(උපුල් හේරත්)
අනුරාධපුර රෝහලේ දී හා තම්මැන්නාව රෝහලේ දී මියගිය 63 හැවිරිදි හා 90 හැවිරිදි ගොවියන් දෙදෙනකුගේ සිරුරු මාරු වී නිවෙස්වලට රැගෙන ගොස් ඇති අතර එය අතපසු වීමක් බව දැනගැනීම පසු නැවත එම සිරුරු නිවැරදි කරගැනීමට අනුරාධපුර රෝහලට රැගෙන ආ බව රෝහල් ආරංචි මාර්ග කියයි.
අනුරාධපුර රෝහලේ දී පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කිරීමෙන් පසු මෙම සිරුරු දෙක ඒ ඒ ඥාතීනට බාර දී ඇති අතර ඔවුන් එම සිරුරු මල්ශාලාවට රැගෙන ගොස් එම්බාම් කටයුතු සිදුකර නිවෙස්වලට රැගෙන ගොස් ඇත. එහිදි සිරුරු මාරුවී ඇති බව පෙනී යෑම නිසා නැවත එම සිරුරු අනුරාධපුර රෝහලට රැගෙන ආ අතර එහිදී එම වරද නිවැරැදී කිරීමට රෝහල් බලධාරීහු කටයුතු කළහ. සීප්පිකුලමේ සහ ශාස්තිපුර පදිංචි කරුවන් දෙදෙනකුගේ සිරුරු මෙසේ මාරු වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුභ සහ යස !