රංජන් කස්තුරි
එක්සත් ජාතික පක්ෂයේ 71 වැනි සංවත්සර මහා සභා රැස්වීම රූපවාහිනී මාධ්‍ය ඔස්සේ සජිවී ලෙස විකාශනය කිරීම මාධ්‍ය උපමාන උල්ලංඝනය කිරීමක් යැයි ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක නීතිඥ රසාංග හරිස්චන්ද්‍ර මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයකින් ඒ බව කියැවේ.
ප්‍රචාරණය සඳහා ඉඩ ලබා දීම හෝ ප්‍රවෘත්ති වලට ඉඩ ලබා දීමෙන් හෝ ගුවන් කාලය වෙන් කර දීමේ දී තරඟ කරනු ලබන දේශපාලන පක්ෂයකට / ස්වාධීන කණ්ඩායමකට / අපේක්ෂකයකුට විශේෂ වාසියක් හෝ අගතියක් සිඳු නොවන අයුරින් සියලුම මුද්‍රිත හා රජයේ ගුවන් විදුලි රූපවාහිනී ආයතන විනිවිද භාවයෙන් යුතුව කටයුතු කළ යුතු යැයි මාධ්‍ය උපමානයෙහි දැක්වේ.
මැතිවරණ කොමිසම විසින් මාධ්‍ය උපමාන ප්‍රායෝගික ආකාරය බලාත්මක කරනු ඇතැයි ද ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය නිවේදනයේ දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලය අයුතු ලෙස යෙදවීමට මේ අය හරි හපන්. තවත් දෙන්න නම් එපා.
මාධ්‍ය උපමාන කියන්නෙ මොකක්ද?
සදාචාරයෙන් තොරව පවතින පක්ෂයකට හෝ පක්ෂවලට දේශපාලනය යනු නිරුවත වසා ගැනීමට යොදා ගන්නා රෙදි කඩක් පමණි.