අමල් වික්‍රමරත්න
ඉදිරි පළාත් පාලන මැතිවරණයේ ආරක්ෂක කටයුතු සදහා පොලිස් විශේෂ කාර්ය බළකායේ සහයෝගය ලබා ගැනීමට තීරණය කර ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
ඒ සදහා දැනටමත් පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා සමග සාකච්චා කරනලදැයිද ඔහු කීවේය.
ඡන්දය අවසන් වීමෙන් පසුව සෑම ඡන්ද මධ්‍යස්ථානයකම සිට මීටර 400 ක් ඇතුළත ජනතාවට ගැවසීමට නොහැකි සීමාවක් බවට පත්කිරීමට තීරණයකර ඇත. ආරක්ෂක හේතු මත එම තීරණය පොලිසිය සමග සාකච්චාවකින් පසුව ගත්බව මහින්ද දේශප්‍රිය මහතා කීවේය.
මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මේ බව පැවසුවේ අද ගාල්ලේ පැවැති දැනුම්වත් කිරීමේ වැඩසටහනකට සහභාගී වෙමිනි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප නොදන්නා නිසා මෙම ප්රශ්නය ඇසීමට කැමැත්තෙමු. කිසියම් හෝ මහත්ම, මහත්මියන් මේ පිළිබඳව දන්නේනම් අප සමග එම දැනුම බෙදා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටින්නෙමු. මෙම ඡායාරුපයේ සිටින රජයේ උසස් නිලධාරීන් දෙදෙනා ඔබගේත් මගේත් බදුමුදල්වලින් වැටුප් ලබමින් ඔබට අපට සේවය කරන නිලධාරීන් බව නොරහසකි. එබැවින් මෙම නිලදාරීන් දෙදෙනාගේ නම්වලට ඉදිරියෙන් "ගරු" යන වචනය භාවිතා කිරීම නිවැරදිද? කරුණාකර වැරදිලෙස මෙම ප්රශ්නය දෙස නොබලන්න. කිසිවිටෙක මෙම උසස් නිලධාරීන් දෙදෙනාට පරිභව කිරීමට හෝ අපහාස කිරීමේ චේතනාවෙන් මෙම ප්රශ්නය මතු නොකළ බවත් කීමට කැමැත්තෙමු.
ගරු සේවය සදහා ගරු වචනය යොදනවා. යමේක් මූල්‍ය ප්‍රතිෂ්ඨාවක් නොලබා කරන සේවය සදහායි. නමුත් වැටුප් ලබන නිලධාරින් හැටියට ගරු කියන වචනය නොගැලපෙන දෙයක් යොදලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි අප රටේ සිටින සියලුම දේශපාලකයින්ද රජයේ වැටුප් ලබන අයයි එබැවින්ද ඔවුන්ටද ගරු යන වචනය යෙදීම නුසුසුදුය. ගරු කළයුතු පුද්ගලයින් සදහා ගෞරවාන්විතව යෙදන ගරු කියන වචනයද අප රටේ කිසිදු දේශපාලකයකුට යෙදීම නොවටී.
ඔය බෝර්ඩ් එකේ ගරු කියලා නොදැම්මා නම් ඕක පිළියෙළ කරපු අය ඉවරයි... ඕකයි සැබෑ තත්වය....