පළාත් පාලන මැතිවරණයට අදාළ ගැසට් පත්‍රය බදාදා පළාත් පාලන මැතිවරණයට අදාල සභික සංඛ්‍යාව සඳහන් වන ගැසට් පත්‍රය ලබන බදාදා (නොවැම්බර් 1) නිකුත් කරන බව පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයසිර් මුස්තාපා මහතා ප්‍රකාශ කළේය. 27 October 2017
කතරගම තොරතුරු මධ්‍යස්ථානයත් ඉවතට කතරගම නගරයේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේදී නාගරික සංවර්ධන අධිකාරිය විසින් කතරගම නගරයේ තිබූ තොරතුරු මධ්‍යස්ථානයද ඉවත් කරනු ලැබ ඇතැයි අනවසරයෙන් වෙළෙඳ සල් ඉදිකර ගෙන තිබූ වෙළෙන්ඳෝ චෝදනා කරති. 27 October 2017
කොරියාවේ හොඳම තානාපති කාර්යාලයට හිමි සම්මානය ශ්‍රී ලංකාවට කොරියාවට ශ්‍රමිකයින් එවනු ලබන රටවල තානාපති කාර්යාල අතර 2017 වසරේ හොඳම තානාපති කාර්යාලය ලෙස කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තේරී පත්වී ඇත. 27 October 2017
වෛද්‍ය සිසුන්ගේ දෙමාපියෝ අනතුරු අඟවති සයිටම් අර්බුදය විසදීමට රජය අසමත් වුවහොත් සිය උපවාසය ඉදිරියේ දී මාරාන්තික උපවාසයක් දක්වා වර්ධන කිරීමට බලාපොරොත්තු වන බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයේ ලේකම් නිතිඥ ගාමිණී ඒකනායක මහතා පවසයි. 27 October 2017
ගුරු උසස්වීම් ලක්ෂයක් ඇණහිටලා අධ්‍යාපන අමාත්‍යාංශය වසර තුනකට ආසන්න කාලයක් ගුරු උසස් වීම්වලට අදාළ වැඩපිළිවෙලක් සකස් නොකිරීම හේතුවෙන් ගුරුවරුන් ලක්ෂයකට අධික පිරිසකගේ උසස් වීම් මේ වනවිට ඇණහිට ඇති බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි. 27 October 2017
පල්ලෙකැලේ රක්ෂිතයේ දැව කැපු දෙදෙනෙක් අත්අඩංගුවට අනුරාධපුර, මාතලේ, කුරුණෑගල දිස්ත්‍රික්කයත් අතර මායිම්ව පිහිටි කහල්ල පල්ලෙකැලේ අභය භූමිය සහිත රක්ෂිතය මහා පරිමාණයෙන් යන්ත්‍ර සූත්‍ර දමා එළිපෙහෙළි කිරීමේ ජාවාරමක් හෙළි කරගැනීමට ගල්කිරියාගම වනජීවී නිලධාරී සමත්වුහ. 27 October 2017
රංගන ශිල්පී ටයිටස් ඇන්තනී කළුරිය කරයි ප්‍රවීන රංගන ශිල්පියකු හා මාධ්‍යවේදියකු වන සේනක ටයිටස් ඇන්තනී මහතා සිංගප්පූරුවේ දී අභාවප්‍රාප්ත වී ඇත. 27 October 2017
කටාර් රජුගෙන් ජනපතිට උණුසුම් පිළිගැනීමක් කටාර් රාජ්‍යයේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (26) පස්වරුවේ කටාර් රජ මාළිගාවට ගිය අතර කටාර් රජු වන තමීන් බින් අහමඩ් අල් තානි එමීර්වරයා විසින් ඉතා උණුසුම් ලෙස ජනපතිවරයා පිළිගනු ලැබීය. 26 October 2017
උසස් පෙළ මාධ්‍ය අධ්‍යයනය ගැන යළි සලකා බලන්නැයි ඉල්ලීමක් උසස් පෙළ සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයනය නව විෂය නිර්දේශය ගැන යළි සලකා බලන්නැයි ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්යක්ෂ ජනරාල්වරියගෙන් ඉල්ලීමක් කළ බව ලංකා ගුරු සංගමය කියයි. 26 October 2017
පාසල් සිසුන්ට ආහාර වේලක් පාසල් සිසුන් වෙත පාසල් වේලාව තුළ දී පෝෂ්‍යදායි ආහාර වේලක් සපයා දීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.අමාත්‍යවරයා මේ බව පැවසුවේ ජාතික අධ්‍යාපන ආයතනයේ දී අද (26) පැවති උත්සවයකට එක්වෙමිනි. 26 October 2017
