(ආරියරත්න රණබාහු)
2008 සිට 2014 වසර දක්වා කාලයේ රුපියල් බිලියන 5147ක බැඳුම්කර නිකුත් කර ඇතත් ඉන් රුපියල් බිලියන 4702ක බැඳුම්කර පෞද්ගලික ඍජු නිකුත් කිරීමේ ක්‍රමය යටතේ නිකුත් කර ඇති බවත් ඊට මුදල් මණ්ඩලයේ අනුමැතියක් ලැබී නැති බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද(10) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.
එම කාලය තුළ ශ්‍රී ලංකා මහ බැංකුව භාරව සිටි මුදල් අමාත්‍යවරයා ඒ සම්බන්ධව පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් සිදුකළ යුතු බවත් අගමැති අවධාරණය කළේය.
භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ ක්‍රමවේදය හා ක්‍රියාපටිපාටිය පිළිබඳවත් මහ බැංකු බැඳුම්කර නිකුත් කිරීම එයින් අලාභයක් සිදුව ඇත්ද යන්න සොයාගැනීම පිළිබඳවත් ලිඛිතව ලෝක බැංකුවෙන් හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් කරුණු විමසා සිටි බවත් ඔවුන් දන්වා සිටියේ පසුගිය බැඳුම්කර වෙන්දේසියක අලාභයක් තක්සේරු කිරීමේ ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමවේදයක් පිළිබඳව ඔවුන් දැනුවත් නැති බවත් යැයි අගමැතිවරයා කීය.
2015 මාර්තු සිට මේ ගැටලුව පිළිබඳ රජය අඛණ්ඩව නිසි ක්‍රියාමාර්ග ගෙන ඇති බව කී අගමැතිවරයා දැනට ඉතිරිව ඇත්තේ නීතිපතිවරයා විසින් කරුණු උසාවියට වාර්තාකොට නඩු කටයුතු මෙහෙයවා රජයට සිදුව ඇති පාඩුව නැවත අයකර ගැනීමට කටයුතු කිරීම බවද අගමැතිවරයා පාර්ලිමේන්තුව හමුවේ කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා දැන් කියලා වැඩක් නෑ. ඒ වැරදි වලට දඬුවම් කරන්න තමා අළුත් ආණ්ඩුවක් පත් කළේ. රාජපක්ෂලත් එක්ක ඩීල් ගහලා ඒවා යටපත් කළා. දැන් විකාර කියවනවා.
ඕවා දැන් කියලා වැඩක් නෑ. ඒ වැරදි වලට දඬුවම් කරන්න තමා අළුත් ආන්ඩුවක් පත් කළේ. කලින් කට්ටියත් එක්ක ඩීල් ගහලා ඒවා යටපත් කළා. දැන් විකාර කියවනවා.
මේ කතාව අර ඔබතුමාගේ පක්ෂේ ත්‍රිපුද්ගල කමිටුවෙන් කියපු දේ නේද? එම කමිටුව කිව්වේ බැඳුම්කර වංචාවක් වෙලා නැහැ කියලනේ.
2008 සිදුවීම දැන්ද කියන්නේ? එතකන් මොනවද කළේ? ඒ වැරැද්දම 2015 ඔබතුමා කලානේ? දෙපැත්තම මහජන දේපොළ කොල්ල කනවා.
මෙන්න 'පැස්බරා' වගේ වහ ගන්න හදන හැටි. ලැජ්ජයි .....
මෙතුමා පෙරේදා කිව්වේ රාජපක්ෂලා බැඳුම්කර වලින් රුපියල් බිලියන 10,000 ක් හොරකම් කලා කියලා. දැන් කියනවා 2008 සිට 2014 දක්වා නිකුත් කළ මුළු බැඳුම්කර වල වටිනාකම රුපියල් බිලියන 5,147 ක්ලු... මෙතුමා කිසිම වගකීමක් නැති කටට එන ඕනෙම බොරුවක් කියලා ජනතාව රවටන කිසිම වැදගම්මක් නැති මිනිහෙක්. රාජපක්ෂලා මහබැංකුවේ ජ්‍යෙෂ්ඨයෝ මාරුකරලා, නවකයෝ දමලා රවට්ටලා බැඳුම්කර දුන්නේ නැහැ. ඒ වගේම මුදල් ඇමති රාජ්‍ය බැංකුවලට බලපෑම් කරේ නැහැ අඩු පොලියට ලංසු තියන්න කියලා. හොරෙක්ව ඉම්පෝර්ට් කරලා, මුදල් ඇමතිට පත්කරලා රටම හාන්සිවෙන්න වැඩේ කළා...
