(සිතුම් චතුරංග)
දින තුනක් පමණ වයසැති කුඩා බිළිඳියක කිලිනොච්චිය රෝහල ඉදිරිපිට බස් හෝල්ට් එකක් තුළ දමාගොස් සිටියදී අද (10) ප‍්‍රදේශවාසීන් පිරිසකට හමුව ඇති බව කිලිනොච්චිය පොලිසිය කියයි.
ඉපදී දින තුනක් පමණ වන කුඩා බිළිඳිය රෙදිකඩ කිහිපයකින් ඔතා බස්හෝල්ට් එක තුළ දමා ගොස් සිටි බවත් උදෑසන බස්රථ වලින් රාජකාරී සඳහා ගමන් කිරීමට පැමිණි පිරිසක් දැක ඇතැයිද පොලිසිය පවසයි.
බිළිඳිය කිලිනොච්චිය මහ රෝහලේ ළඳරු ඒකකය වෙත ඇතුළත් කළ බවත් ඇය යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.
කිලිනොච්චිය පොලිසිය පැවසූයේ බිළිඳිය ගෙනවිත් දැමූ කිසිවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවත් ප‍්‍රදේශයේ සී.සී.ටී.වී දර්ශනද පරීක්ෂා කිරීම් සිදුකරන බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"ඉදිරිපිට බස් හෝල්ට් එකක් තුළ " - සිංහල භාෂාව අන්තිම කැතයි.
මේක දිගින් දිගටම සිදුවන නිසා විසික් කරනවා වෙනුවට මෙවැනි ළමුන් රහසින් භාර දෙන්න වෙනම කාර්යාලයක් රෝහල් වල පිහිටෙව්වානම් හරිනේ