මීරිගම දුම්රියෙන් මැදිරි වෙන්වෙයි කොළඹ කොටුවේ සිට මීරිගම බලා අද පස්වරු 4.25ට ගමන් ආරම්භ කළ දුම්රියේ මැදිරි කිහිපයක් හුණුපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රියෙන් වෙන්වීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ රාගම සහ මරදාන අතර දුම්රිය ප්‍රමාද වන බව පාලක මැදිරිය කියයි. 26 October 2017
ව්‍යාජ නිධන් වස්තු සමග තුනක් සැකපිට නිධානයකින් ලබාගත් වටිනා පුරාවස්තු බව පවසා ලක්ෂ 35කට අලෙවි කිරීමට සූදානම් කර තිබූ වර්ණාලේපිත මරංචි තොගයක් සහ බුදු පිළිමයක් මැදිරිගිරිය මීගස්වැව නිවසකින් අද (26) අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව දිසා දූෂණ මර්දන අංශය කියයි. 26 October 2017
බෝම්බ ගැසූ දෙදෙනෙක්ට වසර 35කට පසු මරණ දඬුවම බෝම්බයක් පුපුරවා කුරුණෑගල වැල්ලව ගොඩයාය වත්තේ මුරකරු ඝාතනය කර ඔහුගේ බිරිඳගේ එක් ඇසක් අන්ධ කළැයි දෙදෙනකුට මරණ දඬුවම නියම කිරීමට වයඔ පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණයේ විනිසුරු සුමුදු පේ‍්‍රමචන්ද්‍ර මහතා අද (26) නියෝග කළේය. 26 October 2017
කෝමාරික ජනපදයේ ඇළ යළිත් ගිලා බසී කෝමාරීක ගොවිජනපදයට දියවර සපයන ඩී දෙක ඇළ මාර්ගය පතුලේ සිදුවූ ගිලා බැසීමකින් අනතුරුව පස් පුරවා පිළිසකර කරමින් තිබූ එම ස්ථානය අද(26) යළිත් ගිලා බැසීමට ලක්ව ඇතැයි ප්‍රදේශයේ ගොවි ජනතාව පවසති. 26 October 2017
මාළු වර්ග රැසක් ආනයනය තාවකාලිකව නවතයි තලපත් සහ කොප්පරා යන මත්ස්‍ය වර්ග හැර ටින් මාළු ඇතුළු අනෙකුත් මාළු වර්ග ආනයනය කිරීම තාවකාලිකව නවතා දැමීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය තීරණය කර තිබේ. 26 October 2017
විශ්‍රාම ගිය නාවික හමුදාපතිට උසස්වීමක් ශ්‍රී ලංකාවේ 21 වැනි නාවික හමුදාපතිවරයා වශයෙන් සේවය කර අද(26) විශ්‍රාම ගිය වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා අද්මිරාල් නිලයට උසස් කරනු ලැබ ඇතැයි නාවික හමුදාව කියයි. 26 October 2017
රොක්වුඩ් වත්තේ පවුල් 17ක් ඉවත් කෙරේ හේවාහැට ප්‍රදේශයට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් රොක්වුඩ් වතු යායේ අංක දෙක කොටස ප්‍රදේශයේ නායයෑමේ අවදානමක් ඇති බැවින් එහි පවුල් 17ක 50 දෙනෙකු ආරක්ෂිත ස්ථානකරා යොමු කර ඇත. 26 October 2017
‘උමා ඔය කාන්දුව අඩු කරගත්තා‘ උමා ඔය ව්‍යාපෘතියේ ජල කාන්දුව තත්පරයට ලීටර් 1400 සිට තත්පරයට ලීටර් 500 දක්වා අඩු කරගැනීමට හැකි වූ බව ව්‍යාපෘති අධ්යක්ෂ ආචාර්ය සුනිල්ද සිල්වා මහතා පවසයි. 26 October 2017
අන්තරේ ලහිරු හා ටැම්පිටියේ හිමි යළි රිමාන්ඩ් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර සහ අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමි ලබන ඔක්තෝබර් 31වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද(26) නියෝග කළේය. 26 October 2017
කුරුවිට අනතුරකින් තිදෙනෙක් මරුට රත්නපුර කොළඹ ප්‍රධාන පාරේ කුරුවිට, පුස්සැල්ල ප්‍රදේශයේ දි අද(26) ති‍්‍රරෝද රථයක් හා බවුසරයක් ගැටී සිදුවූ අනතුරකින් ත්‍රිරෝද රථයේ ගමන් කළ තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව එක් අයෙක් බරපතල තුවාල ලබා ඇතැයි කුරුවිට පොලීසිය පවසයි. 26 October 2017
