ඩබ්ලිව් ඒ පියතිලක
 
හිඟුරක්ගොඩ පිංපාර ප්‍රදේශයේ  දේවාලයක   කසිප්පු පෙරමින් සිටි කපුවකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත්?බව හිඟුරක්ගොඩ පොලිසිය කියයි.
 
දේවාලියේ තිබී කසිප්පු ස්ප්‍රීතු  මිලිලිටර 52500ක්, බැරල් 3ක්, බූලි, දඟර ඇතුඑ උපකරණ රැසක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
 
අත්අඩංගුවට ගන්නට යන අවස්ථාවේ කපුවා දේවාරූඪයෙන් සාත්තර කියන ආකාරයට සිටි බව පොලිසිය සඳහන් කරයි.    අත්අඩංගුවට පත් අනෙක් දෙදෙනා දේවාලයේ ආවතේවකරුවෝ වෙති.
 
කපුවා කසිප්පු සම්බන්ධ සිද්ධියකට මීට පෙරද අත්අඩංගුවට ගත්තකු බව පොලිසිය කියයි.