කුෂාන් ජයවර්ධන
 
කැකිරාව දිසා මහේස්ත‍්‍රාත් අධීකරණ භූමියේ ඇතිවූ ගින්නක් මැඩ පැවැත්වීමට කැකිරාව පොලිසිය හා දඹුල්ල ගිණී නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීහු අද (15) සමත්වූහ.
 
කැකිරාව දිසා මහේස්ත‍්‍රාත්වරයාගේ නියෝග අනුව විනාශ කිරීමට නියමිතව තිබූ රුපියල් ලක්ෂ 60ක් පමණ වටිනා තහනම් දැල් තොගයක් අධිකරණය භූමිය තුළ විනාශ කිරීමට ගිය අවස්ථාවේ ගින්න හට ගෙන ඇති බව පොලිසිය කියයි.
 
ගින්න පැතිර යාමත් සමඟ අධිකරණය භූමිය අවට ප‍්‍රදේශය කලූ දුමාරයකින් වැසී ගිය අතර පොලිසිය හා ගිනි නිවීම් නිලධාරීන් එක්ව ගින්න මැඩ පැවැත්වීම නිසා ජීවිත හෝ අධීකරණ භූමියේ දේපළවලට සිදුවීමට තිබූ හානිය වැලකී ගොස් තිබූ අතර අධිකරණ කටයුතු වලට හෝ අදාළ ලිපිලේඛන ආදී කිසිවකටද මෙම ගින්නනෙන් හානි සිදුව නැති බව පොලිසිය කියයි.