(රංජන් කස්තුරි)
ඊනියා යහපාලන ආණ්ඩුවේ ගෙවී ගිය වසර තුනක කාලය තුළ රටේ සෑම ක්ෂේත්රයක් පුරාම දැවැන්ත අර්බුද ගණනාවක් නිර්මාණය කර තිබෙන බවත් මහබැංකු මංකොල්ලය එහි බරපතලම සිද්ධිය බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ආණ්ඩුවේ ගෙවීගිය කාලයේ ඇමරිකා ඩොලර් බිලියන 14.6ක විදේශ ණය කන්දරාවක් ලබාගෙන ඇතත් එම ණය මුදලින් බෝක්කුවක්වත් ඉදිකර නැතැයි ද එම නිවේදනයේ සඳහන් වේ.
මොරගහකන්ද ජලාශය, රාජගිරිය ගුවන් පාලම, පොල්ගහවෙල හා ගණේමුල්ල ගුවන්පාලම් ඉදිකිරීමේ සැලසුම් හා ඒවාට මුදල් වෙන් කිරීම් සිදුකළේ තමාගේ ආණ්ඩු සමයේ දී බවද හිටපු ජනපතිවරයාගේ නිවේදනයේ සඳහන් වේ.
වැඩ බැරි ආණ්ඩුව තම තුන්වැනි සංවත්සරය සමරන්නේ අනුන්ගේ ව්‍යාපෘතිවලට තමන්ගේ නම දාගැනීමෙන් බවද මහින්ද රාජපක්ෂ මහතා එම නිවේදනයේ සඳහන් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බබෙක් කතා කරයි. එක පක්ෂයක සාමාජිකත්වය තියාගෙන තව පක්ෂවල් හදන්න අනුශාසනා දීලා, ඒවායේ මාධ්‍ය ශෝ වලට ගිහින් ස්ටේජ් නගින ඔයා හරිම හොඳයි. ඒවා අර්බුද ඇතිකිරීම් නෙමේ...
ඔබතුමා ගාව තියන රත්තරන් අශ්වයෝ, ලැම්බෝගිනි හොයන්න මෙයාලට ඡන්දෙ දීලා ලංකාවේ ජනතාව අද දුක් වෙනවා මහත්මයා...
හොඳ ප්‍රකාශයක් ජනාධිපතිතුමනි, දවසක් කිව්වා එයාට වැඩක් නැහැල්ලු අනාගතේ ණය ගෙවන එක පුළුවන් තරම් ඉක්මණට කරලා සල්ලි හොයාගන්න කියලා...
සහතික ඇත්ත. ඔය යථාර්තය පාරම්පරික එජාප අය පමණක් දකින්නේ නැත.
කොයි ආණ්ඩුව ආවත් ජාතික ප්‍රතිපත්තියක් නැති කමේ විපාකය තමයි ඔය පිළිබිඹු කරන්නේ... දියුණු රටවල ඔයවගේ බෙදිලි නැහැ. ජනතාවට වැඩකරනවා මිසක් මොන ආණ්ඩුවෙන් මුදල් වෙන් කළත් ඕවා ජනතාවගේ මුදල්... ඒක මතක තියාගෙන හැම පාලකයෙකුම අවංකවම වැඩකළා නම් අද මේ රට ගැන කියන්න වචන නැහැ. මගේ රටට දෙවියන්ගේම පිහිටයි.
අපි බොරුවට රැවටුණා.. ඔබතුමා එක තීරණයක් අරන් වැඩ කළොත් හොඳයි... කියවන්නේ නැතිව. අපි දෙනවා එතකොට ඡන්දෙ...
අනේ මෙහෙම තණ්හාවක්....අනේ මෙහෙම ආශාවක්! හොරු නියෝජනය කරන අයට මිනිස්සු ඡන්දෙ දෙන්නේ නැහැ.
ඔබතුමා ඉතුරු කර ගිය අර්බුද විසඳමින් ඉන්නේ.... තව ඉවසන්න.. බාල දේශපාලනේ නොකර...
අනේද කියන්නේ? ඔබතුමාගේ කාලයේ ඔබතුමා මැතිවරණයට නාම යෝජනා දීලා පහුවදා ශ්‍රී ලන්කන් ගුවන් යානයක් අරගෙන තිස්ස අත්තනායක ඇතුළු විශාල පිරිසක් සමඟ ඉන්දියාවේ දේවාලයකට පඬුරු, බාරහාර පුද කරන්න යන්න හැකි වන තරම් බලවත් තැනකට රට පත්කරලා තිබුනේ. පුතාගේ විසිරයාමේ පෙරෙට්ටුව බලන්න එංගලන්තයට ගිහිල්ලා ආපහු එන්න.... පවුලේ සියල්ල ඇතුළු කණ්ඩායමට ශ්‍රී ලංකන් යානයේ පළමු පන්තියේ ආසන ලබාදෙන ලෙස කල ඉල්ලීම ඉටු නොවුන අවස්ථාවේ මිහින් ලංකා හිස් යානයක් ලන්ඩන් නුවරට ගෙන්වාගෙන ආපසු පැමිණ ශ්‍රී ලන්කන් සභාපති අස්කොට ඔබතුමාගේ මස්සිනාට එම තනතුර ලබාදී ගුවන් සමාගම ගොඩ ගැනීමට හැකිවන අන්දමේ තැනකටයි ඔබතුමා රට පත්කර තිබුනේ. තව කියනවා නම් බොහොමයි. දැන් ඒවගේ දේවල් කරන්න තියා හිතන්නවත් පුළුවන් ජගතෙක් ඉන්නවද? ජයවේවා. රට නැවත ඊටත් වඩා එහාට ගිය පූර්ණ ඒකාධිපති සමයකට ගෙනියන්නට මේ මැතිවරණයේදී ඔබතුමාට ශක්තිය ලබාදෙත්වා. සාදු... සාදු... සාදු... !!!
