(අංජුල මහීක වීරරත්න)
බැඳුම්කර කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් විවාද කිරීම සඳහා පාර්ලිමේන්තුව වහා රැස්කරන්නැයි කතානායක වරයාට දැනුම් දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බොරැල්ල කැම්බල් පිටියේදී එක්සත් ජාතික සම්මේලනයේදී පැවසීය.
විවාදයට පාර්ලිමේන්තුව කැදවීමට හැකියාව තිබේදැයි ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතාද තමන්ගේන් විමසූ බව කී අග්‍රාමාත්‍යවරයා, තවත් පකෂ නායකයන් කිහිප දෙනෙකු මේ පිළිබඳව කරුණු දක්වා ඇති බව මාධ්‍යයෙන් දුටු බව සඳහන් කළේය.
කොමිෂන් වාර්තාව පෙන්වමින් කතා කරන ඒකාබද්ධ විපක්ෂයටත්, මාධ්‍යටත් යමක් කිව යුතුව තිබෙන බවත්, කොමිෂන් සභා වාර්තාවෙන් හෙලිවන තත්ත්වයට සමාන තත්ත්වයක් 2008 වසරේ සිට සිදු වී ඇති බව කොමිෂන් සභාවේ අදහස බව දැන ගත යුතුව ඇති බවත් අගමැතිවරයා කීය.
සේවක අර්ථසාධක අරමුදල වැඩිපුරම විනාශ වී ඇත්තේ 2018.2015 අතර කාලය තුළ බව කොමිෂන් සභාව සඳහන් කරනවා. අධිකරණ හමුවේ නඩු පවරා මේ මුදල් ගත යුතුව තිබෙනවා. එවැනි දස දහස් ගුණයක් සොරකම් කිරීම පිළිබඳව නිහඬව ඉන්නේ ඇයි?
මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ විවාද කිරීමට අප සූදානම්. එය පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරමු. යනුවෙන් ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලු දත්ත සමගින් විවාදය සඳහා සුදානම් වන්න. එවිට මොවුන්ගේ ඡන්ද ව්‍යාපාරයද එතැනින්ම ලොප් වනු ඇත.
අදට අවුරුදු 3යි ජනතාව අන්දලා. දැන්නම් ලක්ෂ 62ක් නැහැ. ලක්ෂයක් දෙකක්වත් බේරගන්න බලමු.
යහපාලනයේ ඡන්ද දායකයින් වශයෙන් 63 ලක්ෂයක් වන මහජනතාව අපේක්ෂා කරනුයේ පාර්ලිමේන්තු විවාදයක් පවත්වා මේ අපරාධය යට ගැසීම නොවේ. පාර්ලිමේන්තු විවාදයකින් මහජනතාවට සෙතක් නොවන බව ඉතිහාසය පෙන්නුම් කරනවා මොනවට. මේ විවාදයෙනුත් රට මොනවා බලාපොරොත්තු වෙන්නද? මේ මොහොතේ අවශ්‍ය වනුයේ, ගරු ජනාධිපතිතුමන් විසින් පැවසූ අන්දමට රටට මහජනතාවට සිදුවූ පාඩුව අයකර ගැනීමයි.
අගමැතිතුමනි, ජනාධිපතිතුමනි , ඔයගොල්ලන්ට කැමති විදියට වාද විවාද කරගන්න. නමුත් ඕවා කරන්න ඉස්සෙල්ලා ඔය වාර්තාවේ සඳහන් වන සැකකාරයෝ අත්අඩංගුවට අරන් නඩු පවරන්න කටයුතු කරන්න. අර 2015 කලා වගේ ඡන්දෙට කලින් ලොකු නාටකයක් රඟ දක්වලා පස්සේ ඔක්කොම එකතුවෙලා අපිව රැවැට්ටුවා වගේ මේ පාරනම් කරන්න හදන්න එපා.. එහෙම වුණොත් 2020 දී ඔබලා සියලුදෙනාටම ගෙදර යන්න සිදුවේවි.
අපේ අගමැතිතුමාට රටේ සියලු දෙනාම ආශීර්වාද කරනවා.
ලොස් ඇන්ජලීස් චානක, ඔයාගේ බලාපොරොත්තු සියල්ල ලොස් කියන්න වෙනවා.. ඔයාගේ ලොක්ක 2008-2015 ගැන කියවනවානේ. ඒ අවු 7-8 ක කාලයකට. එ්ත් ඔයාගේ ලොක්කගේ මුල් මාස 2-3 ට මහා දවල් මංකොල්ල කාපුවා ගැන ඇයි එයා නොකියන්නේ? ඔයා දන්නවද, දැන් එයා කරුවලේ අත පත ගගා මරු කියවනවා..
රනිල් මහත්තයෝ, පුත්තලමේ බුරුවො ටිකකුත් වික්කනේ. දැන් මොකද කරන්නේ?
මේ තර්කවලට අනුව එල්ලා තැබීම හෝ වෙඩි තැබීම හෝ කළ යුතුය.
රුපියල් 1000ට හාල් කිලෝවක් ගන්න කෙනෙක් ඉන්නවා නම්, මම සතොසෙන් හාල් අරන් 1000ට විකුණනවා නම් ඒකෙන් ලාභය උපයන එක වරදක්ද? එයා සතොසෙන් හාල් ගන්න නොගන්න එක මගේ ප්‍රශ්නයක් නෙවෙයි. මෙතනත් බැඳුම්කර විකුණලා ලාභ ගන්න එක වැරදියි කියන අය, මේකට උත්තරයක් දෙන්න.
මොන වාද විවාද කලත් වැඩක් නැහැ. සියලු පාඩුව ජනතාවගේ කරපිට.
අනේ මහත්තයෝ එක හොරකමක් ඔප්පුකරන්න බැරි ඔබ තුමාට තව මොන කතාද ? සාක්කුවේ ඉන්න උන්ගේ හොරකං ඔප්පු වී ගෙන එනකොට පිස්සුවෙන් වගේ කියවන්නේ! බෝලේ අනිත් පැත්තට දාන්න හැදුවට පරිස්සමින්! ඕක සිංගප්පුරුව පැත්තේ වැටෙන්නත් පුළුවන් , ඔබතුමාගේ සාක්කුවටත් වැටෙන්න පුළුවන් ඉඩ කඩ වැඩයි