට වාහන අස්ථානගතවීම් වැනි අක‍්‍රමිකතා ඒ මගින් මගහරවා ගැනීමට අවස්ථාව ලැබෙන බවද කියා සිටියේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලේකම් මල්ලි කියනා දේ අහන්නකෝ... දෙන්න එපා මගේ රථ ටික හරකුන්ට... දුන්නොත් නම් ඔබ යනවා ඇතුළටම... දෙවි පිහිටයි මල්ලියේ නුඹට ...
හැබැයි ඉතින් ජනාධිපතිතුමා විසින්ම රටේ මාධ්‍යය උපයෝගී කරගෙන තම පක්ෂය උපරිම ලෙසින් ප්‍රවර්ධනය කරන බව නම් පේනවා. ලඟදි අපි දැක්කා විද්‍යුත් මාධ්‍යයෙන් බුලත් අතක් පෙන්වා එයට පමණක් ඡන්දය දෙනමෙන් ඉල්ලා සිටියා...
විශිෂ්ට ප්‍රකාශයක් ජනාධිපති තුමනි. ඔබ වැනි අවංක දේශපාලන නායකයෙක් අපට ආඩම්බරයක්.