(තරිඳු ජයවර්ධන)
මිඩියාෆාම් රක්ෂිතයේ බුරුත ගස් කපමින් සිටි බව කියන පළාත් පාලන ඡන්දයේ අපේක්ෂකයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරු වෙංගල සෙට්ටිකුලම් ප්රාදේශීය සභාවට ශ්රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඉදිරිපත් වන අපේක්ෂකයකු බව පොලිසිය පවසයි.
පොලිසිය වැටලීම කරන අවස්ථාවේ සැකකරු තවත් අයකු සමඟ බුරුත ගස් කපා දමා ඉරමින් සිටි බවත්, ඉරා දමන ලද බුරුත කොට 21ක් සොයා ගත් බවත් පොලිස් ආරංචි සඳහන් කරයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ඡන්දදායක මහත්තයාද ? මේ...මේ... අපි මෙයාලට දිගටම තවත් ගස් කපන්න අනුමැතිය ලබන 10 වැනිදාට නීත්යානුකුලවම දෙමුද ?
පොහොට්ටුවේ කට්ටිය ඡන්දෙට කලින් මෙහෙම නම්, දින්නොත් කොහොම හිටීද?
ඇ !!! හත්වලාමේ මුන්ට හිතක් පපුවක් ඇත්තෙම නැද්ද ??? කල විනාසේ මදිවාටද තවත් මේ !!! මුන්ට එතනම් තියල වෙඩි තියන්න ඕන..............
මේවා තම පළාත්පාලන ජන්දෙට අපේක්ෂකත්වය ගන්න තියෙන්නේ සුදුසුකම්. මෙතනින් පටන් අරන්, පළාත්සභාව අන්තිමට පාර්ලිමේන්තුවට යන්නෙත් මේ වගේ කට්ටිය තමයි. ඉතින් මේ රට තව අවුරුදු 100ක් ගියත් දියුණු වෙයිද?
ලස්සන වැඩේ කියන්නේ පොහොට්ටු පක්ෂයේ (පොදු පෙරමුණ) සභාපති කියන්නේ නීතිය පිලිබඳ මහාචාර්ය කෙනෙක්. මේ තරම් වයසට ගියත් නීතිය හා සදාචාරය අතර තියෙන වෙනස වටහා ගන්න බැරි වුනා. මේකේ ලේකම් සොරකම් කර ඇති මුදලෙන් තව වසර 100ක් යනතුරුත් මැතිවරණ කරගෙන යන්න ප්රතිපාදන සොයා ගත හැකි මුත්, සොරකම් කරන ලද මුදල් තවමත් ඇත්තේ විදේශ බැංකුවල නිසා රක්ෂිත වල ඇති බුරුත ගස් ටික කපා හෝ මැතිවරණයට වියදම් කරන්න වගෙයි ලැහැස්තිය.
මොවුන්ට බලය නැතුවත් මෙහෙමනම් ආයෙත් බලය ලැබුණොත් මොනවා නොකරයිද?
ඔය, තියෙන්නේ! ඔන්න පොහොට්ටුවන්ගේ කෙරුවාව! මේ අයට බලේ ලැබුනොත් කොහොම හිටීවිද? මෙතෙක් කල් එකට එකතු වුණු හොර නඩයක් තමයි.