චූටි බබා ඉපදුණේ මේ බැඳුම්කර කොමිසමේ වාර්තාව පිට වුණාට පස්සෙද? 2008 සිටම තමන් පාර්ලිමේන්තුවේ හිටියා නේද? ඒ කාලේ වංචා වුණානම් දැක්කේ නැත්තේ සහ ඒවාට එරෙහිව කිසිම පියවරක් ගත්තේ නැත්තේ නිදි වැදිලා හිටියද? ඔහේ හොරා කියලා දැන් ඔප්පු වෙලා ඉවරයි. දඟලන්න ගිහින් හත්පොලේ ගා ගන්න එපා.
අපේ කෝටි එක්දාස් එකසීයකට වැඩේ දුන්නා. ඒකත් ආණ්ඩුව ඇවිත් මාස තුනක් යන්න කලින් අසල්වැසියා මට කීවා. මහින්ද රාජපක්ෂගේ කාටද කියන්න පුළුවන් වුණේ ඔච්චර සුළු කාලෙකදී ඔච්චර ලොකු ගාණකට විදින්න. බයියන්ට මොන මඟුල්ද කරන්න පුළුවන්... අපිට වැඩියෙ හොඳට? ඒ කියන්නේ ඔච්චර දෙයක් වෙලා තියෙද්දිත් යූ.එන්.පි. ය අත අරින්නෙ නෑ... මචං, ඉතිහාසය විකෘති කරලා ලොකුම හොරායි, හොඳම මැරයයි කළාට මේකෙන් පස්සෙවත් අවංකව පිළිගන්න ඕනෑ නේද? ඒ තැන සාධාරණව බොලාට අයිති නෑ කියලා අසල්වැසියා කියා සිටියේය. දැන් බලන්න ලසන්ත මැරුවා කියකියා ඔබලාම අප් කරලා තියනවා. ඒත් ඊට අවුරුදු විස්සකට කලින්නේ අපි රිචඩ් සොයිසාව මැරුවේ. ඒත් අපිට නෑනෙ ඒකට නිසි පිළිගැනීම... අපේ වැදගත්කමට අපි ඕවට අඬ බෙර ගහන්නේ නැති නිසා, අපේ කීර්ති නාමය නැතිවෙලා ගිහින්... මේ විට බිරිඳ මට පහත් හඬින් කතා කළාය. මේ අයත් එක්ක කතා කරලා වැඩක් නෑ... අපි යමු ගෙදර. අප ගේට්ටුව ළඟටම ගිය විට අසල්වැසියා වැනිවැනී එතනට දුව ආවේය. මචං සිරා මාර ගේම් නේද මහින්දට දෙන්නේ? යැයි ඔහු මගෙන් ඇසුවා.
දැන්ද ඇහැරුනේ? බෙඩ් ටී එක අරගෙනම එන්නකෝ කතා කරන්න.
2008 සිට 2015 යුගය කියමින් මෙයා ඇඟ බේරන්න හදනවා. ඇයි මෙච්චර දවස් හංගගෙන ඉඳල දැන් කට අරින්නේ? මෙයා මුල ඉඳන්ම රටට බොරු කියමින් කල් මැරුවා. ජනාධිපතිට පමණක් නොවේ එක්සත් ජාතික පාක්ෂිකයන්ටත් කොන්ද පණ නැහැ මෙයාව අයින්කරන්න. බලන්න 1994 සිට අද දක්වා නොකඩවා අවුරුදු 23 පක්ෂය විපක්ෂයේ තියන් ඉන්න දුර්වලම නායකයා. 2001 බලයට ආපු මොහොතේ එක්සත් ජාතික පක්ෂයට එදා විධායක බලය තිබුනේ නැහැ. අදත් අගමැති වෙලා ඉන්නේ මෛත්‍රීගේ පිනෙන්. 2020 ත් මේ ඉරණමමයි. කණගාටුයි, ඉතිහාසයේ එක්සත් ජාතික පක්ෂයේ කිසිම නායකවරු එම පක්ෂය අවුරුදු 6 ට එහා විපක්ෂයේ තියං ඉඳලම නැහැ. එක්සත් ජාතික පක්ෂය විනාශ වෙන එක, රටම විනාශ වෙන එකට සමානයි. සුළු අඩු පාඩු තිබුණොත්, රටට විශාල වැඩ කල පක්ෂයක් තමයි එක්සත් පක්ෂය...
