පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මැතිවරණ කොමිෂන් සභාව සහ මැතිවරණ නීතියට අදාළ කරුණු සම්බන්ධයෙන් දේශපාලනඥයින් විසින් කරන පදනම් විරහිත ප්‍රකාශ කිසිදු සොයා බැලීමකින් තොරව ප්‍රසිද්ධ කිරීම තහනම් කරමින් මැතිවරණ කොමිෂම අද(10) නිවේදනයක් නිකුත් කළේය.
මැතිවරණ කොමිෂන් සභාවට එරෙහිව කරන අසත්‍ය හා පදනම් විරහිත ප්‍රකාශ නිදහස්, සාධාරණ හා විශ්වාසනීය ඡන්ද විමසීමක් පැවැත්වීම සඳහා කොමිෂන් සභාව ගන්නා වෑයටම බාධාවක් බවද එම නිවේදනයේ සඳහන් වේ.
ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාවට එරෙහිව කරන ප්‍රකාශයක් හෝ විවේචනයක් ප්‍රසිද්ධ කිරීමට හෝ විකාශය කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් කොමිෂන් සභාවේ සභාපති, කොමසාරිස් ජනරාල්, ලේකම්, පාර්ලිමේන්තු මැතිවරණ විෂයභාර අතිරේක කොමසාරිස්, මාධ්‍ය විෂය භාර අතිරේක කොමසාරිස් හෝ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම භාර අතිරේක කොමාසාරිස් විමසීම සිදුකළ යුතු බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
නිදහස් හා සාධාරණ මෙන්ම විශ්වසනීය ඡන්ද විමසීමක් පැවැත්විය හැක්කේ ඒ සඳහා ජනමාධ්‍යවල සහාය ලැබේනම් පමණක් බවද මැතිවරණ කොමිෂමේ සභාපතිවරයාගේ අත්සනින් යුත් එම නිවේදනයේ දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාධ්‍ය නිදහස අනිසි ලෙස භාවිතා කිරීම රටට හොඳ දෙයක් නෙවෙයි. මාධ්‍ය ආයතන වල න්‍යාය පත්රවලට වැඩ කරන එක දැන්වත් නතර කල යුතුයි.
මේ හදන්නේ වැඩේ කාලා... බලපෑම් නිසා හරියට යමක් කරගන්න හරි වුණා කියලා අන්තිමට කියලා අත පිහදාගෙන පස්ස කසකසා ගෙදර යන්නයි...
හොරාගේ අම්මගෙන් පේන අහන්න කියනවා වගේ
මැතිවරණ කොමිෂන් සභාව සහ මැතිවරණ නීතියට අදාළ කරුණු සම්බන්ධයෙන් දේශපාලනඥයින් විසින් කරන පදනම් විරහිත ප්‍රකාශ ගැන හෝ ඒවා ප්‍රකාශ කරන දේශපාලකයෝ කියන අය ගැන කිසිදු පියවරක් නොගෙන ඒවා ප්‍රචාරය වූ හැටි ගැන විතරක් සොයා බලන්නේ මොකද? මේවට තමයි කියන්නේ මිටි තැනින් ජලය ගලා බහිනවා කියල.
මැතිවරණ කොමිෂන් සභාව සහ මැතිවරණ නීතියට අදාළ කරුණු සම්බන්ධයෙන් දේශපාලනඥයින් විසින් කරන පදනම් විරහිත ප්‍රකාශ ගැන හෝ ඒවා ප්‍රකාශ කරන දේශපාලකයෝ කියන අය ගැන කිසිදු පියවරක් නොගෙන ඒවා ප්‍රචාරය වුණු පුවත්පත් සහ අනෙකුත් මාධ්‍ය ගැන විතරක් සොයා බලන්නේ මොකද. ඔබට නිකන් බයක් වගේ එකක් දැනෙනවද. ප්‍රථමයෙන් අනුන්ට පුස් ටෝක් දන්නේ නැතුව එම කතාව කරපු අය ගැන නිසි පියවර අරගෙන ඊට පස්සේ මාධ්‍ය ගැන බලන්ඩ. මේවට තමයි කියන්නේ මිටි තැනින් ජලය ගලා බහිනවා කියල.