නවදිල්ලිහිදීය (රොයිටර්)
ශ්‍රේෂ්ඨාධිකරණයේ අපක්ෂපාතී බව ගිලිහි ඇතැයි ද එය ලොව විශාලතම ප්රජාතන්ත්රවාදී රාජ්‍යය අන්තරායකට පමුණුවනු ඇතැයි ද ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සිව්දෙනෙක් අද (12) අවධාරණය කළහ.
ඉන්දියාවේ නවදිල්ලි නුවරදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔවුහු ඇතැම් ශ්‍රේෂ්ඨාධිකරණ කටයුතු විනිවිදභාවයකින් තොරව සිදුව ඇතැයි ද ශ්‍රේෂ්ඨාධිකරණයේ අපක්ෂාපතී බව ගිලිහී ඇතැයි ද චෝදනා කළහ.
ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු විනිසුරුවරුන් අතර බෙදී යන ආකාරය, අධිකරණ පත් කිරීම ආදී කටයුතු පක්ෂපාතී ලෙසත් විනිවිදභාවයකින් තොරවත් සිදුව ඇතැයි ඔවුහු එම මාධ්‍ය හමුවේදී කීහ. ජස්ති චෙලමේස්වර්, රන්ජන් ගොගෝයි, මදන් ලෝකූර් සහ කුරියන් ජෝශප් යන විනිසුරුවරු මාධ්‍ය හමුවට එක්වූහ.
ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය යනු එරට ජනතාවගේ ප්රසාදයටත් වඩාත් ගෞරවයටත් පත් රාජ්‍ය ආයතනවලින් එකකි. ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පිරිසෙක් මෙලෙස මාධ්‍ය හමුවක් කැඳවමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ කටයුතු විවේචනයට ලක් කළ පළමු අවස්ථාව මෙයයි. එම අවස්ථාව සජීවීව විකාශය කිරීමට ද ඉන්දීයාවේ ඇතැම් රූපවාහිනි මාධ්‍ය ආයතන කටයුතු කළේය.
ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය න්‍යාය පත්‍රය සකසනුයේ මහජන ලැදියාව සහ ප්‍රතිපත්තිමය කරුණු පදනම් කරගෙනය. ශ්‍රේෂ්ඨාධිකරණයේ අපක්ෂපාතීත්වය ගිලිහී ඇතැයි ද එම විනිසුරු මාධ්‍ය හමුවේදී චෝදනා කළහ. ඔවුහු එහිදි ඉන්දියාවේ අගවිනිසුරු දීපක් මිෂ්රා ද විවේචනය කළහ. අගවිනිසුරුවරයා සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ කටයුතු විවේචනය කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් සිව්දෙනාම අගවිනිසුරුවරයාගේ නීති විද්‍යාල සමකාලීන මිතුරන් බව ද පැවසේ.
පසුගිය මාස කිහිපයේදී ඇතැම් නඩු කටයුතු සඳහා විනිසුරුවරුන් තෝරාගැනීම විනිවිදභාවයකින් තොරව සිදු ව ඇතැයි ද එම විනිසුරුවරු චෝදනා කළහ.
055



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේත් වැඩි වෙනසක් නැහැනේ..
ඉන්දියාවේ අධිකරණ සහ විදේශ යන සේවාවල නිලධාරීන් 100% ම සැබෑ ලෙසින්ම නිත්‍ය සුදුසුකම් ලත් පිරිසක්. එවැනි අයවලුන් නගන හඬ බලවත් . දැනට සිටින ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් 25 දෙනා අතර 2,3,4,5 ( 1 ට අගවිනිසුරු දීපාක් මිස්රා මැතිතුමා ) ට ( ධූරාවලි ජ්‍යෙෂ්ඨත්වය අනුව ) පිළිවෙලින් ඉන්නේ මේ මැතිතුමන්ලා හතර දෙනා. නරේන්ද්‍ර මෝදී අගමැති තුමාට මේ විරෝධය හිසරදයක් වීමට තිබෙන ඉඩකඩ වැඩි වෙන්නත් පුළුවන්.