(අංජුල මහීක වීරරත්න)
වත්මන් ජනාධිපතිවරයාගේ ධූර කාලය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම හේතුවෙන් යහපාලනය පිළිබඳව ජාතික රජයේ හවුල්කාර පක්ෂ උග්‍ර දේශපාලන අර්බුදයකට මුහුණදී සිටින බව එම පක්ෂය තමාට දැන්ම් දී ඇතැයි සභානායක, උසස් අධ්‍යාපන සහ මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
ජනාධිපතිධූර කාලය වසර 5ක්ද, 6ක්ද යන්න පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොබෝදා ලිඛිත ඉල්ලීමක් කළේය.
ජනාධිපතිවරයාගේ මෙම ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන තුරු යහපාලන ජාතික රජයේ හවුල්කාරපක්ෂ නායකයන් ඒ ගැන කිසිවක් දැන නොසිටි බව ඔවුන් තමන්ට දැනුම් දුන් බවද අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කියයි.
වත්මන් ජනාධිපතිවරයා බලයට පත්කිරීමට කටයුතු කළ පක්ෂ දැනුවත් නොකර මෙසේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම හේතුවෙන් ජාතික රජයේ හවුල්කාර කුඩා පක්ෂ අතර බරපතළ දේශපාලන අර්බුදයක් නිර්මාණය වී ඇති බව එම පක්ෂ වල නායකයන් තමාට දැන් වූ බවද කිරිඇල්ල මහතා පවසයි.
වත්මන් ජනාධිපතිධූර කාලය පිළිබඳව මේ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය නොවිමසූවද ලබන ඔක්තෝම්බර් මාසයේදී ජනාධිපතිවරණයට අදාළ ගැසට් නිවේදනය නිකුත් කළ යුතුව ඇත.
මේ පිළිබඳ අදහස් දැක්වූ හිටපු දිසා විනිසුරුවරයෙකු වන අනුර සෙනෙවිරත්න මහතා පැවසුවේ මැත්වරණ කොමිසම විසින් ජනාධිපතිවරණයට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමෙන් පසුව ජනාධිපතිධූර කාලය වසර පහද හයද යන්න ගැන ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසුවේ නම් මේ පිළිබඳ උනන්දුවන පාර්ශව වලට නීතිය හමුවට යෑමට අවස්ථාව ලැබෙන බවයි.
මේ අවස්ථාවේදී ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසා ඇත්තේ ජනාධිපතිධූරය කාලය පිළිබඳ මතයක් වන හෙයින් මෙම ඉල්ලීම සලකා බලන ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඬුල්ල පලකරන මතය තීන්දුවක් ලෙස සැලකිය නොහැකි යැයි ද හිටපු දිසා විනිසුරු අනුර සෙනෙවිරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ඉහත පසුබිම යටතේ මේ කාරණා මුල්කර ගනිමින් රජයේ හවුල්කාර පක්ෂ මෙන්ම නීති ක්ෂේත්‍රය තුළද අතිශය ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වීම නොවැලැක්විය හැකි බවද අනුර සෙනෙවිරත්න මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕනෑ කිබුලෙකුට හැක දියයට පීනන්න...
ඔය කතා වලින් අපිට තේරෙන දේ, මණ්ඩලය කචල් කියලයි. බැඳුම්කර එළියට දැම්මට තරහ වෙලා වගේ. හැබැයි ජනාධිපතිතුමා කරන්නේ හරි දේවල්, ඒක මතක තියා ගන්න... කිරිඇල්ල උන්නැහේ....
ඔයත් කෑලඹිලා නන් දොඩවනවා.
මම හිටන් අවුරුදු හතරකට වඩා දවසක්වත් මේ ජනාධිපති තනතුරේ ඉන්නෙ නැහැ හිටන්...
කලබල වෙන්න අවශ්‍යතාවයක් නැත. ජනාධිපතිතුමා අවුරුදු 5 ට වැඩියෙන් ධුරකාලයේ ඉන්නවට ඔයගොල්ලෝ අකමැති නම් ඒබව ජනාධිපතිතුමාට දැනුම් දෙන්න පුළුවන්... ඔහු ඔබලාගේ කීම අහන්නේ නැතිනම් ඔබලාට පුළුවන් තව අවුරුදු 1 1/2ක් විතර දෝෂාභියෝගයක් ගෙන එන්න..
පනත ගෙනාවේ තමන්ගේ බලතල අඩුකරගන්න ලෝකයේ පළමු ජනපති බව පවසමින්... එසේනම් අවුරුදු 5 න් ඡන්දය තිබීම හොඳයි නේද?
බලාගෙන ගියහම තමන්ගේ බලතල අඩුකරගත් ලංකාවේ එකම ජනාධිපති කියල කිව්වට ඔබතුමා බලතල අඩුකරලා තිබෙන්නේ ඉදිරියට පත්වෙන ජනාධිපතිගේ නේද?
ඔබලාත් හවුල්කාර පක්ෂයක්නේ. සිරිසේන හිටියත් නැතත් ලබන සැරේ දෙනවා හොම්බෙන් යන්න..
දිලිප් වෙදආරච්චි නියෝජ්‍ය ඇමතිතුමා රන්නේදී රැස්වීමකදී කියලා තිබුනේ ජනාධිපතිතුමා අවුරුදු 6ක් හිටියට එයාට සහ එජාපෙට කිසිම ප්‍රශ්නයක් නැහැ... අනිත් කට්ටිය සාටකයේ එල්ලිලා ඉන්න කොට, එ් ගොල්ලන් එතුමා පත්කරගත්තේ කියලා. මේ ගොල්ලන් මොනවා කිව්වත් 2020 පාර්ලිමේන්තු ඡන්දෙදි ජනාධිපතිතුමා එජාපෙට හොම්බෙන් යන්න හොඳ ඡන්ද සටනක් දෙනවා.
සිද්ද වෙන දේවල් දැකලා, 2014 දුන්නු පොරොන්දු සිහි කරමින් අපි නම් කැළඹීමට පටන් අරගෙන දැන් හුඟාක් කල්.