තරිඳු ජයවර්ධන
සමෘද්ධි සහනාධාර ලාභීන්ට නිවාස අලුත්වැඩියා කර ගැනීම සඳහා ලබා දී තිබූ රුපියල් 2500ක ණය සහනාධාරය අය කර ගැනීම නවත්වන ලෙස ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා උපදෙස් දුන් බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා පැවසීය.
පසුගිය ජනාධිපතිවරණයට ආසන්න කාලයේ දී මෙම ණය මුදල යෝජනා කර ඇති අතර සමෘද්ධි ලාභීන් ලක්ෂ 11ක් පමණ ණය මුදල ලබාගෙන ඇතැයි සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව කියයි.
වාරික 10ක් යටතේ මෙම ණය මුදල අය කර ගැනීමට නියමිතව තිබිණි.
පිරිසකගෙන් මේ වන විටත් එහි වාරික කිහිපයක් ලබා ගෙන තිබුණු අතර ණය මුදල් යළි ගෙවන ලෙස දන්වමින් සෙසු පිරිසට ලිපි යැවීමට පසුගිය දින කිහිපයේ සූදානම් කර තිබුණු බවත්, එම ණය මුදල අය කිරීම නතර කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන් බව ද , ඒ අනුව ලිපි යැවීම නතර කළ බව ද සුනිල් ජයන්ත නවරත්න මහතා කීවේය.
මෙය ස්ථිරවම නතර කරනවාද තාවකාලිකව නතර කරනවාද යන්න දැන්ම කිව නොහැකි බවත්, ඉදිරියේදී ඒ ගැන සාකච්ඡා කරන බවත් ආචාර්ය නවරත්න මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැතිවරණ කොමසාරිස්ගෙන් අහල බලලද මේවා කරන්නේ?
ඡන්දය ලග නිසා ඇතිවෙන්නට කැරට් තිබේ.. පසුවුන විගස ඡන්දය නියගයක් එතේ... නියඟය නිසා කැරට් තියා අලත් නැතේ... මේ හැම කරන්නේ ඡන්දය ගන්නටනේ අනේ...
ලැබෙන්න තියෙන මුදලක් ලබා ගැනීම නවත්වනවා කියන්නේ මුදලක් ලබා දුන්න වගේමයි. එය ඡන්දෙට අනියමින් කරන බලපෑමක්. ඒ අනුව මැතිවරණ වැරද්දක්.... මැතිවරණ කොමසාරිස් මේ ගැන මොකද කියන්නේ?
පුද්ගලික මුදලින් දුන්නු ණයද? නැතිනම් පොදු මහජන මුදලින් දුන්නු ණයද? රජයට ලැබෙන්න තියන මුදල් නම් මේවා අයකරගැනීම ගැනීම නිත්යනුකුලයි. ආපසු අයකර ගැනීම වැලැක්වීම චන්ද ගුණ්ඩුවක්.
චන්දෙට පෙර චන්ද ප්රතිපල! කාලෙකින් ආදර කතාවක් අහන්න ලැබුණා. කෙසේ වෙතත් සමුර්දි ලාබීනි මුදල් ලැස්ති කරන් සිටපල්ලා! චන්දෙන් පසු පොලියත් එක්ක ගෙවන්න.
මේවත් අර වගා ණය කපා හරිනවා වගේ ගැලරිය අමතන දේශපාලන තීන්දු. රටේ බදු සල්ලි වලින් හරි ණය සල්ලි වලින් හරි නම් මේ ණය දුන්නේ ඒක අය කර ගන්න වෙනවා. මොකද එහෙම නැතිවුනොත් කොහොමද වෙනත් අයට ආයි ණයක් දෙන්නේ?
කොමසාරිස් තුමෝ කඩුව ගන්නකො අතට
රටේ පළවැනි පුර වැසියා ඡන්ද නීති කඩනකොට අනිත් සුළු සේදපාලකයෝ ගැන කුමන කතාද?
හැබැටම සමෘධි තියෙන්නේ එක පක්ෂෙක මිනිස්සුන්ට විතරද? වහල්ලුන්ට නම් ජනාදිපති මොනවා කලත් වැරදියි.
දියේ ගහගෙන යන මිනිහ පිදුරු ගහෙත් එල්ලෙනවා කියල කතාවක් තියෙනවනේ. මෙවර මැතිවරනෙන් ලැබීමට නියමිත අන්ත පරාජයෙන් බේරීමට කරන මේ වැඩවලින් වැඩක් වෙන්නේ නැතිවෙයි. දැන් මිනිස්සු බලා විමසා වැඩ කරන්න පුරුදු වෙනවා ටික ටික. හැමදාම හැමෝම රවට්ටන්න අමාරුයි. රැවටෙන ප්රතිශතය ටික ටික අඩු වෙනවා.
මම පොහොර කියලා පෙන්නන්න ට්රයි කරනවා...
චතුරිකාගේ බිස්නස් වල ලාභයෙන් මේක ගෙවලා දානවලු. මොකද මේවා ජනාධිපතිගේ සල්ලි නෙමෙයි, අපේ සල්ලි....