රංජන් කස්තුරි
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් සේවක වැඩවර්ජනයක් සිදුවුවහොත් ඊට එරෙහි විකල්ප ක්‍රියාමාර්ගයක් ගන්නා අතර ඒ සම්බන්ධයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ලංකාදීපයට පැවසීය.
තැපැල් සේවක ගැටළුවක් මතු වුවහොත් වෙනත් රාජ්‍ය ආයතනයක් හෝ රාජ්‍ය නිලධාරීන් යොදවා අවශ්‍ය කටයුතු බාධාවකින් තොරව සිදු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග එම ගැසට් නිවේදනයේ ඇතුළත් කෙරෙන බව දේශප්‍රිය මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කල දුටු කල වල ඉහගන්න හදන්න මිනිසුන් හොද පාඩමක් ඉගනගනීවි. ඔබට ජය මැකෝ..!
සභාපතිතුමනි, පෙන්නන්න ඔබගේ බලය... තියන්න ඔලුවටම...
[තැපැල් වර්ජනයක් ආවොත් කොමිසමෙන් තීරණයක්.....] කාලෝචිත, නිවැරදි, මහජන හිත සුව වෙනුවෙන් මෙවැනි තීරණයක් ගැනීමට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාට පුළුවන් නම්, විෂය භාර ඇමතිවරුන්ට වැඩ වර්ජනවලදී එවැනි දෙයක් කිරීමට බැරි මොකොද ? බයද ? කොන්ද පණ නැද්ද ? නැත්නම් ස්ට්‍රයික් කිරීමට සේවකයන් උසි ගන්වා, පාරට දමන වෘත්තීය සංගම් මහමොළ කරුවන් එක්ක ඩීල් ගහල තියෙන නිසාද ? මහින්ද දේශප්‍රිය මහතා වැනි හිතේ හයියක් තිබෙන අයට තමා රටක් හැදීමට පුළුවන්කම තිබෙන්නේ !!!!