(උපාලි ආනන්ද)
අනුරාධපු නගරයේ සිට ඉතා දුර බැහැර පිහිටි තම නිවසට යාමට බස් රථයක් එන තුරු රාත්‍රි කාලයේ අනුරාධපුර නව බස්නැවතුම්පොළේ රැඳී සිටි 17 හැවිරිදි සාමණේර හිමිනමකට බරපතල ලිංගික අපයෝනයක් සිදු කළ සැකකරුවකු ජනවාරි 16 දක්වා රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුණවෙල මහතා අද(10) නියෝග කළේය.
අතවරයට පත් සාමණේර හිමිනම සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිළධාරිවරයාගේ වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අනුරාධපුර පොලිස් ළමා හා කාන්තා කාර්යංශයට තවදුරටත් නියෝග කරනු ලැබීය
මෙසේ රිමාන්ඩ් කෙරුණේ අනුරාධපුර කුම්බිච්චන්කුලම ජාතික නිවාස අංක 364 ලිපිනයේ පදිංචි බටුවිට හේවගේ විමලරත්න නමැති 52 හැවිරිදි පුද්ගලයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ අයට දෙන්න ඕන දඩුවම කියන්න වචන නෑ.............
මේ තත්වය අධිකරණය හරහා පමණක් විසඳිය හැකි ප්‍රශ්නයක් නොවෙයි. මේ පුද්ගලයා කර ඇති හිංසනය අතිශයින්ම බරපතළයි. ඔහුට දඬුවම් ලබා දීම තුලින් මෙවැනි කාම අපරාධකරුවන් මෙල්ල කළ හැකියයි යමෙක් සිතනවා නම් එය මුළාවක්. සමස්ත සමාජයම වෙළාගත් පව්කාරමකින් මුළු රටම පෙළෙනවා. සමාජ විද්‍යාඥයෝ හෝ මනෝ විද්‍යාඥයෝ කියල පිරිසක් රටේ ඉන්නවාද කියලවත් අහන්න නැහැ. හිටපු අයත් සමාජ විද්‍යාව වැනි විෂයන් ගණිකා වෘත්තියේ යොදලයි දිවංගත වුනේ, සමාජය ලෙඩ කරන සියලුම වසංගත ඇරඹුණේ මැති සබයෙන් කියන එක කුඩා දරුවන් පවා දන්නා වා. රටේ දැවෙන ප්රශ්නය කියන්නේ ආර්ථිකය පමණක් යයි කියා ඊට පිළියම් සොයන්න එන පුද්ගලයා ට අඩු වශයෙන් එය වත් විසඳන්න මොළයක් හෝ දැක්මක් නැතිකොට ලිංගික අපචාර වලට ගොදුරුවන කුඩා දරුවන් හා කාන්තාවන් ගැන ඇස් ඇර බලන්න කෙනෙක් නැතිවීම කොතරම් ශෝචනීයද. ගොළුව සිටි ළමා හා කාන්තා කාර්යාංශය දැන් අන්ධ භාවයටද පත්ව ඇත.
රටේ ඉහල සිට පහලටම මේ අයනේ ඉන්නේ.
පන්සලට බාරදෙන මේ අහිංසක දරුවන්, මහමගදී පමණක් නොවේ.. පන්සල්වල්දීත් මෙවැනි අපරාධවලින් වළක්වාලීමට ළමා ආරක්ෂක රජයේ නිලධාරීන් ක්‍රියාකළ යුතුයි.
ගැහැණු ළමයෙක් කොහොම තනි පංගලමේ යන්නද හාමුදුරු කෙනෙකුටවත් තනිවම ගමනක් යන්න බැරි රටේ?
දැන් කාලේ පන්සලේ ඉන්නත් බෑ. මහමග ඉන්නත් බෑ.
හැම එකකටම වෙනත් ජාතින්ට, වෙනත් ආගම් වලට පහර ගසන අපේ සිංහල බෞද්ධයන් කරනා වැඩ, රටේ බහුතර විනාශකාරි වැඩ කරන්නේ අපෙම සිංහල බෞද්ධයන්
චෝදනා ලැබූ පුද්ගලයා භික්ෂුවක්ව සිට සිවුරු හැරපු කෙනෙක් ද කියා සොයා බලන්න. මේ වගේ ක්‍රියාකාරකම් පන්සල්වල කෙරෙන බව කවුද නොදන්නේ?