ඩයනා උදයංගනී
බැඳුම්කර කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරන දිනයේම විවාද කළ නොහැකි බවත්, එය අධ්‍යයනය කිරීම සඳහා මන්ත්‍රීවරුන්ට කාලය ලබාදිය යුතු බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පැවසීය.
පිටු 1500ක පමණ වාර්තාවක් වන මෙහි පිටුවක්වත් නොකියවා විවාද කරන්නට ගියහොත් කතා කරන්නට සිදුවන්නේ මාධ්‍ය මගින් වාර්තා කළ කරුණුත් ජනාධිපතිතුමාගේ ප්‍රකාශයේ කරුණුත් පමණක් පදනම් කරගෙන යැයිද රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.
විවාදය කඩිනම් කර සියලූ කරුණු හෙළිවීම වළක්වන ආකාරයේ වංගු දමන්නට කවුරුන් හෝ උත්සාහ කළහොත් එවැනි එයට ඉඩනොදෙන බවද ඩිලාන් පෙරේරා මහතා පැවසීය.
රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී අද (9) පැවති මාධ්‍ය හමුවකදීය. ‘‘බැඳුම්කර කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වහාම විවාදයට ගන්න හදන බව පෙනෙනවා. දැකලවත් නැති වාර්තාව මෙසේ විවාද කරන්නට යාමෙන් අගමැතිවරයා උත්සාහ කරන්නේ ඇතැම් කරුණු යටපත් කිරීමට බව ඇතැමුන් කියනවා නේද?’’ යනුවෙන් මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා එසේ කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියවන්න විතරක් නෙවේ තේරුම් ගන්නත් ලොකු කාලයක් ඉල්ලන්න වෙයි.
ඩිලාන් මහත්තයෝ, භාණ්ඩාගාර බැඳුම්කර යනු කුමක්ද පිලිබඳ නිවැරදි විස්තර දැනගැනීමට අවශ්‍ය නම් ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික විද්‍යාව පන්ති පවත්වන ගුරුතුමෙකුගෙන් විමසන්න. ගාස්තු හා සියලුම බදු අයකෙරේ .
හැබැවට.... කතාවනම් ඕනෑම විෂයකට හසල දැනුමක් තිබෙන හාදයෙක් කියලා... දැන් පෙනෙන විදියටනම් අවුරුදු 7, 8ක්ම ගතවී යාවි කියවල ඉවරවෙනකොට අම්බරුවෝ ඔක්කොටම.
කාලයනම් දුන්නයි කියමුකෝ. එත් ඔය වාර්තාව කියවන්න පුළුවන් කීදෙනෙක් ඕක ඇතුලේ ඉන්නවද? තව කීදෙනෙකුට තේරුම් ගැනීමේ හැකියාව තියනවද? තව කීදෙනෙක් ඔය වාර්තාව කඩල කඩේට විකුණලා හරි සල්ලි හොයන්න බලාගෙන ඉන්නවද? මෙකි නොකී කට්ටිය ඇත හැරියාම ඉතුරුවෙන්නේ කීදෙනාද? කාලය ලබාදීමෙන් ප්‍රයෝජනයක් වෙයිද?
කියෙව්වා කියලා තේරෙන්නේ නෑ එකේ තියෙන ඒවා
මොනවටද වාර්තා මේ කට්ටියට පුලුවන්ද ඕක කියවා තේරුම්ගන්න.
අනේ මහත්තයෝ හොරු ටික කොටුවෙලා ඉද්දි ඔබතුමන්ලා වංගු ගැන කතා කරනවා. මේවෙනකොට හොරු දහඅට වංගුවත් පාස් කරලා මුලුරටටම කොකා පෙන්නලා ඉවරයි.ඔබතුමා එක ගමනක් පාර්ලීමේන්තුවේ කිව්වනේ අර සවුදි රටේ බෙල්ල කපපු ළමය බේරගන්න කටයුතු කරනවා කියල.ඔබතුමා එක එම කතාව කියනකොටත් රිසාන ළමයාගේ බෙල්ල කපල ඉවරයි. එවැනි පුංචි දෙයක් ගැන ගොන් කතා කියනකොට මෙවැනි මහාපරිමාණ හොරු ටිකක් ගැන මොන විවාදද ඇමතිතුමා. අපේ රට දැන් විනාශ වෙලා තියෙන්නේ අන්තිම අඩියට.ගොඩ එනවනම් හිතන්නවත් අමාරුයි.
පඩික්කමක් වැනි කටක් තිබුණට ප්‍රතිපත්තියක් නැති ඔබලාගේ ජඩ පාලනය ගැන ජනතාව දන්නවා.