2008-2014 ඒවා අපිට වැඩක් නැහැ. එහෙම දෙයක් වෙලා තිබ්බා නං දැන් දඟලන්නේ නැතුව ඒ දවස්වලම හොයන්න තිබ්බා. අපිට ප්‍රශ්නයක් වෙලා තියන 2015 එක ගැන කියන්න... හොයන්න.
දැන් ඉතින් රෙද්දෙන් වහගන්න දෙයක් ඉතුරුවෙලා තියේද? ලැජ්ජයි
සභාව මැදට පැනල හූ කියන්න ඇත්තේ මේවා ගැන කියපු නිසාවත්ද?
පොහොට්ටුව විවේචනය කරන අදහස් වලට ඉඩක් නැත්තේ ඇයි? පොහොට්ටුවට කඩේ යනවද?.
ලැබුණු ගමන් ලක්බිම රවටා ජනබලය.. කඩන විටම බැංකුව අපේ දෙවෙනයනේ... දැක්කා නේද පත්තරයක් මඟ ඉඳලා... දැන් මක්කරන්නද මගේ නම රනිල්නේ....
ඔහුගේම මෙගා හොරකම වසාගන්නට දරන පුහු උත්සාහයක්... නම්බු පිටින් අස්වුණානම් රටට හොඳයි.
අර ගායකයාගේ බිරිඳව අත්අඩංගුවට ගත්ත වගේ ඇයි මෙයාලව ගන්න බැරි..? ඒවා විතරද හොරකම්... මේක පුදුම රටක්නේ ..
පක්ෂය විතරක් නෙමෙයි මුලු රටම විනාශ කරනවා.. තමන්ගේ හොරකම අහු වුණාම කලිනුත් මෙහෙම වෙලා තියෙනවා කියලා තවත් බොරු ගොතලා ගැලවෙන්න දඟලන්නේ. මහ බැංකු අධිපති ගැන සම්පූර්ණ වගකීම තමන් බාරගන්නවා කියලා නේද ජනාධිපති එපා කියද්දි පත්කිරීම කළේ.. ඊට පස්සේ හොරකම වුණාම කමිටුවක් දාලා කිසිම වංචාවක් වුණේ නැහැ කියලා වාර්තාවක් ගත්තේ.. ගෝලයෝ දාලා පොතක් ලිව්වා නේද? මෙච්චර කපටිකම් කලේ හොරකම වහගන්න නේද දැන් තවත් බොරු පිට බොරු ගොතනවා....
කරුණාකර 1948 ට පෙර කරුණු සොයාබලන්න...
නිවට ද්‍රෝහීන් නම් රටටම ලැජ්ජාවක්.වෙන බයිලා ගහලා වැඩක් නැහැ. ඇත්ත නම් මිස්ටර් ක්ලීන් නොවෙයි. ඩර්ටියස්ට් ඇන්ඩ් අග්ලියස්ට්...
ඔබතුමාගේ ගෝලයා ඔබේ "මිස්ට ක්ලීන්" අන්වර්ථ නාමය නැති කලා නේද?
2008-2014 දකවා බිලියන 4702 ක ඍජු බැඳුම්කර නිකුත්උනාද කියන එක නොවයි ප්රශ්නය එමගින් වංචා සිදු උනාද කියන එකයි ප්රශ්නය. එහෙම වංචාවක් සිදුවූවා නම් ඒවා එකාලේදීම අල්ලා ගැනීමට ඔබලාට නොහැකි වීමෙන් ඔබලාගේ නොහැකියාව තවදුරටත් පෙන්වනවා නේද?