පොලිසියට බියෙන් පලා ගිය ලොරියේ ගැටී දෙදෙනකු මරුට පොලිසිය පසුපස හඹා ඒම නිසා අධික වේගයෙන් ධාවනය කළ ගවයන් පැටවූ ලොරියක ගැටී රාජකාරියට යමින් සිටි එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු අද (26) මිය ගොස් ඇත. 26 October 2017
උමා ඔයට විශේෂ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයක් උමා ඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මක ප්‍රදේශ ආශ්‍රිතව විශේෂ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයක් නොවැම්බර් 1 වැනිදා සිට ස්ථාපිත කරන බව ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් කිංස්ලි ප්‍රනාන්දු මහතා අද(26) පැවසීය. 26 October 2017
ප්‍රසන්න රණතුංගට හා බිරියට රට යෑමට අවසර මීතොටමුල්ල ප්‍රදේශයේ පදිංචි පිරිසක් ඉවත්කොට එම ඉඩම ලබාදීමට ව්‍යාපාරිකයකුගෙන් රුපියල් මිලියන 64ක් ලබාගෙන වංචා කළැයි බස්නාහිර පළාත් හිටපු මහ ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා හා ඔහුගේ බිරිඳ මොරින් ස්ටෙලා රණතුංගගේ නඩුව ලබන පෙබරවාරි 14වැනිදා විභාග කිරීමට කොළඹ මහාධිකරණය අද(26) තීරණය කළේය. 26 October 2017
ඉඩම් මැනීම නවතා මුල් ඉඩම් දෙන්නැයි විරෝධතා ඉඩම් මැනීම නවතා වට්ටුවාක්කල් පාලම අසල නාවික හමුදා කඳවුරට අයත් භූමියේ ඇති සිය මුල් ඉඩම් තමන්ට ලබා දෙන ලෙස ඉල්ලා මුලතිව් වට්ටුවාක්කල් පාලම මත හිඳගනිමින් පිරිසක් අද (26) විරෝධතාවක් කළහ. 26 October 2017
මීගහකිවුල වෙල් යායක ගිලා බැසීමක් මීගහකිවුල තල්දෙන මාලිගාතැන්න වෙල්යායේ ඉකුත් 21 වැනිදා පෙරවරුවේ ගිලා බැසීමක් සිදුවූ ස්ථානයට කිලෝමීටරයක් පමණ ඈතින් පිහිටි තල්දෙන යහලතැන්න වෙල්යායේ කෙත් ඇළක් සමීපයේ ද ඊයේ සවස 5.00 ට පමණ විශාල ගිලා බැසීමක් සිදුවී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. 26 October 2017
පිළිකා රෝහලට බළලුන්ගෙන් තර්ජනයක් මහරගම පිළිකා රෝහලේ ඇතැම් වාට්ටුවල බළලුන් ළැඟුම් ගෙන සිටීම නිසා එහි ප්‍රතිකාර ලබන තමන් අපහසුතාවයට පත්ව ඇතැයි රෝගීහු පවසති. 26 October 2017
නම වෙනස් කළැයි අදත් විරෝධතා හැටන් තොන්ඩමන් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ නම වෙනස් කිරිමට එරෙහිව ලංකා කම්කරු කොංග්‍රසයේ මධ්‍යම පළාත් සභා මන්ති‍්‍රවරුන් පිරිසක් හා ආධාරකරුවන් පිරිසක් හැටන් ඔරලෝසු කණුව ඉදිරිපිට අද (26) උද්ඝෝෂණයක් ආරම්භ කළහ. 26 October 2017
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි සසළ වෙයි මොහොමඩ් සියාම් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන අත්අඩංගුවට ගැනීමට යද්දී ඔහු කළ තර්ජනය නිසා තමාගේ සහ තම අඹුදරුවන්ගේ ජීවිත බිළිබඳ බියක් ඇති වූ බව රහස් පොලිසියේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානී අබේසේකර මහතා කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ අද (25) පැවසීය. 25 October 2017
බැඳුම්කර කොමිසමේ කාලය තවත් සති 6කින් දිගු වෙයි බැඳුම්කර කොමිසමේ කාලය තවත් සති 6කින් දීර්ඝ කිරීමට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පියවර ගෙන ඇත. 25 October 2017
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026