(මොහොමඩ් බුහර්ඩීන්)
දඹුල්ල කුරුණැගල ප්රධාන මාර්ගයේ ගලේවෙල දිවුල්ගස්කොටුව ප්රදේශයේ දී අද (12) වෑන් රථ අනතුරකින් පුද්ගලයින් 9 දෙනෙක් තුවාල ලබා ගලේවෙල දිසා රෝහලට ඇතුළත් කර ඇතැයි ගලේවෙල පොලිසිය පවසයි.
කල්මුනේ ඉස්ලාම්බාද් සිට තිහාරියේ ඥාති නිවසක් බලා යමින් සිටි පිරිස රැගත් වෑන් රථයේ රියදුරුට එහි වේගය පාලනය කරගත නොහැකිව ගලේවෙල දිවුල්ගස්කොටුව ප්රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන අසල තිබු කම්බි වැටක්ද කඩාගෙන විත් තාප්පපයක ගැටී අනතුර සිදුව තිබේ.
වැඩිදුර ප්රතිකාර සඳහා 6 දෙනෙක් දඹුල්ල මුලික රෝහලට මාරුකර යවා ඇති බවත් මොවුන් අතර කාන්තාවන් තිදෙනෙක් දරුවන් දෙදෙනෙක් සිටින බව ගලේවෙල පොලිසිය පවසයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්ලාමාබාද් කොහෙද බොලේ ලංකාවේ?
මම ඉන්නේ පකිස්තානේද... ?
මම, ලංකාවේ ඉන්න කාලේ නම් කල්මුනේ ඔය කියන ඉස්ලාමාබාද් කියල එකක් නම් තිබුනේ නැහැ. මගේ දැනීමේ හැටියට. ඉතින් කාලයාගේ ඇවෑමෙන් එහෙම එකක් තියෙනවද දන්නෙත් නැහැ. ලංකාවනේ.!
කල්මුණේ සහ පාකිස්තානයේ වෙනස මොකක්ද?