ඉන්දිකා රාමනායක
තීරුබදු රහිතව මෙරටට රැගෙනවිත් තිබු රුපියල් ලක්ෂ 15 ට ආසන්න වටිනාකමකින් යුත් විදෙස් මත්පැන් බෝතල් 108 ක් හා විදෙස් දුම්වැටි 9000 ක් අද (12) කොච්චිකඬේ පල්ලිය ආසන්නයේ දී අත්අඩංගුවටගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.
වෑන් රථයකින් හොර රහසේම අලෙවි කිරීම සඳහා මෙම විදෙස් මත්පැන් හා දුම්වැටි තොගය රැගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගැනීම සිදුවී තිබේ.
මෙම ජාවාරමට රේගුවේ ඇතුම් උසස් නිලධාරීන් සම්බන්ධ බවත් සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් දෙදෙනා රේගු නිළ ඇදුමෙන් සැරසී සිටි බව විශේෂ කාර්ය බලකායේ අනදෙණ නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම් ආර් ලතීෆ් මහතා පැවසීය.
මොවුන් මේ අයුරින් වාරායේ සිට නීති විරෝධී මත්පැන් ඇතුලූ භාණ්ඩ හොර රහසේ ප්‍රවාහනය කරන බවට ප්‍රශ්න කිරීම් වලදී හෙළි කරගෙන ඇත.
අත්ඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු ඔවුන් පිටකොටුව පොලිසියට බාර දීමට නියමිතව තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවට අල්ලනවද ....ගැහැණුන්ටත් හොඳට පොවන්න හදන රටේ පරදේසක්කරයින්ට අරක්කු ස්ටෝර්ස් අරින්න දෙන රටක ඕකත් කජ්ජක්ද?
යල් පැනපු වික්ටෝරියානු නීති තියාගෙන මේක අරාබියක් කරන්න ද ඕනා. දැන් යුරෝපේ, ඇමරිකාවේ, චිනේ, ජපානේ මත්පැන් ඕනා තරම් තියනවා, ගැහැණු බාර් වල වැඩ කරනවා ඔය ඒ අය ඉන්නේ යසට. අපිට වැරදුනේ අපේ දේශපාලුවෝ නිසා වගේම ගෝත්‍රිකව හිතන ජනතාව නිසා.
මත්පැන් ගෙනාවේ කොහොමද බදු ගෙවලාද නැද්ද කියන එක බොන අපිට ප්‍රශ්නයක් නොවෙයි. අපි ඕවා කොහොම ගෙනාවත් කමක් නැත. අපේ අතට ලාබෙට ලැබෙනවානම්.