වියරු මිනිසෙකුගේ අඳෝනාවක්, කිසිවෙකු ගණන් ගත යුතු නැත..
තේරුණා තේරුණා... දෙවතාවක්ම අන්ත කුජීතවෙලා. සර්ව බලධාරී ජනාධිපති වෙලා ඉඳලා දැන් නිකම්ම නිකන් මන්ත්‍රී වෙලා මදිවට පලාත් සභා මන්ත්‍රී වෙන්නද උත්සාහ කරන්නේ? මේක රට වෙනුවෙන් කරන දෙයක් නෙවේ. මේ එකාධිපතිගේ පවුලේත් ගෝල බාලයන්ගේත් අනන්ත අප්‍රමාණ දුෂණ, මිනි මැරුම් සහ අපරාධ සඳහා කොළ නැති ගහට යන එකෙන් බේරෙන්න කරන අවංක උත්සාහයක් යාලුවා. රටේ මිනිස්සුනට ඒක තේරෙනවා. පන්දන් කාරයින්ටත් ඒක තේරෙනවා. නමුත් තමන්ගේ වාසියට නොතේරෙනවා වගේ කටයුතු කරනවා. තේරුනාද යාලුවා?
"ආර්ථික ප්‍රහාරකය" කියන පොත කියවන්න සියලු දෙනාට ආරාධනා කරනවා. ඔබගේ දේශපාලන ළිං මැඩි දැනුම ලෝකයත් සමග යාකර ගන්න නිකන් උත්තර නොදී. අපි එජාප, එජනිස, ජවිපෙ කියා බෙදුනට, ජාත්‍යන්තරය බලන්නේ එ් ගොල්ලන්ගේ මෙරට දූතයා කුඩා කියන එක විතරයි. එ්කනේ ජෝන් කෙරී කිව්වේ ලංකාවේ සහ මියන්මාරයේ දේශපාලන වෙනසට වියදම ඇ.ඩො 23යි කියලා. නමුත් අවුන් සාන් සුකි අද කොන්ද කෙලින් තියන් වැඩකරනවා. අපේ අය කාටූන් වගේ නටවනවා. අපි බෙදිලා අඩුපාඩු අල්ලනවා හරියට එයාලගේ සින්දු වලට අත්පුඩි හගනවා වගේ. පව් පින්පියෝ.
ඔබතුමා විහින් ඇතිකරගත්ත අර්බුදවලට ආණ්ඩුව මොනවා කරන්නද සර්?
ඔබතුමා දැන්වත් තැන්පත් වෙනවද? නැත්නම් මෙදා ලොකු පාඩමක් ඉගෙන ගන්නවා. ආගමට නැඹුරු වන්න.
ගරු මැතිතුමනි, ඔබතුමාට කල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරාජය කර ගෝලයින් තමාගේ ජාතිවාදය පතුරුවා සිංහලයා මුලා කිරීමට. ඔබතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරාද වීමෙන් කරන්නේ අපරාධයක්..
නඩු ටික අයින් කරාවිද? පොහොට්ටුවෙන් කරන්නේ අලියා දිනවීමට කටුතු කිරීමයි.
ඔබතුමා වටේ ඉන්නේ හොරු සහ තක්කඩින් එලවන්න. එතකොට අපි ඔබට බලය දෙනවා. කළුතර නයා කාපු කෙනාට කෝටි 4 මහබැංකුවට නැවත දෙන්න කියන්න. ඡන්දෙ අරන් එතනෝල් ගන්නවද?
ඉඟුරු දීලා මිරිස් ගැනීම සහ කබලෙන් ලිපට .......
මෙයාගේ කතාව හරියට එයාලගේ කාලේ ලංකාව සුරපුරයක් වගේ මිනිස්සු බොහොම සන්තෝසෙන් කාල බීල හිටිය වගේ නේ. මේ මහත්තයෝ ඔබතුමාලගේ කාලෙත් අර්බූදය් ප්‍රශ්නයි දැනුත් එහෙමම තමයි. දේශපාලන වාසි ගන්න වැඩකට නැති විකාර දොඩවන්න එපා.
මහින්ද මහත්තයා, කතා කරන්නේ කටින්ද දන්නේ නැහැ ? දැන් වයස ගැනවත් හිතලා , වියරුවෙන් නන්දෙඩවිල්ල නැවත්තුවොත් හොදායි මගේ හිතේ.