(රන්ජන් කස්තුරි)
මෙවර මැතිවරණ ක්‍රමයේ ස්වභාවය අනුව තරග නොකරන හෙවත් ලැයිස්තුවේ සිටින පිරිමි අපේක්ෂකයින්ට ඒ ඒ පළාත් පාළන ආයතන වලට තේරීපත්වීමේ අවස්ථාව අවම වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
එක් පළාත් පාලන ආයතනයකට කාන්තාවන් සියයට 25 ක ප්‍රමාණයක් එක් පත් කළ යුතු හෙයින් ලැයිස්තුවේ නම් තියෙන් අපේක්ෂිකාවන්ට පත්වීමේ වැඩි අවස්ථාවක් සැලසෙන බවද දේශප්‍රිය මහතා කීය.
මේ අතර පළාත් පාලන මැතිවරණයේදී තරග නොකරන හෝ ලැයිස්තුවේ නොමැති හෝ කිසිදු පුද්ගලයෙකුට මන්ත්‍රී ධූරයකට පත්විය නොහැකි බවද දේශප්‍රිය මහතා පැවසීය.
යම් හෙයින් තරග කරන හා නොකරන ලැයිස්තු දෙකේම නොමැති පුද්ගලයකු පත් කිරීමට නම් පළාත් පාලන ආයතනයට පත්වන සියලුම මන්ත්‍රීවරුන් ඉල්ලා අස්විය යුතු බවද සභාපතිවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉල්ලා අස්වෙන එක නොකෙරෙන දෙයක් හින්ද බලෙන් අස්කරවල පත්කරන්න පුළුවන් නම් හොඳයි .. මේ වෙනකන් උනා වගේ ..
කාන්තා නියෝජනය සියයට 25ක් කියලා වැඩිපුර ඡන්ද ගන්න අය තෝරා නොගැනීම කොහොමද කරන්නේ? ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතියක්... 12වැනි වගන්තිය කඩවීමක් සාමාන්‍යයන්ට අසමාන ලෙස සලකන්න බැහැ. මූලික අයිතිවාසිකම් පෙත්සම් එන්න පුළුවන්...