(මහින්ද නිශ්ශංක)
සහල් ගෙන්වන බවට ප්‍රකාශ කොට නිතිවිරෝධී ලෙස ගෙන්වන ලද තහනම් ග්ලයිෆෝසෙට් කුඩු කිලෝ 2820 ක් රේගු මධ්‍යම භාණ්ඩ පරික්ෂණ අංශය මගින් අද (12) අත්අඩංගුවට ගෙන ඇත.
ඉන්දියාවේ තූත්තුකුඩියේ සිට පිටකොටුවේ ආහාර ද්‍රව්‍ය ආනයනකරුවකු ගෙන්වන ලද මෙම ග්ලයිපෝසෙට් තොගයේ වටිනාකම රුපියල් 3226092 ක් බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය අධ්‍යක්ෂක සුනිල් ජයරත්න මහතා පැවසීය.
සහල් බෑග්වල අඩංගු කර ග්ලයිපෝසෙට් ගෙනවිත් තිබු අතර ග්ලයිපෝසෙට් රැගෙන ආ කන්ටේනරය තුළ තිබී රුපියල් 1344787 ක් වටිනා කැඩුණු සහල් කිලෝ 21850 ක් ද සොයාගෙන ඇත.
මේ පිළිබඳව රේගුව වැඩිදුරටත් පරික්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කඩුවත් ඇත. මඩුවලිගයත් ඇත. ඒත් කුමක් කරයිදැයි නොදනී. (අසාධු ලේඛන ගත වෙයිද?)
ලංකාවේ නීතියේ තියෙනවා අනියම් මිනී මැරීමට කුමන්ත්‍රණය කිරීම, සමූහ ඝාතනයට කුමන්ත්‍රණය කිරීම සහ තැත් කිරීම කියා දෙයක්. උපරිම දඬුවම අවුරුදු 20 හිරේ දැමීම සහ දඩ. නඩු පැවරිය යුත්තේ අන්න ඒ අනුවයි. තහනම් බඩු ගෙන්වීම යටතේ නෙවෙයි.