රංජන් කස්තුරි
ඕමාන් රාජ්‍යයෙන් ආනයනය කරන ලද යූරියා මෙට්‍රික් ටොන් 48000ක් හෙට (08) කොළඹ වරායට පැමිණීමට නියමිත බව ලංකා පොහොර සමාගමේ ක්‍රියාකාරී අධ්යක්ෂ රවී ක්‍රිෂාන් ජයවර්ධන මහතා පැවසීය.
එම පොහොර තොගය හෙට දහවල් 12ට පමණ සිට වරාය පරිශ්‍රයේ සිටම දිවයිනේ විවිධ ප්‍රදේශවලට බෙදා හැරීමට කටයුතු කරන බව ද ඒ සඳහා ලොරි රථ 250ක් සූදානම් කර තිබෙන බවද ජයවර්ධන මහතා කීවේය.
ඒ අනුව අනුරාධපුරය, පොළොන්නරුව, හම්බන්තොට, මහියංගනය ආදී ප්‍රදේශවලට පොහොර බෙදා හැරෙන අතර ඉදිරි දින තුන ඇතුළත ගොවීන්ට හිඟයකින් තොරව පොහොර ලැබෙනු ඇතැයි බවද ක්‍රියාකාරී අධ්යක්ෂවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කල් වැඩියි. ගොයම් පැහුණායින් පස්සෙද ගෙන්වන්න තිබුණේ?
අනේ අපොයි ඡන්දය ගැන හිතලවත් ඔය පෝර ටික කලින් දෙන්න තිබුණනේ. පාලකයන්ගේ මොලේ තරම ඒකෙන්ම පේනවා.
මේ නැව ගිය සතියේ නේද එනවා කිව්වේ. වරායේම ඉදලා පොහොර ලොරි 400 කින් රට පුරාම බෙදනවත් කිව්වා. අනේ මෙහෙමත් බොරු කියලා ජනතාව රවටන කැබිනට් මාධ්‍ය ප්‍රකාෂකලා. කොහොමටත් දැන් වගාව පාලු වුනාට තියෙන පිළියම තමයි, කෘෂිකර්ම ගොඩනැගිල්ල ආපසු බාරදීලා, මසකට ලක්ෂ 245 කුලිය ඉතුරු කරලා වී ගොවියාට බෙදාදීම. ලුසේනා.
ඉස්සර හම්බන්තොටට නැව් එනකම් හිටියා, දැන් කොළඹට නැව් එනකම් බලන්ඉන්න වෙලා!
කොමිස් කුට්ටි වලට කෑදර කමේ හැම දේම රටින් ගෙන්වනවා. කෘෂිකාර්ම අමාත්‍යංශයේ වැඩකට නොගත් බිල්ඩිමේ සල්ලි එකතු කලානම් ලංකාවේම පොහොර ටික හදලා ගොවියන්ට 1 ට 1 ක් අඩුවට දෙන්න තිබ්බා. ගොවියා රජ කරවන්න මෙයාලට උවමනාවක් නෑ.
හා හා වැඩිය පින්තුර දාන්න එපා ඕක එන්නේ වෙන රටකට යනගමන් තෙල් වතුර ගහගෙන යන්න
ගිය සතියේ පකිස්ථානෙන් එනවා මාකිව නැවද මේ ඕනයේ ඉඳල එන්නේ? බළලා ගලේ පැහැරුවම වලලා දමන්න අමරුයිලු නේද?
ගොයම් කැපුවට පසු ගොවියා අමුඩ ගහන්නේ නෑ. ඕක පිටරට ගොවියාටම යැව්වොත් නේද හොඳ
නන්දා මාලනියගේ 'රටකරවන්ටනම් මසුරන නැතුව බැරි, වටිනා කියන දේ විකිණිය යුතුය රටේ...' තම ගැලපෙන්නේ.