ඉන්දිකා රාමනායක
පොලිසිය නොමග යවමින් පොලිස් වැහිකබාය සහ හා පොලිස් වශයෙන් සඳහන් කර ඇති ආරක්ෂක හිස්වැස්මක් පැළඳ යතුරු පැදියෙන් මත්කුඩු ජාවාරමේ නිරත පුද්ගලයකු රුපියල් ලක්ෂ 20 ට ආසන්න මත්කුඩු සහ මත්ද්‍රවය තොගයක් සමග වත්තල නගරයේ දී අත්අඩංගුවට ගෙන ඇති බව විශේෂ කාර්ය බළකාය කියයි.
සැකකරු ඔරුගොඩවත්ත මජීඩ් පෙදෙසේ පදිංචි කරුවකු බවත් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සතුව හොරොයින් මත්කුඩු 100යි මිලි ග‍්‍රෑම් 570 ක්, කොකේන් මත්කුඩු ග්‍රෑම් 30 යි මිලි ග‍්‍රෑම් 555 ක් සහ අයිස් නැමැති මත්ද්‍රව්‍ය ග‍්‍රෑම් 56 යි මිලිග‍්‍රෑම් 690 ක් තිබු බව විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.
පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබේ. සැකකරු වත්තල ප‍්‍රදේශයේ ජාවාරම්කරුවන් වෙත බෙදා හැරීම සඳහා මෙම මත්කුඩු රැගෙන යමින් සිටියදී වත්තල නගරයේ දී අත්අඩංගුවට පත්ව ඇත.
මොහු පොලිස් වැහිකබායක් හා ආරක්ෂක හිස් වැස්මකින් පැළද යතුරු පැදියේ ගමන් ගැනීම හේතුවෙන් ඔහු පිළිබඳ කිසිවකුට සැක ඇති නොවන බවත් ඒ හේතුව නිසා ඔහු මෙම මත්කුඩු ජාවාරම කාලයක පටන් සිදුකරගෙන ගොස් ඇති බවත් පැවසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආරක්ෂක හිස් වැස්මට යටින් ආරක්ෂාවට රෙදි තොප්පියකුත් දාලද හිටියේ ?
අපි පොඩි කාලේ හොරා පොලිස් සෙල්ලමින් අපමණ සතුටක් වින්දා. දැන් අපි හොරා පොලිස් කතා අහමින් අමන්දානන්දයට පත්වෙනවා. පොලිසියේ මිනිසුනුත් මහා පරිමාණයේ සොරකම් කරන නිසා හොරා කවුද? පොලිසිය කවුද? කියලා තෝරා බේරා ගන්න බැරි ප්‍රශ්නයකට ජනතාව මැදිව ඉන්නවා.