(උපාලි ආනන්ද)
ගිණුමිකරණය හා ආර්ථික විද්‍යාව ඉගෙන ගැනීමට තමාගේ නිවසට පැමිණි අනුරාධපුර නගරයේ ප‍්‍රධාන පාසලක සිසුවියකට(18) ලිංගික අතවර සිදු කිරීමට තැත් කළැයි ගොවි ජන සංවර්ධන ප‍්‍රාදේශීය නිලධාරියකු හෙට(9) දක්වා රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුණවෙල මහතා අද(8) නියෝග කළේය.
මෙසේ රිමාන්ඩ් කරනු ලැබුවේ අනුරාධපුර 3 වැනි පියවර ජයසිරිපුර අංක 3185/55 ලිපිනයේ පදිංචි පත්තම්පෙරුම ආරචිචිගේ සුසිල් රාජ් අමරසිරි නමැති ගොවිජන සංවර්ධන ප‍්‍රාදේශීය නිලධාරියෙකි.
මෙම සැකකරු විසින් සිය නිවසේ පවත්වා ගෙන යනු උපකාර පංතියකට සිසුවිය පැමිණ ඇති අතර සිද්ධිය වූ දිනයේ සැකකරුගේ බිරිඳ සහ දරුවන් නිවසේ නොසිටි අවස්ථාවක සිසුවියට මෙලෙස අතවර කිරීමට තැත් කර ඇති බව පොලිස් විමර්ශනවලදි හෙළිවී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙමාපියනි, ඔබගේ තරුණ දරුවන් මෙවැන්නන් ලඟට ඉගෙනීමට තනිවම නොයැවීමට මතක තබා ගන්න.
අද කාලයේ දෙමව්පියන්ට තරගයට පන්ති යවනවා මිසක් දරුවන්ගේ ආරක්ෂාව ගැන වගේ වගක් නැහැ. මේ පන්තියේ වෙනත් ළමයින් ඒ වෙලාවේ ඉඳලා නැද්ද? ඉස්සර අපේ අක්කාට ටියුෂන් දෙන්න ගෙදරට පිරිමි ගුරුවරයෙක් ආවාම ආච්චිව ටිකක් එහායින් බණ පොතක් එක්ක අම්මා වාඩි කලේ නිකමට නෙවෙයි. කියලා අපිට පසුවයි තේරුනේ.
දෙමව්පියන්ටත් අද කාලයේ අධ්‍යාපන රේස් එක මිසක් මෙලෝ සිහියක් නැහැ. දරුවන් පන්ති යන්නේ කොහෙද එතන තව ළමයි ඉන්නවාද ආරක්ෂා සහිතද මේ මොනවත් ඕනේ නැහැ උඩින් සමත් වෙලා පත්තරේ නම වැටෙනවානම් .