කොළඔ නගරයේ මගි ප්‍රවාහනය සඳහා විදුලි බස් රථ 18ක් ධාවනයට එක් කිරීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සැලසුම්කර තිබේ.
විදුලි බස් රථ වල අඩංගු විය යුතු ප්රමිතීන් ඇතුලත් ව්‍යාපෘති වාර්ථාවක් මණ්ඩලය විසින් සකස් කොට ප්‍රවාහන අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කොට ඇත. ඒ අනුව ටෙන්ඩර් කැඳවා මෙම බස් රථ මිලදී ගන්නා බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමල් සිරිවර්ධන මහතා පැවසීය.
ශ්‍රී ලංගමයට අලුතෙන් විදුලි බස් රථ 50ක් මිලදී ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් රුපියල් මිලියන 500ක මුදලක් භාණ්ඩාගාරයෙන් ලබා ගෙන ඇත. එම මුදලෙන් පලමු අදියර යටතේ විදුලි බස් රථ 18 ක් මිලදී ගන්නා අතර ඒවා මේ වසර ඇතුලත කොළඔ නගරයේ මගී ප්‍රවාහනයට යොදවන අතර ඉතිරි බස් රථ තදාසන්න ප්‍රදේශ වල ධාවනය සඳහා යෙදවීමට සැලසුම් කොට ඇති බවද සභාපතිවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වාහනවල තියෙන යෝධ බැටරි චාජ් කරන්න විදුලිය කොහෙන්ද ගෙනෙන්න ඉන්නේ? විදුලි කම්බි යොදා භාවිතා කරන්න යනවා නම් එ්කටත් අලුතෙන් විදුලි රැහැන් අදින්නත්, විදුලිය දෙන්නත් විශාල වියදමක් සහ කාලයක් ගතවේවි. ඡන්දෙට කලින් නම් කෙරෙන එකක් නැහැ. දෝලාවෙන් කතා කරකර පයින් යන්න වෙන ව්‍යාපෘතියක් වත්ද මේකත්?
හොඳ වැඩක්... පරිසර හිතකාමී වගේම ලාභදායී ක්‍රමයක්...
මේ කියන විදිහට ට්‍රොලිබස් තමයි ගේන්න යන්නේ. ට්‍රොලිබස් වලට වෙනම රැහැන් පද්ධතියක් හා විශේෂ පුහුණුව ලත් රියදුරන් අවශ්‍යයි. මම ට්‍රොලිබස් රටවල් කිහිපයක දැක තියෙනවා. (රැසියාව, යුක්රේනය, බෙලරුස්, ඉතාලිය..) ලංකාවට කොතෙක් ගැලපේදැයි සැකයි. මොකද නියමිත මාර්ගයක යන්න පුලුවන් මෙවැනි බස්නිසා කොලඹ තදබදය වැඩිවිය හැකියි.
මෙම බස් නඩත්තු කිරීම සදහා පුහුණුවලත් ආයතනයක් කාර්මිකයින් අවශ්‍යයි. 80 දශකයේ ලංගමට ගෙනාපු ISUZU automatic transmission සහිත බස් රථ, ඩිපෝවල සිටිය අය කාර්මික දැනුමකින් තොරව විනාශ කළා වගේ. මේවාට අත තැබීමට නොදිය යුතුය.
මේවා ට්‍රොලි බස් වෙන්න බැහැ. මේවා ඉලෙක්ට්‍රික් කාර් වගේ ඉලෙක්ට්‍රික් බස්. හැබැයි ඉතින් ගන්න බ්‍රෑන්ඩ් එකයි ඒවා නඩත්තු කරන එකයි හොඳට තියෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. හොඳ පියවරක්.
අපේ රට හදන්න බෑ කවදාවත් මේ මෝඩ මිනිස්සු ඉන්නකම්
විදුලි බස් රථ කියන්නේ අපිට අද හරිත ප්‍රවාහන සේවයක් සඳහා අවශ්‍යම දෙයක්. එහි පරිසර දූෂණ අගය බින්දුවයි. මේ විදුලි බස් රථ අර දෙවන ලෝක යුද්ධ කාලේ වගේ විදුලි රැහැන් වලින් බලය සපයන පරණ ට්‍රොලි බස් නෙමේ. මේවගේ විදුලිය අවශ්‍ය පරිදි රැස්කර ගත හැකි ලිතියම් බැටරි තියෙනවා. ඒවා නැවත චාජ් කරන්න යන්නේ ඉතා අඩු කාලයක් සහ විදුලිය ප්‍රමාණයක්. මේ තීරණය ඉතා හොඳ සහ අද ලෝකයේ හැම රටක්ම ක්‍රියාත්මක කරන දෙයක්. මේවගේ ඩබල් ඩෙකර් බස් රථත් තියෙනවා. ඒවා ලංකාවේ හදන්න පුළුවන්. අපි ඉතා ඉක්මනින් ඩීසල් වැනි ඉන්ධන් වලින් ඈත් විය යුතුයි. නවදිල්ලි උදාහරණය අනුව කොළඹට එන ඩීසල් වාහන ඉතා ඉක්මනින් තහනම් කිරීමට සිදුවේවි. සමන්ත
විදුලි වාහන ගෙනාවොත් තෙල් භාවිතය නවතිනවා. එතකොට අපි තෙල් ගෙන්වීම නවතනවා. එවිට අදායම් නැතිවීම නිසා තෙල් නිපදවන රටවල් පිටරැටියට රැකියාවල් දීම නවත්වනවා. යුරෝපය තෙල් භාවිතය නිසා වක්‍රව ආදායම් ලැබුවේ අපි වගේ රටවල්.
