(උපාලි ආනන්ද)
තන්තිරිමලේ සහ සිලාවතුර සීමාවේදි පොලිසිය සොයා ගත් වෙඩි තබා ඝාතනය කෙරුණු කල්ලාරු ඇතාගේ ඇත් දළ යුගල ජාතික සත්වෝද්‍යාන දෙපාර්තෙමින්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාටත් ජාතික තක්සේරු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාටත් යවන ලෙස අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ශණ කැකුණවෙල මහතා අද(8) නියෝග කළේය.
ඒ මෙම ඇත් දළ යුගල සැබෑ ඇත් දළද යන්න විද්‍යාත්මකව තහවුරු කර ගැනීම සදහා සහ දළ යුගලයේ වටිනාකම තක්සේරු කිරීම සදහා එසේ ඔවුන් වෙත යැවීමට නියෝග කෙරිණි.
වෙඩි තබා ඝාතනය කර ඇති බවට සැක කෙරෙන කල්ලාරු ඇතාගේ ශරීර කොටස්ද ඉකුත් 5 වැනිදා සිලාවතුර මොල්ලිකුලම් ප‍්‍රදේශයේදී සොයා ගැනීමට අනුරාධපුර කොටිඨාස අපරාධ විමර්ශන අංශයේ නිළධාරීහූ සමත් වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd