(හර්ෂණ තුෂාර සිල්වා)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සහ එක්සත් ජනතා සන්ධානයෙන් වෙන් වුණු කණ්ඩායම් එකතු කර බුලත් කොළය යටතේ සටන් වැදීමට මුලදී රහසින්ද පසුව එළිපිටද වැඩකළ බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා අද (10) පැවැසීය.
අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේ පැවැති පළාත් පාලන මැතිවරණයට තරග වදින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මංගල රැලිය අමතමින් දිසානායක මහතා එසේ කීවේය.
ජාතික නිදහස් පෙරමුණෙන් ඉවත් වී එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්වීමෙන් පසු ජනතාව ඇමතු පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා මෙසේ ද කීය.
‘‘ එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන ගමන සම්පූර්ණයෙන්ම ආපසු හරවා කුජිත කරවා අත ලකුණ ජයග‍්‍රහණය කිරීමේ අපේ අරමුණයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සහ එක්සත් ජනතා සන්ධානයෙන් වෙන් වුණු කණ්ඩායම් එකතු කරන්න අපි රහසිගතව කටයුතු කළා. ඉන් පස්සේ එළිපිට වැඩ කළා. එහෙත් ඇතැම් අය ඊට අකුල් හෙළුවා.“
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සිදුව ඇත්තේ කැප්පෙටිපොළගේ භූමිකාව කරන්නයි විමල් වීරවංශ මහතා එදා කිව්වා. එහෙත් ආපසු හැරී කැප්පෙටිපොළගේ භූමිකාව රඟ දක්වන්න විමල් වීරවංශ මහතා අසමත් වුණා. ඒ නිසා ආපසු ඒ කාර්යය කරන්න මට සිදුවුණා.
මම ආපසු හැරෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ එක්වුණා යැයි පැවසීය.
ඡායාරූප චතුර එස් .කොඩිකාර








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට හෙන ගැහැව්වත් මේ මිනිස්සුන්ට ගානක් නැහැ මොන පාවාදීමක් හරි කරලා බලයේ ඉන්න විතරයි අවශ්‍ය
දැන්නම් යහපාලනයට ඡන්දෙ බලාගෙන ඉන්න.
හුරේ..අපි දිනනවා.. ලක්මවගේ සෙවනේ සිටින සියලුම කාලකන්නි පක්ෂවලට ජය වේවා... ජය වේවා..!!!
කලකදී මිතුරුව සිට යම් හේතුවක් නිසා අමනාප වූ විට රහස් හෙළි කරනවා නම් එය නියම ද්‍රෝහීන්ගේ ලක්ෂණයක්. සමහරු එය අගේ කළාට බහුතරයක් හෙළා දකිනවා.
මේ වීරකුමාර කියන්නේ වෙස්වලාගෙන පැන්න වීරවංසගේ ප්ලැන් එකේ ඉත්තෙක්. වීරකුමාර දැන් කරන්නේ ජනාධිපති තුමාව රවට්ටගෙන යහපාලනය දෙකඩ කඩන්න. මේ ප්ලැන් එකට මෙයත් එක්ක තවත් කීපදෙනෙක් පැන්න.ජනාධිපතිතුමනි පරණ හොර කල්ලිය මේ අයව දාල යහපාලනය කඩල නැවත බලය අල්ලන්න බලන්නේ. වහාම මේ අයගෙන් ප්‍රවේසම් වෙන්න.
ලංකාවේ කවදාවත් තනි පක්ෂයකට බලය පිහිටුවන්න බැහැ... කොහොම කිව්වත්..