( සිරාජ් හසීම් , රොමේෂ් මධුෂංඛ)
යාපනය මහනුවර ඒ-9 ප්රධාන මාර්ගයේ කිලිනොච්චිය හා මාන්කුලම අතර කොකාවිල් ප්රදේශයට නුදුරින් සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් හතර දෙනෙක් මියගොස් තවත් අයකු බරපතල තුවාල ලැබූ බව මාන්කුලම් පොලීසිය පවසයි.
කොළඹ සිට යාපනය දක්වා ගමන් කළ වෑන් රථයක් ඒ-9 මාර්ගයේ කොකාවිල් ආසන්නයේ නවතා තිබූ ටිපර් රථයක හා ලොරි රථයක ගැටීමෙන් අනතුර සිදුව තිබේ.
අනතුරින් මිය ගිය අයගේ මළ සිරුරු කිලිනොච්චිය රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර තුවාල ලැබූ පුද්ගලයා ද කිලිනොච්චිය රෝහලේ ප්රතිකාර ලබන බව කිලිනොච්චිය පොලිසිය කියයි.
වෑන් රථයේ රියදුරු පාර අයිනේ නතර කොට තිබූ ටිපර් රථය නොදැකීම නිසා හෝ වෑන් රථයේ රියදුරුට නින්ද යාම නිසාවෙන් හෝ වෑන් රථය අධික වේගයෙන් ධාවනය වීම නිසාත් මෙම අනතුර සිදු වී ඇත.
(ඡායාරූප - රොමේෂ් මධුෂංක)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිනපතාම පාහේ වාර්තාවන අනතුරු ප්රමාණය හා ඊට පාදකවූ හේතු සාධක විමසා බලන විට පැහැදිළි වන්නේ බලධාරීන්ගේ අවවාද වලින් මේ වනතුරු අනතුරු වළක්වා ගැනීමට හෝ අවම කර ගැනීමට නොහැකිව ඇති බවයි. අනතුරෙන් පසු රියදුරාට නින්ද ගොස් තිබුන බව පැවසීමෙන් ජීවත්වෙන අයට දීමට හැකි පණිවිඩය නම් දිගු ගමනකට කලින් හොඳ නින්දක් හා විවේකයක් ලබා ගත යුතු බවයි. නමුත් වැඩිවන ජීවන වියදමට සරිලන වැටුපක් හා අතිකාල දීමනාවක් ලබා ගැනීම සඳහා රියදුරා දින ගණනක් වුවත් විවේකයක් නොලබා සුක්කානමට අත ගසන එක නොවැළැක්විය හැකියි. පොලිසිය, කම්කරු දෙපාර්තමේන්තුව හා මානව අයිතිවාසිකම් සුරැකීමේ සංවිධාන ඉදිරිපත් වී අමානුෂිකව සේවකයින්ගෙන් වැඩ ගන්නා හාම්පුතුන් අල්ලා දඬුවම් ලබා දීම එක් විසඳුමක් විය හැකියි.