රංජන් කස්තුරි
ඉකුත් 2017 වසරේ මුල් මාස 10ක කාලය තුළ රුපියල් කෝටි 2190ක අයවැය අතිරික්තයක් වාර්තා වී තිබෙන බව මුදල් අමාත්‍යංශය සඳහන් කරයි.
රටේ සමස්ත රාජ්‍ය වියදමට වඩා රාජ්‍ය ආදායමේ වැඩිවීම අය වැය අතිරික්තය ලෙස හඳුන්වන අතර වසර 63කට පසුව වාර්තා වූ ඉහළම අයවැය අතිරික්තය මෙය වන බව ද එම අමාත්‍යංශය සඳහන් කරයි.
1994 වසරේ සිට 2016 දක්වා සෑම වසරකදීම අයවැය පරතරය සෘණ අගයක් වූ අතර ඉකුත් 2016 වසරේදී අයවැය හිඟය රුපියල් කෝටි 3700ක් ලෙස වාර්තා වූ බව ද මුදල් අමාත්‍යංශ වාර්තාවල සඳහන්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකේ සත්‍යය නම් අය වැයෙන් වෙන්කල මුදල් ගිය වසර තුල වියදම් කර නැති බව. මෙහෙමත් රැවටිලි....
ඒ බව විදේශ විනිමය අනුපාතත් එක්ක සසඳලා බලනකොට නම් පෙනෙන්නේ නැහැ. ලංකාවේ රුපියල තවමත් ඉතාමත් දුර්වලයි. ඔය කියන අතිරික්තය රුපියලේ අගයට දැනිල නැත්තේ ඇයි???
ආර්ථික ඔස්තාර්ලා වගේ කොම්මෙන්ට් දාන්නේ නැතුව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිලිබඳ මහාචාර්ය සමන් සර් වගේ කෙනෙක්ගේ මේක ගැන ඇහුවනම් හරියටම කියල දෙයි මේක මොකද්ද කියලා. ආර්ථික විද්‍යාවේ යන්නවත් දන්නේ නැතුව රජයට අපහාස කරන්නම පුරුදුවෙච්ච පිරිසට කියන්න තියෙන්නේ ඔබලා ඔහොම ඔතනම ඉන්න අපි අපේ ගමන හරියට යන්නම් කියලයි.
2016 වසරේදී අයවැය හිඟය රුපියල් කෝටි 3700ක් නම් මෙම වසරේ (2017) රුපියල් කෝටි 2190ක අයවැය අතිරික්තයක් වාර්තා වී තිබීම හොඳ දෙයක්. අනික මෙතන කියල තියෙනවා රටේ සමස්ත රාජ්‍ය වියදමට වඩා රාජ්‍ය ආදායමේ වැඩිවීම නිසා මෙය සිදු උන බව. මෙම ප්‍රකාශය කලේ ඡන්දය බලා ගෙන වෙන්න ඇති. ඒත් ඇත්ත තත්වය මේක නම් එය හොඳ දෙයක්.