මොන බස් ගෙනාවත් යන්න ඕන පාරේ නේ. විදුලි බස් කියලා උඩින් යන්නද?
ටාටා වගේ ජරාවක් ඉන්දියාවෙන් ද ගන්නේ?
රමල් සිරිවර්ධන මහතා වෙතයි, ඔබතුමා දන්නවද මන්දා අනිල් මුණසිංහ මහත්තයා ඔය පුටුවේ ඉන්න කාලේ... ෆියට් බස් වෙනුවෙන් ලැබුණු කොමිස් එකට මණ්ඩලේට කාර් ගත්ත නිලධාරීන්ට පාවිච්චියට. කවුරු හරි අහයි, ඇයි ෆියට් ගත්තේ මොකද කියලා? ඒ වෙනකොට පංචිකාවත්ත පුර ලේලන්ඩ්, ටාටා හැම තැනම නිසා, හොරකම අඩු කිරීමට ගත් පියවරක් ලෙසයි මම දකින්නේ. මම අහන්නේ, එතනින් පසු කවුද තමුන්ට ලැබුණු කොමිස් එකෙන් ජනතාව වෙනුවෙන් පරිත්‍යාගයක් කාලේ... රමල් මහත්තයෝ, දැන් ඔය ගෙනෙන්න හදන බස් රථවල් ජනෙල්වල අරින ප්‍රමාණය ගැන දැනුවද්ද? කණගාටුයි මෙහෙම ඔබගෙන් ඇසීම ගැන. මොකද? ලංගම මගේ සේවා කාලයේ ඉසූසු ඔටෝ බස් වගයක් ගෙනාවා... 1986න් පස්සේ... ඒවායින් දවස් කීයද වැඩ ගත්තේ? සමහර බස් ඒ කාලේ අාවා, ජනෙල්, වීදුරු අරින්න පුළුවන් උඩින් අඟල් 5ක් පමණයි. ඒ කාලේ මේවා තොරා ගත්තේ ඉංජිනේරුවෝ නෙමේ. හෙඩ්ඔෆිස් එකේ ඉන්න අය බව මට නම් පැහැදිලියි. මමත් ලංගමට මැරෙනකන් සේවය කරන්න හිතුවත් මේ හින්දා මම අයින් වුණා. ඒ 1990 දි..
ලුසේනා මහත්තයෝ ඔබත් එක්ක මම එකඟයි.1980 සිට 1990 මැදක් වන තෙක් මම ලංගම කාර්මිකයකු හැටියට සේවය කලා. ඒ කාලේ තමයි ඔය කියන ඉසුසු ඔටෝ බස් ගෙනාවේ. ඒ වෙලාවේ ,මම දන්නා තරමින් , කිසිම ඉංජිනේරු තනතුරකට සුදුසුකම් නැති අය ගියා කියන එකයි.. මතක අය ඉන්නවා නම්, බලන්න ඒ බස්වල ජනෙල් වීදුරු අරින්න පුළුවන් අගල් 4 වගේ සුළු ප්‍රමාණයක්.. එය කොතෙක් දුරට ලංකාවට ගැලපේද? රමල් සිරිවර්ධන මහත්තයාට අවබෝධය ඇතිවේවා. ඉදිරි කටයුතු කරන්න ඔබට ශක්තිය ලැබේවා! :ලංගමට ආදරය කරන කෙනෙක් මම...
හොද වැඩක්. ලංකාවේ ඕනෑතරම් හිරු එලිය තියෙන නිසා සූර්ය බලයෙන් මේවා චාර්ජ් කරන්න පුළුවන් නම් හොදයි
ණයට තෙල් ගහලා විදුලිය නිපදවන රටක විදුලි බස් හරි හිනා. අපීට තෙල් ආකාර මතුවෙන්නේ ඡන්දෙ ලංවෙද්දි විතරයි
ලංකාවෙ පටවන විදියට සෙනග දැම්මොත්නම් මේ බසුත් සුන් තමයි, නැත්නම් ජෙනරේටරයකුත් ඇදගෙන යන්න වෙනවා චාජ් කරන්න.